මචන්ලා කාර් එකේ power mirror power shutter නෑ...කරන්න ඕනි කියලා හිතුනා.කරපු එකෙක් ඉන්නවද? කීයක් විතර යනවද? පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...
පවර් ෂටර්ස් නම් දොරවල් දෙකකට දාන්න රුපියල් 4000-5000ක් යනවා. රීකන්ඩිෂන්ඩ් මෝටර්ස් අරන් දාන්න. හැබැයි පවර් ෂටර් කන්වර්ෂන් කිට් තියෙනවා ඊබේ එහෙම. ඒවා නම් හයිකරගන්නත් ගොඩක් පහසුයි. පවර් මිරර්ස් වල ගණන් නම් දන්නෙ නෑ, එක එක ගනන් වලට තියෙනවා. සෙන්ට්රල් ලොකිංනුත් දාගන්න. 4-5ක් තමා යන්නේ
මචන්ලා කාර් එකේ power mirror power shutter නෑ...කරන්න ඕනි කියලා හිතුනා.කරපු එකෙක් ඉන්නවද? කීයක් විතර යනවද? පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...
සිරාවටම ඒ ගනන්ද බන්. එහෙනම් අව්ලක් නෑ.හොද තැනක් දන්නවද වැඩේ හොදටම කර ගන්ඩ?
මම නං කියන්නේ පවර් ෂටර්ස් කරන්න එපා කියල දැනට නැත්තන්. මොකද ඔව්ව මල වද කඩුනහම එහෙම. හැබැයි කරන්න ඕන නම් සුපිරියටම කර ගන්න පුළුවන් තැනක් තියනවා කුරුණෑගල ඔටෝ ප්ලාසා ආනන්ද ඉන්ටර්නැෂනල් එක ළඟ. වැඩ නියමයි, වියදම ඉතින් ටිකක් සැර වෙයි.
පවර් මිරර් දානකොට ඔටෝ ඇතුලේ ඉඳල අකුලන්න දිග අරින්න පුළුවන් දෙකක් දා ගන්න. ඒක ගොඩක් වටිනවා..