මචන්,පුලුවන්නම් අභිදර්මයෙන් පැහැදිලි කරපන්.. එතකොට තෙරුම්ගන්න පහසුයි. පින්
අරමුණක් ගන්නකොට සිතේ ඇතිවෙන චිත්ත පරම්පරාවේදී ඇතිවෙන වොත්තපන චිත්තයෙන් තමයි අරමුණේ ස්වභාවය විමසන්නෙ. එතැනදී අරමුණ මාත්‍රයක් විදිහට හඳුනාගත්තොත්, ජවන වලින් ඒ අරමුණ තදින් ග්‍රහණය කරගන්නේ නෑ. එතකොට සාමාන්‍යයෙන් ඊළඟට ජනිත වන ජවන සිත් 7න් ක්‍රියාමක වෙන්නෙ 5ක් විතරයි. ඒ ජවන දාමයේ 5වෙනි එකෙන් ජවන ඇති වෙන ඒක නැවතිල 6 යි 7යි ශුන්‍ය වෙනව. මේ 6වෙනි හා 7 වෙනි ජවන වලින් තමයි තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. එතනින් ඊළඟ භාවයට මුලික වෙන හේතු නැති වෙනව.
චුති සිතේදී මේ 6වෙනි හා 7වෙනි ජවන නැති වීම, පටිසන්ධිය වැලක්වීමට හේතුවෙන හැටි ගැන මම තාම දාන්නේ නෑ.


