තනි වූ මා

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    උඹ ඔය "හොඳ කරන්න බැරි" කියන එක උඹ හදාගත්ත එකක්ද නැත්තන් doctors ල කියපු එකක්ද?

    it's an excuse..

    he's using it as an excuse for being a failure..

    not saying he's a failure but in the eyes of the others he thinks he is..because you are supposed to become something in life, come to someplace ..make something outa your life..but if you have a disability, its simply enough to carry on with your life with that..if he's lost a leg, it would be quite enough that he keeps on with his life..so the mood disorder is like his lost limb :rolleyes::rolleyes:

    without his OCD, without his anxiety thing, he will feel even emptier..it's all he got to live on :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඉතින් මචන් ඕක හොඳ කරන්න බැරි, ජීවිතේ තියෙන බලාපොරොත්තු ඇත ඇරලා දාන්න තරම් දෙයක් නෙවේනේ. මම හිතුවේ bipolar/Schizophrenia වගේ එකක් කියල. ඒවා තියෙන එවුනුත් control කරගෙන ලස්සනට ජීවත් වෙන්නේ :)

    උඹ ඔය "හොඳ කරන්න බැරි" කියන එක උඹ හදාගත්ත එකක්ද නැත්තන් doctors ල කියපු එකක්ද?

    ඔය ලියල තියෙන්නෙ බෙහෙත් තුණ්ඩුවල පොඩියට
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය ලියල තියෙන්නෙ බෙහෙත් තුණ්ඩුවල පොඩියට

    මචං මට පේන්නේ එක්කෝ උඹට හරිහමන් doctor කෙනෙක් හම්බෙලා නෑ එක්කෝ උඹ විහින් හදාගත්ත එකක් උඹට තියෙන්නේ. මගේ හොඳම යාලුවට OCD තදටම තියෙනවා. ඌ දැන් masters degree එකකුත් කරලා ජොබ් එකක් කරනවා.

    මම දන්න doctor කෙනෙක් ඉන්නවා bipolar තියෙන. උට සුපිරි කෙල්ලෙක් ඉන්නවා, music අනන් මනං ත් නියමට පුළුවන්. ඊයේ පෙරේදා උට intern හම්බුනේ.

    උඹේ හිත හදන්න සුරංගනා කතා කියනවා නෙවේ, බොරුනම් පොඩ්ඩක් google කරලා බලපන් එක එක මානසික/ශාරීරික ලෙඩ තියෙන කීදෙනෙක් සාර්ථක මිනිස්සු ඉන්නවද කියල :)

    මෙතන comment කරලා තියෙන අපි හැමෝම doctor කෙනෙක්ට පෙන්නුවොත් ඔය මොකක් හරි ලේබල් එකක් ගහයි අපිටත්.

    උඹට 33යි කියන්නේ තාම පරක්කු නෑනේ

    මම මීට වඩා මොනවත් කියන්න යන්නේ නෑ මම දොස්තර කෙනෙක් නෙවේ හින්ද. positive විදියට හිතල ජීවත් වෙන්න පටන් ගනින් :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    it's an excuse..

    he's using it as an excuse for being a failure..

    not saying he's a failure but in the eyes of the others he thinks he is..because you are supposed to become something in life, come to someplace ..make something outa your life..but if you have a disability, its simply enough to carry on with your life with that..if he's lost a leg, it would be quite enough that he keeps on with his life..so the mood disorder is like his lost limb :rolleyes::rolleyes:

    without his OCD, without his anxiety thing, he will feel even emptier..it's all he got to live on :sorry:

    A bit harsh but this is true :yes::P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ලියල තියෙන්නෙ බෙහෙත් තුණ්ඩුවල පොඩියට

