ආගම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    http://www.elakiri.com/forum/showthread.php?p=20330192#post20330192

    :)

    විද්‍යාවෙන් නැවත ඉපදීම පිලිගත්ත කියන scientific journal එකෙක ලින්ක් එකක් දාපන් එහෙනම්..., මම දන්න විදියට කිසිම පිලිගත් ක්‍රමවේදයකට ඒක ඔප්පු කරල නෑ...

    අනිත් එක, මම මේක මීට ඉස්සෙල්ලත් කිව්ව... ඇයි ඔය පුනරුපපත්ති කතන්දර ලන්කාවෙ, ඉන්දියාවෙ විතරක් වෙන්නෙ... බටහිර රටවල් වල නොවෙන්නෙ...?

    මම කියන්නෙ නෑ ඔය දේවල් බොරු කියල... සමහර විට අවුරුහු ගනන් භාවනා කරන අයට අපිට වඩා දේවල් තේරෙනව ඇති..., ඒත් මම කියන්නෙ සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට තියෙන්නෙ ඔව ගැන 'විශ්වාසයන්' විතරයි කියල... facts හැටියට පිලිගන්න බෑ...
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    01. අල්ලාහ් ගේ අම්මාගේ නම මොකද්ද?
    02. අල්ලාහ් ගේ තාත්තාගේ නම මොකද්ද?
    03. අල්ලාහ් ගේ කිට්ටුම අනුගාමිකයාගේ නම මොකද්ද?
    04. අල්ලාගේ පෙනුම කොයි වගේද?
    05. හිටියා නම් අල්ලාහ්ට දැන් වයස කීයද?
    06. අල්ලාහ් බැදලාද?
    07. අල්ලාහ්ට දරුවන් ඉන්නවාද?
    08. අල්ලාහ්ට හයියෙන් දුවන්න පුලුවන්ද?
    මට මේ ප්‍රස්න ටිකට උත්තර දෙන්න තුවාන් රියාස් සහෝදරයා....

    දෙවියෙක් කියන්නේ මනුෂයෙක් නෙමෙයි. මිනිසාට තමයි අම්මා, තාත්තා, කිට්ටුම අනුගාමිකයා, වයස, බැදලාද, දරුවන් ඉන්නවාද, හයියෙන් දුවන්න පුලුවන්ද, sport කරනවද , ජිම් එකට යනවද , බිරිදක් ඉන්නව ද
    යන දේවල් තියෙන්නේ.

    දෙවියෙක් කියන්නේ කව්ද කියලා අල්ලහ් විසින් කුර්ආනයේ පැහැලිදි කරලා තියෙනවා

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.

    2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.

    2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.

    මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)

    ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ... :)

    ඒ කියන්නේ atleast ජීවිතේ අපි දන්න කාල පරාසය තුල උඹේ මතය බුදුහමදුරුවෝ කිව්ව මමත්වයට සමාන එකක්.. නමුත් ඊට එහා tangible evidence නැති නිසා උඹ ඊට එහා ගැන හිතන්නේ නැ..උඹට හිතෙන්නේ නැද්ද ඒක ඒ විදිහට predict කරපු බුදුහාමුදුරුවන්ගේ after life prediction එකත් හරි වෙන්න පුළුවන් කියල..විශේෂයෙන්ම software analogy එකත් හේතු/එල වාදයට ගොඩක් සමාන නිසා.

    මේක උඹේ conclusion එකද නැත්තන් තාම උඹ මේගැන හොයනවද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ එක බන පදයක් අහපු එකෙක් මෙතන නැති එක ගැන කනගටුයි

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ atleast ජීවිතේ අපි දන්න කාල පරාසය තුල උඹේ මතය බුදුහමදුරුවෝ කිව්ව මමත්වයට සමාන එකක්.. නමුත් ඊට එහා tangible evidence නැති නිසා උඹ ඊට එහා ගැන හිතන්නේ නැ..උඹට හිතෙන්නේ නැද්ද ඒක ඒ විදිහට predict කරපු බුදුහාමුදුරුවන්ගේ after life prediction එකත් හරි වෙන්න පුළුවන් කියල..විශේෂයෙන්ම software analogy එකත් හේතු/එල වාදයට ගොඩක් සමාන නිසා.

    මේක උඹේ conclusion එකද නැත්තන් තාම උඹ මේගැන හොයනවද?

    නෑ බන්... මම පොස්ට් එකේදි කිව්ව වගේ මම ඔය කියල තියෙන්නෙ මගේ අනුමානයක් විතරයි... ඔක සම්බන්දයෙන් conclusion එකෙකට එන්න මේලොකෙ හොදම මොල වලටත් බැරි වෙලා තියනවනෙ බන්...

