නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන්,පුලුවන්නම් අභිදර්මයෙන් පැහැදිලි කරපන්.. එතකොට තෙරුම්ගන්න පහසුයි. පින්

    අරමුණක් ගන්නකොට සිතේ ඇතිවෙන චිත්ත පරම්පරාවේදී ඇතිවෙන වොත්තපන චිත්තයෙන් තමයි අරමුණේ ස්වභාවය විමසන්නෙ. එතැනදී අරමුණ මාත්‍රයක් විදිහට හඳුනාගත්තොත්, ජවන වලින් ඒ අරමුණ තදින් ග්‍රහණය කරගන්නේ නෑ. එතකොට සාමාන්‍යයෙන් ඊළඟට ජනිත වන ජවන සිත් 7න් ක්‍රියාමක වෙන්නෙ 5ක් විතරයි. ඒ ජවන දාමයේ 5වෙනි එකෙන් ජවන ඇති වෙන ඒක නැවතිල 6 යි 7යි ශුන්‍ය වෙනව. මේ 6වෙනි හා 7 වෙනි ජවන වලින් තමයි තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. එතනින් ඊළඟ භාවයට මුලික වෙන හේතු නැති වෙනව.

    චුති සිතේදී මේ 6වෙනි හා 7වෙනි ජවන නැති වීම, පටිසන්ධිය වැලක්වීමට හේතුවෙන හැටි ගැන මම තාම දාන්නේ නෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සමබරතා කවිය

    සමබරතාවයක් නෑ සමහරු ගාවා
    ඇති සමහරුන් ගැන නැති දොස් ගෙන පෑවා
    විස්තර කරන්නට තම බස බැරි වූවා
    බැරි මුත් දෙසයි අභිධර්මය හැකි සේමා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමබරතාවයක් නෑ සමහරු ගාවා
    ඇති සමහරුන් ගැන නැති දොස් ගෙන පෑවා
    විස්තර කරන්නට තම බස බැරි වූවා
    බැරි මුත් දෙසයි අභිධර්මය හැකි සේමා

    :rofl::rofl:
    ලජ්ජා නැද්ද බන් පොඩි එවුන් වගේ හැසිරෙන්න?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    සමබරතාවයක් නෑ සමහරු ගාවා
    ඇති සමහරුන් ගැන නැති දොස් ගෙන පෑවා
    විස්තර කරන්නට තම බස බැරි වූවා
    බැරි මුත් දෙසයි අභිධර්මය හැකි සේමා

    මචන්ලා උබලාට දැන් වැඩේ තෙරෙනවාද? මටත් ඔනි උනේ මේක කරගන්නයි..
    මම ස්ක්යිගෙන් ප්‍රශ්නයක් ඇහුවේ ඊයේ.... එත් අද හවස්වනතුරු එයා ඒකට ස්යිලන්ස්.මම හිතුවා මෙච්චර සමජය ගැන අනුකම්පාවෙන්යැයි කියමින්, හාමුදුරුවන්ගේ වැරදි රටට කියනඔහු,මම ගැනත් අනුකම්පාවෙන් මගේ දහම් ගැටලුවටත් පිලිතුරක් දේවි කියා.
    ඒත් එහෙම උනේනෑ.මොකද ඒවට පිලිතුරුදුන්නොත් මෙයගේ දැනුම පේනවනේ ලොකයට.මෙයට ඔනි හාමුදුරුවන්ගේ වැරදි පෙන්නන්න විතරයි.

    මැක්ස් මගේ ගැටලුවට පිලිතුරක් දුන්නගමන්, මෙන්න ස්කයිලාක් එනවා කවි කියාගෙන(මැක්ස්ට ධර්මයත් බෑ කියගෙන ). වෙනදට දාන සුත්‍ර පිටකේඅද කොයි...මොකෝ මේ අද කවි?

    ඔයා වෙනදට දාන අර සුත්‍රපිටකේ සුපුරුදු වාක්‍යටිකෙන් මැක්ස්ගේ පැහැදිලිකිරීමට මොකුත් කියාගන්න බැරි නිසාද,අද කවිකාරයෙක් උනේ..
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මචන්ලා ඔන්න බලපල්ල බොරුකාරයින්ගේ ඇත්ත ස්වරූපය....
    එයලගේ ඇත්ත උවමනාව මොකක්ද කියන එක දැන් තෙරෙනවද?

