මම ටිකක් බැලුව මචන්, මම හිතන විදියේ නං වෙනසක් උනේ නෑ.
අපේ රටේ තියෙන දේශීය දැනුම සහ බුද්ධාගමේ කියල තියෙන දේවල් විද්‍යාවෙන් දැනට හොයාගෙන තියෙන ඒවා එක්ක සංසන්දනය කරල විද්‍යාව තාම ඉන්නෙ ළදරු මට්ටමේ, ඕව අපේ මුතුන් මිත්තෝ සුද්දට කලින් දැනන් හිටිය, නැත්තන් බුදුහාමුදුරුවෝ ඊටත් කලින් කියල තිබුන වගේ කතාවක් තමා යන්නෙ මම දැක්ක විදියට. නිකන් අපේ දැනුමයි බටහිර අයගේ දැනුමයි සන්සන්සදනය කරලා අපේ එක අරකට වඩා හොඳයි කියන එක.
එකක් විද්‍යාවට බටහිර බටහිර විද්‍යාව කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඒක ලෝකේ වටේම මිනිස්සු එකතුවෙලා වැඩිදියුණු කරගෙන යන දෙයක්. හැම රටකම මිනිස්සු ඕකට දායක වෙනව, කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒ වගේම මිනිස්සුන්ගේ දියුණුවට ඒ හොයාගත්ත දේවල් පාවිච්චි වෙනව.
ඉතිං එහෙම වෙනස් වෙන දෙයක් ආගමක කියල තියෙන දෙයක් එක්ක සන්සන්සදනය කරන්න බෑ. මොකෝ ආගම් වල කියල තියෙන දේවල් සාක්කි සාධක ඇතුව ඔප්පු කරපු දේවල් නෙවේ. කවුරු හරි දේශනා කරපු දෙයක්, බෞද්ධ ඉස්ලාම්, ක්‍රිස්තියානි හැම එකේම. ඒවා පිළිගන්න අයත් විශ්වාසෙ නිසා තමයි ඒවා පිළිගන්නේ. බෞද්ධයෝ නං ශ්‍රධ්ධාව නිසා, නැතුව සාක්ෂි ඇතුව නෙවෙයි.
විද්‍යාව එහෙම වැඩකරන්නේ නෑ, එකට දෙයක් පිළිගන්න සාක්කි ඕනේ වෙනව. ඉතිං විද්‍යාවෙන් බුදුහාමුදුරුවෝ හරි වෙන කෙනෙක් කියල තියෙන දේ නොපිළිගන්නේ ඒවට සාක්කි නැතිකම නිසා මිසක් ඒ මිනිස්සුන්ට අපිත් එක්ක තියෙන තරහකට හරි ඉරිසියාවකට හරි වෙන බටහිර කුමන්ත්‍රන හින්ද හරි අපේ දැනුම යට ගහන්න ඕන හින්ද හරි නෙවේ. ඒ හින්ද එක්කෝ සාක්කි හම්බෙනකන් ඉවසන් ඉන්න ඕනේ, නැත්තන් ඒවා විස්වාස කරන අය ඒවා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. නැතුව උන් දන්න දෙයක් නෑ අපේ පොතේ එක තමා හරි කියල වාද කරලා වැඩක් නෑ.
අනික කවුරුත් ආගමක් වගේ බලෙන් විද්‍යාව පිළිගන්න කියන්නෙ නෑ නෙ, කවුරුහරි ඉන්නවනං විද්‍යාව කියල කරන්නේ මහා බොරුවක් අපිට අපේ ආගමේ පොත් ටික බලල ඔයිට වඩා පුළුවන්, එහෙම නැත්තන් දෙවියන්ට කතා කරල, නැත්තන් අපේ පරණ පුස්කොල පොත් බලල, නැත්තන් අපේ කේන්දරේ බලල, නැත්තන් අමනුෂ්‍යයො බැඳගෙන ඔයිට වඩා දේවල් කරන්න කියල එකට කිසි බාධාවක් නෑ. ඔය කියපු ත්‍රෙඩ් එකේ තියෙන විදියට දෙවියන්ගෙන් අහල ආසනික් ප්‍රශ්නෙට විසඳුම හෙව්වා වගේ අනිත්වත් කරන්න පුලුවන්. එකට විද්‍යාවට බනින්න ඕනේ නෑ. කරල ප්‍රතිපල පෙන්නනයි තියෙන්නෙ. එතකොට අනිත් අයත් දැනට කරන විදිය වැරදිනේ කියල ඔය ක්‍රම වලින් වැඩ කරගන්න පටන් ගනී. දැන් ඔය සමහර දේශීය වේද මහත්තුරු ගාවට ලෙඩ්ඩු යන්නෙ ඉංග්‍රීසි බෙහෙත් එපා කියල, ඒ එයාල කටින් කිය කිය ඉන්නෙ නැතුව වැඩ පෙන්නන නිසා. ඉතිං ඒ විදිහට අනිත්වත් කරන්න පුළුවන් නං වැඩේ ඉවරයි. සුද්දෝ උනත් මෙහෙ ඒවි ඒවා ඉගෙනගන්න. නලින් ද සිල්වාට කරන්න තියෙන්නෙත් එකයි, බටහිරට බැන බැන ඉන්නෙ නැතුව.