    හොඳ කරන්න බැරි ඒව බෙහෙත් තුණ්ඩු වල පොඩියට ලියන්නෑ යකෝ :rolleyes: :rolleyes:
    උඹට වෙලා තියෙන්නෙ උඹ දොස්තර වෙලා :yes: :yes:
    අතුරු ආබාධ තියෙනව තමා බං ඒ වුනාට බීපං :angry: :angry:
    අතුරු ආබාධ නැති බෙහෙතක් නෑ :angry: :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    it's an excuse..

    he's using it as an excuse for being a failure..

    not saying he's a failure but in the eyes of the others he thinks he is..because you are supposed to become something in life, come to someplace ..make something outa your life..but if you have a disability, its simply enough to carry on with your life with that..if he's lost a leg, it would be quite enough that he keeps on with his life..so the mood disorder is like his lost limb :rolleyes::rolleyes:

    without his OCD, without his anxiety thing, he will feel even emptier..it's all he got to live on :sorry:

    A bit harsh but this is true :yes::P

    මට මේ වෙලා තියෙන දේ කවදහරි දවසක් උඹල දෙන්නටත් වෙන්ඩ කියල මම පාර්තනා කරනව..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ ගමෙත් ඉන්නවා ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න පොරක්. ගෑනි ගාමන්ට් එකක වැඩ කරලා සල්ලි හොයනවා. පොර ආතල් එකේ ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්නවා.
    මට සැක ඒ උබද කියලා

    ඔය අනුරාද රෑ මෙනේ, KasunKDP බන් :rofl: :rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට මේ වෙලා තියෙන දේ කවදහරි දවසක් උඹල දෙන්නටත් වෙන්ඩ කියල මම පාර්තනා කරනව..

    :D:D

    ok මචන් මම හිතුවේ මම උඹට කරේ උදව්වක් කියල ඒත් උඹ මම කියපු දේ බාරගත්තේ එහෙමනම් මම කොහොමත් ආයේ මොනවත් කියන්න යන්නේ නෑ :) මම උඩින් කියල තියෙන දේවල් ටිකත් ඉල්ලා අස්කරගන්නම් උඹ ඒවා දැක්කේ නෑ වගේ හිටපන් :)
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මේ වෙලා තියෙන දේ කවදහරි දවසක් උඹල දෙන්නටත් වෙන්ඩ කියල මම පාර්තනා කරනව..

    ඇයි යකෝ උබට වචනෙකින් හරි උදවු කරන්න එන උන්ට ඔහොම කියන්නෙ... :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    :D:D

    ok මචන් මම හිතුවේ මම උඹට කරේ උදව්වක් කියල ඒත් උඹ මම කියපු දේ බාරගත්තේ එහෙමනම් මම කොහොමත් ආයේ මොනවත් කියන්න යන්නේ නෑ :) මම උඩින් කියල තියෙන දේවල් ටිකත් ඉල්ලා අස්කරගන්නම් උඹ ඒවා දැක්කේ නෑ වගේ හිටපන් :)

    නෑ. උඹල වගේ අති පන්ඩිතයො හිතං ඉන්නෙ අපි වගේ අය ලෙඩ ගැන කිය කිය සමාජයෙන් අනුකම්පාව ලබාගන්ඩ හදනව කියලනෙ..
    ලෙඩේ වවාගෙන කන්ඩ හදනව කියලනෙ..
    හිතිං මවා ගත්ත ලෙඩ කියලනෙ කියන්නෙ..
    මට වගේම උඹටත් මේක වෙන්ඩම ඕන.. නැත්තං උඹල තේරුම් ගන්නෙ නෑ අපි වගේ අයව කවදාත්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නෑ. උඹල වගේ අති පන්ඩිතයො හිතං ඉන්නෙ අපි වගේ අය ලෙඩ ගැන කිය කිය සමාජයෙන් අනුකම්පාව ලබාගන්ඩ හදනව කියලනෙ..
    ලෙඩේ වවාගෙන කන්ඩ හදනව කියලනෙ..
    හිතිං මවා ගත්ත ලෙඩ කියලනෙ කියන්නෙ..
    මට වගේම උඹටත් මේක වෙන්ඩම ඕන.. නැත්තං උඹල තේරුම් ගන්නෙ නෑ අපි වගේ අයව කවදාත්

    11.gif
    11.gif
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මට මේ වෙලා තියෙන දේ කවදහරි දවසක් උඹල දෙන්නටත් වෙන්ඩ කියල මම පාර්තනා කරනව..