    "උඹට හිතෙන්නේ නැද්ද ඒක ඒ විදිහට predict කරපු බුදුහාමුදුරුවන්ගේ after life prediction එකත් හරි වෙන්න පුළුවන් කියල"

    ඔක තමයි මච්න් මම මේ ත්‍රෙඩ් එකේදි දිගටම කිව්වෙ... බුදුහාමුදුරුවො කිව්ව දේ හරි වෙන්න පුලුවන්, නිරාවන්ය නෑ කියල ඔප්පු කරලත් නෑනෙහ්... එක නිසා වෙන්න පුලුවන් probability එකක් තියන්ව... ඒ probability එක නිසා කෙනෙක්ට ඔය theory එක විශ්වාස කරන්න පුලුවන්... ඉතින් එක විශ්වසයක් / අනුමානයක් විතරයි... fact එකක් නෙමෙයි....

    "tangible evidence නැති නිසා උඹ ඊට එහා ගැන හිතන්නේ නැ.."

    yap :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ඇදහීම හෝ විස්වාසය නිසා වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා නම්...
    නියම බුදු දහමේ එහෙම අනුන්ට අවැඩක් වෙන විදියේ ඉගැන්වීම් මම නම් දැකල නැහැ...
    අනිත් එක උබ අහන ප්‍රශ්න මෙතන ඉන්න අපි වගේ නස්තාර් උන පන්සිල් පද පහ රකින්න බැරි, යාළුවා හෝ දන්නා කියන එකෙක් වරදක් කරනකොට ඌව යහමගට ගන්නේ නැති, පෙන්න විතරක් බෞද්ධ උන එකෙක් ගෙන් අහල වැඩක් නැහැ.
    මන් උදෙත් මේ ත්‍රෙඩ් එක දැක්ක. එත් මුකුත් නොකිව්වේ කියන්න තරම් දැනුමක් මට නැති නිසා.
    උබ කියන දේ හෝ කරන දෙයින් ලැබෙන අවසාන ප්‍රතිපලය හොද එකක් කියල හිතෙනවා නම් කරපන්.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: .::J@S::.

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    නෑ බන්... මම පොස්ට් එකේදි කිව්ව වගේ මම ඔය කියල තියෙන්නෙ මගේ අනුමානයක් විතරයි... ඔක සම්බන්දයෙන් conclusion එකෙකට එන්න මේලොකෙ හොදම මොල වලටත් බැරි වෙලා තියනවනෙ බන්...

    "උඹට හිතෙන්නේ නැද්ද ඒක ඒ විදිහට predict කරපු බුදුහාමුදුරුවන්ගේ after life prediction එකත් හරි වෙන්න පුළුවන් කියල"

    ඔක තමයි මච්න් මම මේ ත්‍රෙඩ් එකේදි දිගටම කිව්වෙ... බුදුහාමුදුරුවො කිව්ව දේ හරි වෙන්න පුලුවන්, නිරාවන්ය නෑ කියල ඔප්පු කරලත් නෑනෙහ්... එක නිසා වෙන්න පුලුවන් probability එකක් තියන්ව... ඒ probability එක නිසා කෙනෙක්ට ඔය theory එක විශ්වාස කරන්න පුලුවන්... ඉතින් එක විශ්වසයක් / අනුමානයක් විතරයි... fact එකක් නෙමෙයි....

    "tangible evidence නැති නිසා උඹ ඊට එහා ගැන හිතන්නේ නැ.."

    yap :yes:

    මම උඹේ මතේ එක්ක එකඟ නොවන තැන ඔතනයි, මම කවුද?, මොනවද කරන්නේ?, ඇයි අද මෙතන ඉන්නේ?, හෙට මට මොනවා වෙයිද? කියන ඒවා අපිට fundamentally curiosities කියන එකයි මගේ මතය..කව්රු හරි කියනවා නම් මේවා ගැන හිතන්න එපා, ඒවා වැඩක් නැ කියල මට හිතෙන්නේ එක අපරාදයක් කියල, මොකද curiosities තමයි අපිව අනිත් සත්තුන්ගෙන් වෙන් කරන්නේ..

    tangable evidence based conclusions කියන්නේ physical ලෝකෙට හරියන science උනාට එකෙන් ඔක්කොම cover කරන්න බැහැ කියල උඹට හිතෙන්නේ නැද්ද?

