යාලුවනේ,
ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි
. ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.
නැවත හමුවෙමු.
ජයවේවා!
ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි
. ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.නැවත හමුවෙමු.
ජයවේවා!










