2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබ මට සිහිවෙයි
    දහසක් ගිලනුන් මියගිය
    මේ ඇඳ මත
    නිසලව වැතිරී මම
    ඔබ ගැන සිත සිතා ඉඳිමි.

    මෙය
    මැදියම් රැය විය හැක.
    කාලය ගලා නොයයි
    විශ්වය නිශ්ශබ්දය.

    එකී නිහඬතාවය මැද
    ගන නිල් කළුවර තුල
    යාන්තමින් සිතට ඇසෙයි
    කඳු මුදුනින් බැසගෙන
    මිටියාවත් දිගේ ගලන
    ඔබේ මිහිරි ගී රාවය.
    කවදාවත් නැති තරමට
    අද ඔබ මට ආසන්නය.

    නිදිබර සුසුම් පොදක්
    රහසක් මා කණට කියයි
    සියුමැලි ඇඟිලි තුඩක්
    මා ඇසිපිය සෙමින් සිඹියි.

    ඉවකින් මෙන් මට වැටහෙයි
    ඔබ මා ළඟ සිටියි.
    උණුසුම් සුළඟක් සේ
    පර මල් සුවඳක් සේ.

    දැන් මට තනියක් නැත.

    නොගැයූ ගීයක තනුවක් වී
    නොහෙළූ කඳුළක සිසිලක් වී
    නොපැතූ පැතුමක කළලක් වී
    නොපෙනී ඔබ මා සමඟ සිටී

    සැහැල්ලුය සිත
    බරක් නොමැතිය.

    අනන්ත අපරිමාණ විශ්වය තුල
    සෙමෙන් සෙමෙන්
    විසිරී යන
    පුළුන් වලා රොදක් මම.
    අනන්ත අපරිමාණ විශ්වය තුල
    වෙන අන් කිසිවක් නැත.
    ඔබත් මාත් දෙදෙනා හැර


    sekera - Nomiyemi.​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඩිංගක් සුනංගු වුනා අද මරණය ගැන කියැවෙන ගීතද යන්නේ? ඒ සම්බන්ධයෙන් මම වඩාත් කැමති ගීතයක් තියෙනවා බලමු යයිද කියලා :D:D

    මගෙ ජාලයත් අවුල් වෙලා තියෙන්නේ :(:(:( ඩොංගල් කොටයක් අටවගෙන අද රේඩියෝ අහන්න ආවේ :D:D:D