    එල මේ දේවල් ගැන කතා කරපු (හැම ආගමකම) ආගමික නායකයින් ගැන උඹේ අදහස මොකක්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම උඹේ මතේ එක්ක එකඟ නොවන තැන ඔතනයි, මම කවුද?, මොනවද කරන්නේ?, ඇයි අද මෙතන ඉන්නේ?, හෙට මට මොනවා වෙයිද? කියන ඒවා අපිට fundamentally curiosities කියන එකයි මගේ මතය..කව්රු හරි කියනවා නම් මේවා ගැන හිතන්න එපා, ඒවා වැඩක් නැ කියල මට හිතෙන්නේ එක අපරාදයක් කියල, මොකද curiosities තමයි අපිව අනිත් සත්තුන්ගෙන් වෙන් කරන්නේ..

    tangable evidence based conclusions කියන්නේ physical ලෝකෙට හරියන science උනාට එකෙන් ඔක්කොම cover කරන්න බැහැ කියල උඹට හිතෙන්නේ නැද්ද?

    එල මේ දේවල් ගැන කතා කරපු (හැම ආගමකම) ආගමික නායකයින් ගැන උඹේ අදහස මොකක්ද?

    මම scientist කෙනෙක් නෙමෙයිනෙ මචන් මට නිර්වානය තියන්වද කියල experiment කරන්න බෑ.. එක මගේ field එක නෙමෙයි... ඉතින් මට පිලිගන්න වෙන්නෙ ලොකෙ පිලිගත්තම ක්‍රමවේදය වෙන බරහිර විද්‍යාතමක ක්‍රමයෙක් fact එකෙක් කියල පිලිගත්ත දෙයක් විතරයි... මොකද බටහිර විදයෑවෙ දෙයක් fact එකක් law එකක් කිය්ල පිලිගන්නෙ හොදටම certain උනොත් විතරයි.. පොඩ්ඩක් හිතපන් මෙච්චර එවිඩන්ස් තියන evolution එකත් තාම තියරියක් විතරයි...

    කැලෑවකට වෙලා බාවන කරන small community එකෙක් කියන දේවල් මට facts කියල පිලිගන්න බෑ..

    ආගමික නායකයො කිව්ව සමහර දේවල් පිලිගන්න පුලුවන් , සමහර දේවල් පිලිගන්න බෑ..
    .
     
    ලංකාව වගේ රටක ඔහොම මතයක් දරන එකෙන් හැම පැත්තෙන්ම පහර වදින්න පුළුවන් වැඩක්, මොකද හැම එකෙක්ම හිතන්නේ උඹ උගේ ආගමට විශ්වාසයට පහර ගහන එකෙක් කියල..අනිත් පැත්තෙන් පිස්සු කෙලින athiestla (ආගම් වල වගේම අනාගමිකයින් අතරත් තමන්ගේ මතය අනුන්ට බලෙන් පටවන්න හදන උන් ඉන්නවා) උඹව tool එකක් හැටියට use කරගන්න බලන එක ගැන මොනවද හිතෙන්නේ?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ එක බන පදයක් අහපු එකෙක් මෙතන නැති එක ගැන කනගටුයි

    ඇයි නැත්තෙ... ඒත් උන්නාසෙගෙ බනටවත් මේකෙ ඉන්න උන්ගෙ මිත්‍ය මත වෙනස් කරන්න බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාව වගේ රටක ඔහොම මතයක් දරන එකෙන් හැම පැත්තෙන්ම පහර වදින්න පුළුවන් වැඩක්, මොකද හැම එකෙක්ම හිතන්නේ උඹ උගේ ආගමට විශ්වාසයට පහර ගහන එකෙක් කියල..අනිත් පැත්තෙන් පිස්සු කෙලින athiestla (ආගම් වල වගේම අනාගමිකයින් අතරත් තමන්ගේ මතය අනුන්ට බලෙන් පටවන්න හදන උන් ඉන්නවා) උඹව tool එකක් හැටියට use කරගන්න බලන එක ගැන මොනවද හිතෙන්නේ?

    එක තමයි බන් මේ දේවල් online කියන්නෙ.. කොටින්ම මේව පහර නොකා ගෙදර වත් කතා කරන්න බෑ.. :rofl:

    මම atheist කෙනෙක් නෙමෙයි atheistල කියන්නෙ theist ලටත් වඩා irrationally හිතන උන් සෙට් එකෙක්.. ගොඩක් atheistල කියන්නෙ උන් විශ්වය ගැන හැමදේම දන්නව.. දෙයියො , නිර්වානය වගේ දේවල් නෑ කියල උන්ට 100% ශුවර් කියල.... මම ඉන්නෙ ඒ මතේ නෙමෙයි , මම කියන්නෙ 'මම දන්නෙ නෑ' කියල... උබට තේරෙනව ඇතිනෙ. මම atheist ලගෙ නම් ටූල් එකක් වෙන්නෙ නෑ කොහොමටත්...
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    එක තමයි බන් මේ දේවල් online කියන්නෙ.. කොටින්ම මේව පහර නොකා ගෙදර වත් කතා කරන්න බෑ.. :rofl:

    මම atheist කෙනෙක් නෙමෙයි atheistල කියන්නෙ theist ලටත් වඩා irrationally හිතන උන් සෙට් එකෙක්.. ගොඩක් atheistල කියන්නෙ උන් විශ්වය ගැන හැමදේම දන්නව.. දෙයියො , නිර්වානය වගේ දේවල් නෑ කියල උන්ට 100% ශුවර් කියල.... මම ඉන්නෙ ඒ මතේ නෙමෙයි , මම කියන්නෙ 'මම දන්නෙ නෑ' කියල... උබට තේරෙනව ඇතිනෙ. මම atheist ලගෙ නම් ටූල් එකක් වෙන්නෙ නෑ කොහොමටත්...

