කටුනායක වැසිකිළිවලට හෑන්ඩ් ෂවර් වෙනුවට ටොයිලට් ටිෂූ
කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (පිරිසිදු කිරීමේ උපකරණ) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ.
වතුර භාවිත කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පවතින වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තිබෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීන් කියයි.
කෙසේ වෙතත් පිරිසිදුකම පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමුකරන ශ්රී ලාංකිකයින් මේ සිදුවීම හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව තිබේ.
මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන ජනතාවද මෙන්ම එහි සේවකයන්ද මෙම තීරණය හේතුවෙන් දැඩිව අසරණව තිබෙන අතර අද (23දා) සිට මෙසේ හෑන්ඩ් ෂවර් ඉවත් කර තිබේ.
ලංකාදීප


වෙනස...


