මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ මට දැණුනු දුක නම් කියල වැඩක් නෑ, මට එදායින් පස්සෙ කවදවත් මූව හම්බුනේ නෑ, මම මේක මේකෙ දැම්මේ මම දැන් දවස් ගාණක ඉඳලා ට්රයි කරනවා මුගේ මූණ මතක් කර ගන්න ඒත් තාම බැරි වුණා , අඩුම තරමේ නමවත් දන්නව නම් 