    එල ගොඩක් දේවල් තියෙනවා discuss කරන්න, ටිකක් busy..අපි මේගැන වෙලාවක සෙට් වෙලා කතා කරමු.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    එක තමයි බන් මේ දේවල් online කියන්නෙ.. කොටින්ම මේව පහර නොකා ගෙදර වත් කතා කරන්න බෑ.. :rofl:

    මම atheist කෙනෙක් නෙමෙයි atheistල කියන්නෙ theist ලටත් වඩා irrationally හිතන උන් සෙට් එකෙක්.. ගොඩක් atheistල කියන්නෙ උන් විශ්වය ගැන හැමදේම දන්නව.. දෙයියො , නිර්වානය වගේ දේවල් නෑ කියල උන්ට 100% ශුවර් කියල.... මම ඉන්නෙ ඒ මතේ නෙමෙයි , මම කියන්නෙ 'මම දන්නෙ නෑ' කියල... උබට තේරෙනව ඇතිනෙ. මම atheist ලගෙ නම් ටූල් එකක් වෙන්නෙ නෑ කොහොමටත්...
    හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. පින් පව් කියන එකත් විද්‍යාවට කොහෙත්ම ඔප්පු කරන්න බෑ. ඒත් මොන ආගමක උනත් මූලිකවම තියන දෙයක් පින් පව් කියන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි නැත්තෙ... ඒත් උන්නාසෙගෙ බනටවත් මේකෙ ඉන්න උන්ගෙ මිත්‍ය මත වෙනස් කරන්න බෑ

    අනිත් මිනිස්සුන්ට මිත්‍යා ඩෘශ්ටිකයො කියන්නෙ උබ විශ්වය ගැන හැමදේම දන්නවද.?
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනිත් මිනිස්සුන්ට මිත්‍යා ඩෘශ්ටිකයො කියන්නෙ උබ විශ්වය ගැන හැමදේම දන්නවද.?
    විශ්වයම දැනගන්න ඕනෙ නෑ. නියත මිථ්‍යා දෘශ්ටිකයෙන් නොවිනනම් ඇති. බුදු හාමුදුරුවන්වම පිළිගන්න ඕනෙත් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. පින් පව් කියන එකත් විද්‍යාවට කොහෙත්ම ඔප්පු කරන්න බෑ. ඒත් මොන ආගමක උනත් මූලිකවම තියන දෙයක් පින් පව් කියන්නෙ.

    පවු , පින් මම දන්නෙ නෑ., ඒත් හොද ,නරක කියල දෙකක් තියන්ව...

    පවු, පින් තියනව කියල උබට 'විශ්වාසයක්' තියන්ව...

    සමහර විට ඇත්තට ඔක ඇති.., ඒත් අපි දැන්ගන්නෙ කොහොමද ඒක..

    මොනා උනත් මනුස්සයෙක් විදියට හොද නරක අදුනගෙන ජීවත් වෙන්න ඕන., එහෙම නොඋනොත් society එක function වෙන්නෙ නෑ හරියට... හැම දේම නීති දාල පාලනය කරන්නත් බෑනෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වයම දැනගන්න ඕනෙ නෑ. නියත මිථ්‍යා දෘශ්ටිකයෙන් නොවිනනම් ඇති. බුදු හාමුදුරුවන්වම පිළිගන්න ඕනෙත් නෑ.

    උබ ඔය කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතල බපපන් මච්න්.. උබේ තර්ක උබම බිදල දානව...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අනිත් මිනිස්සුන්ට මිත්‍යා ඩෘශ්ටිකයො කියන්නෙ උබ විශ්වය ගැන හැමදේම දන්නවද.?
    මට විශ්වය ගැන දැනගන්න උවමනා නෑ.. මට මම ගැන දැනගත්තම ඇති. මම හිතුව උඹ බෞද්ධයෙක් කියල ඒත් ඒක එහෙම නෙමේ..ඒක නිසා නොදන්න බුදුදහම ගැන ඩොකියුම්න්ටරියක් බලල උබට නිගමන වලට එන්න බෑ