    I've been through same more or less, but I said fuck it all and came outa it or at least got on with life leaving all those behind as much as I could, I do hope you will find your way out too :yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තරහ වෙන්ඩ එපා මචං..
    උඹයි ටුවිස්ටඩ් පිස්සයි කියන කතා ඇහුවම මාර දුකක් දැනෙන්නෙ..

    folks like you base your future or joy upon other people, look for happiness in all the wrong places..when it's none existent or it's within yourself..

    oh well..some lessons are learned the hard way I guess :sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තරහ වෙන්ඩ එපා මචං..
    උඹයි ටුවිස්ටඩ් පිස්සයි කියන කතා ඇහුවම මාර දුකක් දැනෙන්නෙ..

    අවුලක් නෑ බන්
    11.gif
    මම හිතන්නේ උඹ මම කියන දේ හරියට තේරුම් අරන් නෑ. උඹට මම ආයෙත් ටිකක් පැහැදිලි කරලා කියන්නම් :)
    මම doctor කෙනෙක් නෙවේ. ඒත් මගේ අම්මගේ job එක psychology වලට සම්බන්දයි. පොඩි කාලේ ඉඳන් අම්ම ළඟ තියෙන පොත් එහෙම කියවල ඔය field එක ගැන ආසාවක් තිබුනා. මගේ නැන්දා psychiatrist කෙනෙක්. ඉස්සර සමහර වෙලාවට මම නැන්දගේ clinic එකට ගිහින් එන patientsලාගෙන් අවසර අරගෙන ඒ ගොල්ලොත් එක්ක කතා කරනවා.
    එතෙන්ට එන්නේ පිස්සෝ නෙවේ. ගොඩක් වෙලාවට campus කොල්ලෝ, AL කරන උන්, සමහර වෙලාවට පොඩි එවුනුත් එනවා.

    ඔය හේතු ටික හින්ද මට පොඩි දැනුමක් තියෙනවා ඔය ගැන. හැබැයි doctor කෙනෙක් ගේ දැනුමට ලං කරන්නවත් බෑ. මේ හින්ද තමයි මම එළකිරියේ මානසික ගැටළුවක් ගැන thread එකක් වැටුනොත් දන්න තරමින් උදව් කරන්න try කරන්නේ. මට උඹට ලෙඩේ හොඳ කරගන්න උපදෙස් දෙන්න තරම් දැනුමක් නෑ. ඒත් මේ ටික මට කියන්න පුළුවන්(කලින් replies වලත් මම නොකියා කියල තියෙන්නේ ඒක)

    1. ඔය field එකේ හොර වෙද්දු හෙන තොගයක් ඉන්නවා. හොඳට හොයල බලල ලියාපදින්චිවෙලා තියෙන එකෙක් ගාවට පලයන්. හොර වෙද්දු උඹේ ලෙඩේ වවාගෙන කනවා.

    2. උඹට තියෙන්නේ හොර ලෙඩක්, උඹ කරන්නේ බොරුවක් කියල නෙවේ කියන්නේ. ඔය ලෙඩේ උඹ හිතාගෙන ඉන්න තරම් දරුණු ලෙඩක් නෙවේ කියල. මගේ නැන්දා කියන විදියට ඔය OCD නම් ලෝකේ හැමෝටම ටික ටික තියෙනවා. මටත් තියෙනවා tap එකකින් වතුර ගත්තහම ඒකෙ handle එක හෝදන්න ඕනේ පුරුද්දක්. නැත්තන් අප්පිරියයි. ඒත් උඹට ඒක වැඩි පුර ඇති, මට තේරෙනවා. එත් GAD/OCD කියන්නේ ජීවිතේ හැමදේම අත ඇරලා දාන්න ඕනේ විදියේ ලෙඩ නෙවේ.

