මචන් උබ ඉගෙන ගන්න ඒවා රිවිව් කරපන් හැමදාම රෑට නිදාගන්න යනකොට, නිකම් ඉන්න කොට වගේ. පුලුවන් තරම් ෂෝර්ට් නෝට්ස් ගහලා ඒවා පොතක අලවලා යන යන තැන මේක ගෙනියන්න, ඊට පස්සේ ඒක කියවන්න වෙලාවක් ලැබුන ගමන්. ජපානේ වගේ බන් මිනිස්සු නිකම් ඉන්න හැම වෙලාවේම පොතක් කියනවා, නමුත් අපේ උන් කරන්නේ නිකම් ඉන්න වෙලාවට අනුන්ගේ කුණූ හොයන එකයි, අල්ලපු ගෙදර ඕප දූප හොයන එකයි. මොළයට අනවශ්‍යය කුණූ දාගන්න කොටත් අවශ්‍යය ඒවා අමතක වෙල යනවා. සමහර උන් දේශපාළණය ගැනයි, ගැජට් ගැනයි, නළු නිළියෝ ගැනයි, මූවිස් ගැනයි, කාර් ගැනයි, ප්ලේන් ගැනයි, හැම දේම බදාගෙන දගලනවා එතකොට වෙන්නේ එකක් වත් හරියට මොළයේ තියාගන්න බැරි වෙන එකයි. උබට අවශ්‍යය දේවල් විතරක් කරපන්. ඒ වගේම කරන දේ හරියට කරපන්. හැමදාම පැය 7 ක් වගේ නිදාගනින්. අඩුවෙන් නිදාගන්න කොටත් මතකය අමතක වෙලා යනවා. හොදට කන්න, සමබල ආහාර වේලක් කන්න ඕනේ. ව්‍යායාම කරන්නත් ඕනේ.