ගොඩයෝ Updated

Piyasenehasa

Member
Mar 29, 2016
119
29
0
මම දැක්ක ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ගොඩයෝ ගැන ..මම වැඩිහිටියෙක් හැටියට එකට දෙයක් එකතු කරන්න ඕනේ කියල හිතුන මේ බාල පරම්පරාව වෙනුවෙන් :yes::yes:ඔය අස්සේ නාකිත් ඇති :rolleyes:.

මෙහෙමයි බන් උගේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියනවා .මොකද මම දබුල්ලේ .හැදුනේ වැඩුනේ,ඉස්කෝලේ ගියේ වගේම දැන් රස්සාව කරන්නෙත් මගේ ගමේ .ඒ නිසා මම උපතින් පොෂ් කියන ජාතියේ මිනිහෙක් නම් නෙමෙයි :sorry:. හැබැයි මම මෙහම දෙයක් දකිනවා මිනිස්සුන්ගේ .මමත් අරූ කිව්වා වගේ අත්දැකීම් වලට ඕනේ තරම් මුහුණ දීල තියනවා .

මම කැම්පස් යන කාලේ ගොඩක් අවුරුදු ගානක් ඔය බස් වල ඇවිත් තියන නිසා මම පොඩි අත්දැකීම් ටිකක් මෙතන දාන්න හිතුන

ගොඩක් මිනිස්සු මචන් මැනස් අතින් ගොඩක් පහල මට්ටමක ඉන්නේ .ඒක හොදට විද්‍යමාන වෙනවා ඔය බස් එකකයි කොලබ බස් එකකි යද්දී .

මිනිස්සු බස් වල නගින නෆින මිනිහගෙන් කෑම ගන්නවා ,කනවා ඒක අපිට ප්‍රශ්නයක් නෑ මොකද උන්ගේ සල්ලි .නමුත් කද්දී බොද්දි පොඩ්ඩක් මැනස් කියල දෙයක් තියෙන්න ඕනේ .චව් චව් ගගා සද්ද කර කරා අගේ පතේ හලාගෙන වටේ පිටේ ඉන්න මිනිස්සුටත් එක්ක කරදරයක් වෙන්න තමා ගොඩක් ය කන්නේ බොන්නේ .ඔය අතරේ පවුලක් එහෙම සෙට් වෙන තැනක සිට් තුනක උන්නොත් ඌ අන්තිමේ නැගිට්ටිනේ අරුන් කාපු ඔක්කොම කෑම වල කසල භාජනයක් වගේ .ඕවට කතා කරන්න ගියොත් උන් මහා හයියෙන් කෑගහනවා .ආත්මගරුත්වය තියාගෙන මම ඉවසගෙන ආපු දවස් ඕනේ තරම් .කවදාවත් උන් මේ මනුස්සයත් මහන්සි වෙලා ගෙදර යන ගමන් නේ ඇත්තේ අපි මෙහෙම කරදරයක් වෙන එක හොද නෑ කියන මතේ උන් නෑ. මෙතන තියෙන්නේ කන බොන එක ගැන ගැටළුවක් නෙමෙයි ආත්මාතකාමිත්වය .

ඒ එක සිද්දියක් .

අනෙක තමා ගැනියෙක්ට නම් ඔය බස් එකක තනියම යනවා කියන්නේ සාහෙනම ගේමක් ..කොහෙන් හරි අතක් පතක් දාන්න නැත්නම් හිටගෙන ඉන්න එකාගේ පයිය ගෑනිගේ උරහිසේ තියාගන්න හරි jakak ගහන්න අනිවා සෙට් වෙනවා කොහෙන් හරි ..මම මේ කියන්නේ බොරුයි කියනවනම් උබල දවසක ගිහිල්ල බලපල්ලා මේ බස් එකක .ගොඩක් වෙලාවට ආර්මි එකේ කොල්ලෝ නගිනවා .උන් අනිවා ගසල එන්නේ ..පිස්සෝ වගේ .මොනාහරි කිව්වොත් බඩු බනිස් වෙන නිසා මුකුත් කියන්නේ නෑ කවුරුත් .ලග සිට් එකේ ඉන්න එකාට වමනේ යන්න එනවා අරක්කු ,සිගරට් බියර් ගද .අපිට එහෙමනම් ගෑනියෙක් කොහොම ඉන්නද .ඒ මදිවට අතවරත් කරද්දී .මම ආයෙමත් කියන්නේ මම මේ කියන්නේ බොරුයි කියනවනම් උබල දවසක ගිහිල්ල බලපල්ලා.