    3. උඹට තියෙන්නේ Bipolar/Schizophrenia වගේ ලෙඩක් නෙවේ හින්ද(මේවා තමයි ටිකක් හරි බරපතල ලෙඩ, ඒත් මේවා තියෙන මිනිස්සුත් හොඳට control කරගෙන ජීවත් වෙනවා) මමනම් කියන්නේ උඹ psychiatrist කෙනෙක් ගාවට නොයා (නැත්නම් යන ගමන්ම) psychologist කෙනෙක් ලඟට ගිහිල්ල බලපන්. ඒ ගොල්ලෝ උඹත් එක්ක කතා කරනවා විනාඩි 45ක් විතර. බෙහෙත් දෙන්නේ නෑ. උඹට තේරුම් කරනවා උඹේ තියෙන අවුල මොකක්ද සහ ඒක නැති කරගන්නේ/අඩු කරගන්නේ කොහොමද කියල. Cognitive behavioral therapy (CBT) කොහොමත් පෙති බොනවට වඩා effective ඔය ලෙඩේට(මම දන්නා තරමින්). හැබැයි හොරෙක් ලඟට නැතුව හොඳ එකෙක් ලඟට පලයන්.

    4. එක පාරට දැනට බොන බෙහෙත් නතර කරන්න එපා. ඒවා ටික ටික අඩු කරන්න ඕනේ. ඒකට උපදෙස් ගනින් doctor ගෙන්

    5. උඹට google කරලා බලන්න කිව්වේ උඹේ මොරාල් එක up කරන්න. උඹට ඇති තරම් හම්බෙයි සාර්ථක මිනිස්සු ඔය ලෙඩ තියෙන. උඹ හැමදේම අත ඇරලා දාල වගේ කතා කරන හින්ද මම එහෙම කිව්වේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මට තියෙන ocd එක ටිකක් වෙනස්..
    ඉස්සර එහෙම තිබුණෙ නෑ.. ඉස්සර තිබුණෙ අත හෝදන සීන් වගේ ඒව..
    දැං මට සමහරක් වෙලාවට හෙන අවුලක් වුණා වගේ, ආපස්සට කල්පනා කරල බලන්ඩ හිතෙනවනෙ..
    එහෙම කල්පනා කරල කරල තමා මොකුත් අවුලක් නෑ කියල හිත හදාගන්ඩ වෙන්නෙ..
    මට මේක මාර අවුල් පාරෙ බයික් එක පැදගෙන යනකොට..
    මොකක් හරි වෙන්ඩ ගියා කියල හිත අවුල් වෙනව..
    ඒ හින්ද මම බයික් පදින්නෙ වාහන අඩුම වෙලාව බලල..
    කොච්චර හිත හදාගත්තත් මම කල්පනා කරන්නෙම නෑ කියල, තව පොඩ්ඩෙන් හෙන අනතුරක් වෙන්ඩ ගියා කියල හිතෙනව..
    මට හිතෙන්නෙ මට හරියට දෙයක් ඉක්මනට ජජ් කරගන්ඩ බෑ කියල.. (සමහරක් වෙලාවට එච්චර අවුලක් නෑ, සමහරක් වෙලාවට වැඩියි, ටිකක් මහන්සි වෙලාවට වැඩියි මේක)

    සමහරවිට මට මේක උපතින්ම මොළයට වෙච්ච ආබාධයක් නිසාද කියලත් හිතෙනව, අම්ම ඒ දවස්වල වෙච්ච කතා කියන කොට..
     
    Last edited: