සංග්රාම භූමිය
ගුවනින් භාණ්ඩ හෙළීම යනු ලෝකයට අලුත් දෙයක් නොවේ.මෙසේ ගොඩබිමින් ලඟාවිය නොහැකි ස්ථානවලට අවශ්‍ය යුදෝපකරණ,ආහාර ආදිය මෙන්ම සන්නාහ සන්නද්ධ රථ පවා මෙලෙස පැරෂුට් ආධාරයෙන් බිම හෙළනු ලැබේ.මේ කියන්නට යන්නේ පැරෂුට් ආධාරයෙන් අවශ්‍ය ස්ථානයක් වෙත හෙළිය හැකි පළමු ගුවන් ආරක්ෂක පද්ධතියක් සහිත රථය ගැනයි.මෙය නිර්මාණය කරමින් තිබෙන්නේ රුසියාවේය.
රුසියාව විසින් නිර්මාණය කරන මෙම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය BMD-4M නම් රථය මත පදනම්ව තිබෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියි.රුසියානු වාසර බලකා(Airborne Forces) දැනට සේවා ලබාගන්නේ වැඩිදියුණු කල Strela-10 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියයි.මෙහි පළමු මොඩලය මෙහෙයුම් සඳහා යොදාගැනීම ඇරඹුණේ 1976 වසරේ බවයි සඳහන් වන්නේ.
මිසයිල ආරක්ෂක පද්ධතිය BMD-4M නම් සංග්‍රාමික රථයේ සවි කරනු ලැබේ.එය BMD-4 නම් රථයේ නවතම සංස්කරණයකි.ඊට අලුත් චැසියක්,එන්ජිමක් ඇතුලුව තවත් වෙනස්කම් සිදුකර තිබේ.BMD-4M රථය 100mm තුවක්කුවක් සහ 30mm තුවක්කුවක් සහිත Bakhcha-U සංග්‍රාමික ඒකකය සහිතය.
ලොව ප්‍රථම පැරෂුට් ආධාරයෙන් බිම හෙළන ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය Ptitselov (Fowler)නමින් නම් කර තිබේ.මීට එක් කරන්නේ කෙටි දුර මිසයිල පද්ධතියකි.Sosna නම් සංග්‍රාමික මොඩියුලය මේ සඳහා යොදාගනියි.එය අලුත් මිසයිල වර්ගයකින් සමන්විත පද්ධතියකි.දැනට රුසියානු වාසර බලකා යොදාගන්නා ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය වන Strela-10MN වෙනුවට මෙය ඉදිරියේදී සේවයේ යොදවනු ඇත.
Ptitselov සමග එන සංග්‍රාමික මොඩියුලය Pantsir-S ගුවන් යානා නාශක මිසයිල සහ අවි පද්ධතියෙන් සන්නද්ධ කල හැකිය.නමුත් Pantsir පද්ධතිය පැරෂූට් මගින් බිම හෙළීම කල නොහැක්කේ එය බරින් වැඩි නිසා සහ අනෙකුත් මිනුම් සීමා ඉක්මවා තිබෙන නිසාය.Pantsir පද්ධතිය KamAZ චැසියක් මත පිහිටුවා තිබෙන ටොන් 20 ක් ඉක්මවන එකකි.නමුත් ගුවන් සාර්ථකව බිම හෙළිය හැක්කේ ටොන් 18 වඩා අඩු යුදෝපකරණ බවයි පැවසෙන්නේ.
Sosna-10 නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියෙන් Strela පද්ධතිය ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇති.ඊට කි.මී.10 දුරින් වූ කි.මී.5ක් උසින් වූ ගුවනේ තිබෙන ඉලක්ක වෙත පහරදීමට හැකිය.එක් Sosna-10 පද්ධතියක් සතුව Sosna-R නියාමක මිසයිල 12ක් තිබේ.
රුසියාවෙන් පිටත s-300 මිසයිල පද්ධති භාවිතා කරන්නේ නැගෙනහිර යුරෝපය සහ ආසියා රටවල්ය.S-300හි ආනයනික මොඩලය වන්නේ S-300VM Antey-2500 ය.
SA-22 Greyhound යන නේටෝ නාමයෙන් හඳුන්වන Pantsir-S1 මිසයිල පද්ධතිය.
රුසියාව සතු ගුවන් යානා නාශක මිසයිල සහ අවි පද්ධතියක් වන 9K22 Tunguska.
9K33 Osa කෙටි දුර මිසයිල පද්ධතිය
Source:Tass.ru
-HarshaLulzSec-

BMD-4M රථය

Strela-10MN

Pantsir-S ගුවන් යානා නාශක මිසයිල සහ අවි පද්ධතිය
Ptitselov සමග එන සංග්‍රාමික මොඩියුලය Pantsir-S ගුවන් යානා නාශක මිසයිල සහ අවි පද්ධතියෙන් සන්නද්ධ කල හැකිය.නමුත් Pantsir පද්ධතිය පැරෂූට් මගින් බිම හෙළීම කල නොහැක්කේ එය බරින් වැඩි නිසා සහ අනෙකුත් මිනුම් සීමා ඉක්මවා තිබෙන නිසාය.Pantsir පද්ධතිය KamAZ චැසියක් මත පිහිටුවා තිබෙන ටොන් 20 ක් ඉක්මවන එකකි.නමුත් ගුවන් සාර්ථකව බිම හෙළිය හැක්කේ ටොන් 18 වඩා අඩු යුදෝපකරණ බවයි පැවසෙන්නේ.
Sosna-10 නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියෙන් Strela පද්ධතිය ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇති.ඊට කි.මී.10 දුරින් වූ කි.මී.5ක් උසින් වූ ගුවනේ තිබෙන ඉලක්ක වෙත පහරදීමට හැකිය.එක් Sosna-10 පද්ධතියක් සතුව Sosna-R නියාමක මිසයිල 12ක් තිබේ.
රුසියාව සතු ගුවන් යානා නාශක මිසයිල පද්ධති ඇතුලු ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සමහරක්
S-300 ගොඩබිම සිට ගුවනට එල්ල කරන රුසියානු දිගු දුර මිසයිල පද්ධතිය(නේටෝ නාමය - SA-10 Grumble) මර්මස්ථාන සතුරු ගුවන් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට මේවා යොදවා තිබේ.
S-300 මිසයිල පද්ධතිය පළමුවරට යොදවන ලද්දේ 1979 වසරේදීය;හමුදා අභ්‍යාසයකදී S-300 ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය ක්‍රියාත්මක වූ අවස්ථාවක්.
S-300 මිසයිල පද්ධතිය පළමුවරට යොදවන ලද්දේ 1979 වසරේදීය;හමුදා අභ්‍යාසයකදී S-300 ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය ක්‍රියාත්මක වූ අවස්ථාවක්.
රුසියාවෙන් පිටත s-300 මිසයිල පද්ධති භාවිතා කරන්නේ නැගෙනහිර යුරෝපය සහ ආසියා රටවල්ය.S-300හි ආනයනික මොඩලය වන්නේ S-300VM Antey-2500 ය.
S-300 හි ඊළඟ සාමාජිකයා වන්නේ S-4000ය(නේටෝ නාමය - SA-21 Growler)
මෙම දැවැන්ත ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය රුසියානු හමුදාව සතුව තිබෙන්නේද සීමා සහිත ප්රමාණයකි;විජයග්‍රාහී පෙළපාලියේ ගෙන යන S-400 මිසයිල පද්ධතියක්.
Pantsir-S1 යනු කෙටි දුර මැදි දුර ගුවන් ආරක්ෂක සහ ගුවන් යානානාශක මිසයිල පද්ධතියකි.
SA-22 Greyhound යන නේටෝ නාමයෙන් හඳුන්වන Pantsir-S1 මිසයිල පද්ධතිය.
Buk මිසයිල පද්ධතියක්;self-propelled වර්ගයේ මැදි දුර මිසයිල පද්ධතියකි.
9K35 Strela-10 කෙටි දුර මිසයිල පද්ධතියක්
රුසියාව සතු ගුවන් යානා නාශක මිසයිල සහ අවි පද්ධතියක් වන 9K22 Tunguska.
Tor-M1 කෙටි දුර මිසයිල පද්ධතිය
9K33 Osa කෙටි දුර මිසයිල පද්ධතිය
Source:Tass.ru
-HarshaLulzSec-