ෆෝන් ගත්තමත් උන් සමහර වෙලාවට ෆිල්ම් දාගෙන බලනවා ෆෝන් එකෙන් නැත්නම් හෙන සද්දෙට සින්දු අහනවා ,අනෙක් මිනිහට මේක කරදරයක් ද ,ඒ මිනිහ මොන මානසිකත්වයකද ඉන්නේ කියන එක උන්ට අදාළ නෑ .

තෙල් ගාගෙන ඉන්න සිද්දියත් මෙහෙමයි ,තෙල් ද ජෙල්ද කියන එක නෙමෙයි කේස් එක ..ගොඩක් එවුන් නිදි මරගාතේ යකා ගැහුවා වගේ බුදි උන් නිදාගත්තම අනෙක් එකාගේ උරහිසේ නිදා ගන්නේ .ඉතින් විනාඩි විස්සෙන් විස්සට උරහිස ගස්ස ගස්සා අරුව අනෙක් පැත්තට පෙරේලන්න ඕනේ .සමහර දවස් වල පහුවදා වෙනකම් උරහිස් රිදෙනවා .ෂර්ට් එක ගන්න දෙයක් නෑ තෙල් කහට .මොකද දුවිලිත් එක්ක තෙල් බැදුනම අමුතු කහට පාටක් තියෙන්නේ .

නමුත් කොලබ සමාජය තුල මේ සිද්දි අඩුයි .අනෙක් පැත්තේ කෙල්ලෙක් ද කොල්ලෙක් ද ඉදගන්නේ ඌ මොකද කරන්නේ කියන එක අනෙක් මිනිහට වැඩක් නෑ.තමන් තමන්ගේ පාඩුවේ බහින හෝල්ට් එක ආව බැස්ස .අතරින් පතර අර වගේ සින් යනව ඇති නමුත් අර තරම් බහුල නෑ

කන්නේ බොන්නේ හරිම සංවරව .ගොඩක් වෙලාවට පේපර් බෑග් එකක කෑම දාගෙන අනෙක් යට පෙන්නේ නැති වෙන්න සද්ද නැතුව කනවා .

ෆෝන් එකක සිදුවක් අහන්න ඕනේ නම් තමන්ගේ හෙඩ් සෙට් එක පාවිච්චි කරනවා .

ඔය වගේ පැත්තකුත් තියනවා මචන් .ඔය අත්දැකීම ගන්න ඔය බස් වල යන්නම ඕනේ .
ගොඩක් ග්‍රාමීය මිනිස්සු හරිම ආත්මාර්ථකාමී ගතියක් තියනවා ඒ අතින් .එක ඇත්තටම තියන නොදැනුවත් කමද කියලත් හිතෙනවා ,මොකද ගොඩක් අපේ පැතිවට මිනිස්සු සමාජ දැනුමෙන් අඩුයි .ඒ නිසාම මැනස් ගැන වැඩි අවබෝධයක් නෑ. අධ්‍යාපන මට්ටම් වල ගැටළුවක් ගැන නෙමෙයි මේ කියන්නේ .අපි ඉගන ගන්නේ අපි ජිවත් වෙන පරිසරය සමාජය තුලින් .ඒ නිසා ඔය ගමයි නගරයයි අතර තියන ගැප් එක හැමදාමත් තිබ්බ ,තියනවා .ඉදිරියටත් එහෙමයි ,
විස්තරේ වැඩි වෙන නිසා ගොඩක් කියන්න යන්නේ නෑ නැත්නම් කියන්නම් ගොඩක් දේවල් තියනවා :yes::yes:
 
Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට හැමවෙලාවෙම හිතෙන දෙයක් තමයි සිංහලයා කියන්නේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති විදියේ මහා කාලකන්නි ගතිගුණ වල සහ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති හරිම සුන්දර ගතිගුණවල මිශ්‍රණයක් කියල. ඔය කාලකන්නි ගති ටික හලලා ගත්තොත් නියම මිනිස්සු ටිකක්.

    ගමේ මිනිස්සුන්ගේ ඔහොම ගති තියෙනවා තමයි. ඒත් ප්‍රධාන හේතුව ආත්මාර්ථකාමීත්වයට වඩා නූගත් කම. මම අහල තියෙන විදියට ඉස්සර සිංගප්පුරුවේ මිනිස්සුත් ඔහොමලු. නමුත් දැඩි නීති වලින් ඒ මිනිස්සුන්ගේ හැදියාව හැදුවලු. දැනටත් පාරේ කෙලගහන්න බෑ, චුයින්ගම් කන්න බෑ.

    උදාහරනෙකට බලපන් පොලිතින් ප්ලාස්ටික් විසි කරන විදිය. ගැමියා කොහොමත් ස්වභාවධර්මයට ආදරය කරන මනුස්සයෙක්. ඒත් ගොඩක් මිනිස්සු පොලිතින් ප්ලාස්ටික් විසිකරනවා කිසි හිරිකිතක් නැතුව. හේතුව එකෙන් වෙන හානිය ගැන හරි හමන් දැනුමක් නැති එක.

    ඔය වගේ දේවල් නම් තව පරම්පරා දෙක තුනක් යනකොට නිකම්ම හැදෙයි. ඒත් මුලින්ම හදන්න ඕනේ ඒවා තමයි කුහක කම වගේ ජරා ගති ටික. ඒවා නම් ඉතින් ගමේ නගරේ කියල නැතුව හැමෝම ළඟ තියෙනවා.

    දුකක් කරදරයක් වෙලාවට සිංහල මිනිස්සු, විශේෂයෙන් ගමේ මිනිස්සු වගේ උදව්වට එන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

    හරි හමන් දැක්මක් තියෙන නායකයෝ හිටියනම් ඕවා හදල ගන්න පුළුවන්. ඒත් හරි හමන් නායකයෝ පත් කරලා යවන්නත් හරි හමන් දේශපාලන බුද්ධියක් නෑ බහුතරයකට. එතනත් ප්‍රධාන හේතුව අඩු අද්‍යාපනය. මේක නිකන් චක්‍රයක් වගේ.

    මොනවා උනත් ඔය ගොඩක් දේවල් ඉස්සරහට හැදෙයි කියල හිතෙනවා.

    ඒත් සිඟිති පාතාලේ ජාති ජාති රියල් කැරියෝ දැකපුවහම එකත් sure නෑ කියලත් හිතෙනවා :oo:
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    un goviyo nisa eekata kamak na kiyala kiyanne?
    goviyo nisalu town wala eunge bada pirenne
    ee nisa manners nathi eka care karanna epa lu! :lol:
     
    අත්තමටම මෙතන තියෙන්නේ අධ්‍යාපනේ ගැටළුවක් තමයි මචන් .පොත පතේ නෙමෙයි සමාජය පිලිබදව :yes:. ගමේ මිනිහ ඒ අතින් හරි නුගත් ..මම මෙතන එහෙම දේකුත් දැම්ම පස්සේ අයින් කල කතාව දිග් ගැස්සෙන නිසා .ආයෙත් කිව්වොත්

    ගොඩක් ග්‍රාමීය මිනිස්සුන්ගේ පුරුද්දක් තමයි බස් එකට කෑමක් අරන් නගින්නේ මොකාද අනිවා පොර කකා කන්න ගන්නවා .ආයේ කිසිම තරාතිරමක් වැඩක් නෑ .ඔය පොල්ගහවෙලට මෙහා බස් එකට නගිනවා වඩේ කාරයොයි බඩඉරිගු කාරයොයි ..සමහර එවුන් දාඩිය පෙරාගෙන සත්තු වගේ (එහෙම මිනිස්සුන්ට කියන්න හොද නෑ නමුත් ඒ ස්භාවය එහෙමයි ) .මේ මිනිස්සු පොර කකා සමහර වෙලාවට පස්ස හැරි හැරී කෑ ගහනවා අර මිනිහට .එච්චරකය හදිස්සිය .ඉතින් ඒවා ඇත්තටම හරිම අස්වබාවික සිද්දි .ඒවගේම දැන් අපි හරි වඩේ ගෙඩියක් අරන් අයියේ මේකෙන් බාගයක් කාපන් කියල දුන්නොත් ආයේ දෙපාරක් මම ගැන සැකයක් නැතුව කනවා.කොහෙද කින්ද මන්ද ඇහුවොත් කාපු බීපු එකේ ඉදල විස්තර කියනවා .උබ කිව්වා වගේ අපේ මිනිස්සුන්ගේ අමුතුම ලෙන්ගතු කමකුයි එකටම හරියන්න අමුතුම තිරිසන් ගති ටිකකුත් තියනවා .
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔය තෙල් ගාගෙන යන එකනම් කරදරයක් ඌ බැස්සත් ශීට් එකට ඔලුව තියන්න බෑ කාටවත්..හැබැයි ඕක අපේ ගමේ නම් දැන් අඩු විගෙන අන්නෙ අපෙ අලුත් පරං පරාව ටිකක් හොදයි....ඕකට මූලිකම හේතුව අද්‍යපනය නැති එක
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    ඔය තෙල් ගාගෙන යන එකනම් කරදරයක් ඌ බැස්සත් ශීට් එකට ඔලුව තියන්න බෑ කාටවත්..හැබැයි ඕක අපේ ගමේ නම් දැන් අඩු විගෙන අන්නෙ අපෙ අලුත් පරං පරාව ටිකක් හොදයි....ඕකට මූලිකම හේතුව අද්‍යපනය නැති එක

    ඇත්ත .ගමට කැකිරි නිසා තමයි ඔය සිද්දිය .! අනෙක වෙනසට ගොඩක් අය අනුගතවෙන්නත් අකමැතියි .අපි ජිවත් වෙන්නේ අපිට ඕනේ විදිහට කියන එක ගොඩක් අයගේ ඔලුවේ වැඩ කරනවා .
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    un goviyo nisa eekata kamak na kiyala kiyanne?
    goviyo nisalu town wala eunge bada pirenne
    ee nisa manners nathi eka care karanna epa lu! :lol:

    කලින් ත්‍රෙඩ් එකෙ කියන එක ඇත්ත එකෙ කියල තියන විදිය තමායි අවුල්
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    නමුත් කොලබ සමාජය තුල මේ සිද්දි අඩුයි .අනෙක් පැත්තේ කෙල්ලෙක් ද කොල්ලෙක් ද ඉදගන්නේ ඌ මොකද කරන්නේ කියන එක අනෙක් මිනිහට වැඩක් නෑ.තමන් තමන්ගේ පාඩුවේ බහින හෝල්ට් එක ආව බැස්ස .අතරින් පතර අර වගේ සින් යනව ඇති නමුත් අර තරම් බහුල නෑ
    උඹ අනික් මිනිස්සු කරන කියන දේවල් බල බල ඉන්න ගොඩයෙක් නේද? ශිකේ :rofl:
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    උඹ අනික් මිනිස්සු කරන කියන දේවල් බල බල ඉන්න ගොඩයෙක් නේද? ශිකේ :rofl:

    ඔව් මචන් මමත් ගොඩයෙක් තමා .මම කලිනුත් කිව්වේ මම ඔය පොෂ් කියන සමාජේ කෙනෙක් නෙමෙයි කියල .හැබැයි මං දෙයක් ඉගනගත්තේ ඔය විදිහට අනෙක් මිනිස්සු දිහා බලල .මට ඒ වෙනස දැනුන .වැරද්දක් තිබ්බ කියල දැක්ක හදාගත්තා .අනුකරණය කළා නෙමෙයි .වැරදි විදිහට තේරුම් ගන්න එපා :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    south asian arab afrikan north america ayage IQ eka godak adui japan europe
    jewish lata sapekshava, samaharu kiyai adyapanaya kiyala ugath kama na
    adyapanaya ugathkama ennath balapanne IQ eka, den oya igena gaththaa
    kiyana lankave minissu balanna kochchara irisiyaida kuhaka kama, godak ayata
    kisima daksha kamak na, akalpa vala vurtha nathi kama, lankava thakshanika
    athin diunu karanna kiyala hithanna balanna ai bari thama lankave minissu inne
    vadavasam ugaye paripalana seve gena mahaa ihalin hithaa gena eka akalpa,
    anek de europe and japan minissunge gothra na gothara valin ena minissunge
    kriya vanachari lankava mona buddagame kiuvata balanna samaje aran dating
    party gannava afrikan vage api thama gothrika pirisak, eka enne DNA, and IQ
    kiyana de ekka europe japan jewish ayata thiyenne apata vadiya venas buddimath iq ekak saha sharira penuma thiyena DNA ekak eka apita na, ithin
    thava awurudu 2500k giyath lankava kiyana rataval eka thana
    :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ගොඩේ මිනිස්සු විතරක් නෙමෙයි. සිංහල මිනිහා තමන්ගෙ ලාංඡනය විදියට පෙන්නනන සිංහය වගේම කම්මැලියි. ලේසියට පහසුවට මොනවහරි ලැබෙනවනම් අනිත් එකාට හෙන ගැහුනත් කමක් නැහැ. බස් එකට නැග්ගගමන් කෙලින්ම බහින්න ලේසියට දොර ලඟ හිටගන්නෙ. ඊට පස්සෙ කොන්ද ඇවිත් හරක් දක්කනව වගෙ දක්කන්න ඕන. බස් එකක යනකොට පිටිපස්සෙ දොරෙන් නැගල ඉස්සරහ දොරෙන් බහින එක මහ ලොකු කරන්න බැරි අමාරු වැඩක්ද? මිනිස්සුන්ගෙ තියෙන්නෙ නොසැලකිල්ල. :angry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔව් මචන් මමත් ගොඩයෙක් තමා .මම කලිනුත් කිව්වේ මම ඔය පොෂ් කියන සමාජේ කෙනෙක් නෙමෙයි කියල .හැබැයි මං දෙයක් ඉගනගත්තේ ඔය විදිහට අනෙක් මිනිස්සු දිහා බලල .මට ඒ වෙනස දැනුන .වැරද්දක් තිබ්බ කියල දැක්ක හදාගත්තා .අනුකරණය කළා නෙමෙයි .වැරදි විදිහට තේරුම් ගන්න එපා :yes::yes:
    උඹට තේරුම් ගන්න බැරි වුනේ ආර්ථික මට්ටම මුල් කරගත්ත සමාජ ස්ථර තියනවා කියන එක. එකම රූට් එකේ නෝමල් බස් එකකයි AC බස් එකකයි ගිහිං බලපං එතකොට උඹට තේරෙයි උඹ ඕක තේරුම් අරං තියන විදිහ හරිද වැරදිද කියලා. පලාතෙ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ ආර්ථික පසුබිමත් එක්ක හැදිච්ච සමාජ ස්ථර වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හැමවෙලාවෙම හිතෙන දෙයක් තමයි සිංහලයා කියන්නේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති විදියේ මහා කාලකන්නි ගතිගුණ වල සහ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති හරිම සුන්දර ගතිගුණවල මිශ්‍රණයක් කියල. ඔය කාලකන්නි ගති ටික හලලා ගත්තොත් නියම මිනිස්සු ටිකක්.

    ගමේ මිනිස්සුන්ගේ ඔහොම ගති තියෙනවා තමයි. ඒත් ප්‍රධාන හේතුව ආත්මාර්ථකාමීත්වයට වඩා නූගත් කම. මම අහල තියෙන විදියට ඉස්සර සිංගප්පුරුවේ මිනිස්සුත් ඔහොමලු. නමුත් දැඩි නීති වලින් ඒ මිනිස්සුන්ගේ හැදියාව හැදුවලු. දැනටත් පාරේ කෙලගහන්න බෑ, චුයින්ගම් කන්න බෑ.

    උදාහරනෙකට බලපන් පොලිතින් ප්ලාස්ටික් විසි කරන විදිය. ගැමියා කොහොමත් ස්වභාවධර්මයට ආදරය කරන මනුස්සයෙක්. ඒත් ගොඩක් මිනිස්සු පොලිතින් ප්ලාස්ටික් විසිකරනවා කිසි හිරිකිතක් නැතුව. හේතුව එකෙන් වෙන හානිය ගැන හරි හමන් දැනුමක් නැති එක.

    ඔය වගේ දේවල් නම් තව පරම්පරා දෙක තුනක් යනකොට නිකම්ම හැදෙයි. ඒත් මුලින්ම හදන්න ඕනේ ඒවා තමයි කුහක කම වගේ ජරා ගති ටික. ඒවා නම් ඉතින් ගමේ නගරේ කියල නැතුව හැමෝම ළඟ තියෙනවා.

    දුකක් කරදරයක් වෙලාවට සිංහල මිනිස්සු, විශේෂයෙන් ගමේ මිනිස්සු වගේ උදව්වට එන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

    හරි හමන් දැක්මක් තියෙන නායකයෝ හිටියනම් ඕවා හදල ගන්න පුළුවන්. ඒත් හරි හමන් නායකයෝ පත් කරලා යවන්නත් හරි හමන් දේශපාලන බුද්ධියක් නෑ බහුතරයකට. එතනත් ප්‍රධාන හේතුව අඩු අද්‍යාපනය. මේක නිකන් චක්‍රයක් වගේ.

    මොනවා උනත් ඔය ගොඩක් දේවල් ඉස්සරහට හැදෙයි කියල හිතෙනවා.

    ඒත් සිඟිති පාතාලේ ජාති ජාති රියල් කැරියෝ දැකපුවහම එකත් sure නෑ කියලත් හිතෙනවා :oo:
    hell yeah!!!!!
    ෙම් රට ෙකළවරක ඉදන් මකල හදන ජාතිෙය ඒ්කාධිපතිෙයක් ව ෙග් පාලකෙයක් ඔ්න කරනවා.....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    hell yeah!!!!!
    ෙම් රට ෙකළවරක ඉදන් මකල හදන ජාතිෙය ඒ්කාධිපතිෙයක් ව ෙග් පාලකෙයක් ඔ්න කරනවා.....
    කිඹුලා කාලයක් චම්පික පස්සෙ ගියා නේද?