    මෙයහදන්නේ ලේසි පාරෙන් ,මිනිස්සු අතර පොරවෙන්න..ඒකියන්නේ අනුන්ගේ දර්මයේ වැරදි පෙන්නලා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සමබරතාවයක් නෑ සමහරු ගාවා
    ඇති සමහරුන් ගැන නැති දොස් ගෙන පෑවා
    විස්තර කරන්නට තම බස බැරි වූවා
    බැරි මුත් දෙසයි අභිධර්මය හැකි සේමා

    සභාවේ මහත් සිනා! :yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන්ලා උබලාට දැන් වැඩේ තෙරෙනවාද? මටත් ඔනි උනේ මේක කරගන්නයි..
    මම ස්ක්යිගෙන් ප්‍රශ්නයක් ඇහුවේ ඊයේ.... එත් අද හවස්වනතුරු එයා ඒකට ස්යිලන්ස්.මම හිතුවා මෙච්චර සමජය ගැන අනුකම්පාවෙන්යැයි කියමින්, හාමුදුරුවන්ගේ වැරදි රටට කියනඔහු,මම ගැනත් අනුකම්පාවෙන් මගේ දහම් ගැටලුවටත් පිලිතුරක් දේවි කියා.
    ඒත් එහෙම උනේනෑ.මොකද ඒවට පිලිතුරුදුන්නොත් මෙයගේ දැනුම පේනවනේ ලොකයට.මෙයට ඔනි හාමුදුරුවන්ගේ වැරදි පෙන්නන්න විතරයි.

    මැක්ස් මගේ ගැටලුවට පිලිතුරක් දුන්නගමන්, මෙන්න ස්කයිලාක් එනවා කවි කියාගෙන(මැක්ස්ට ධර්මයත් බෑ කියගෙන ). වෙනදට දාන සුත්‍ර පිටකේඅද කොයි...මොකෝ මේ අද කවි?

    ඔයා වෙනදට දාන අර සුත්‍රපිටකේ සුපුරුදු වාක්‍යටිකෙන් මැක්ස්ගේ පැහැදිලිකිරීමට මොකුත් කියාගන්න බැරි නිසාද,අද කවිකාරයෙක් උනේ..

    එයා එයාගෙම වල කපාගන්නව. දැන් කලින් තිබ්බ සිල්වත් වෙසමුණ ගැලවිලා, බලන අයට හිනා යන විදිහට හැසිරෙන්නෙ. මම හිතුවේ නෑ කවි ලියන්න තරම් රිදෙයි කියල. මම ඇත්තටම හිතුව මම දුන්න උත්තරය වැරදියි කියන්න හරි වැදගත් විස්තරයක් දායි කියල. දැන්නම් අනුකම්පාවක් ඇති වෙන්නේ. බනින්නවත් හිතෙන්නෙ නෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මට නම් ලැජ්ජාවෙ බෑ මේ රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ අභූතයෙන් සිල්වත් භික්ෂූන්ට දොස් පවරනවා දැකලා. එත් සමහර අයට මේ ලැජ්ජා බය නැහැනේ. ඉතින් ඒ අය කියනවා ඔය පොඩ්ඩ පොඩ්ඩ රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ අභූතයෙන් සිල්වත් භික්ෂූන්ට දොස් පැවරුවාට කමක් නැතය කියල. ලැජ්ජාව කියන්නේ මොකක්ද, බය කියන්නෙ මොකක්ද කියලා ඒ පිරිසට තේරෙන්නේ නැති හැටියක්! ලැජ්ජාවක් බයක් නැති හින්දම කමක් නැතය කියලා හිතනවානේ! තියෙන අය මේ අරියඥාණ හාමුදුරුවෝ කියන දේවල් අහලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. නැති අය ඔය කමක් නැහැ කියලා ඒ මදිවට ඒවා අහලා සාධුකාරත් දෙනවා ඇති මං හිතන්නේ.

    http://www.trekmentor.com/si/content/book/621
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචන්ලා ඔන්න බලපල්ල බොරුකාරයින්ගේ ඇත්ත ස්වරූපය....
    එයලගේ ඇත්ත උවමනාව මොකක්ද කියන එක දැන් තෙරෙනවද?

    මෙයහදන්නේ ලේසි පාරෙන් ,මිනිස්සු අතර පොරවෙන්න..ඒකියන්නේ අනුන්ගේ දර්මයේ වැරදි පෙන්නලා.

    Seems like this whole "Q & A session" is "Scripted and rehearsed" :D:D
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මචන්ලා උබලාට දැන් වැඩේ තෙරෙනවාද? මටත් ඔනි උනේ මේක කරගන්නයි..
    මම ස්ක්යිගෙන් ප්‍රශ්නයක් ඇහුවේ ඊයේ.... එත් අද හවස්වනතුරු එයා ඒකට ස්යිලන්ස්.මම හිතුවා මෙච්චර සමජය ගැන අනුකම්පාවෙන්යැයි කියමින්, හාමුදුරුවන්ගේ වැරදි රටට කියනඔහු,මම ගැනත් අනුකම්පාවෙන් මගේ දහම් ගැටලුවටත් පිලිතුරක් දේවි කියා.
    ඒත් එහෙම උනේනෑ.මොකද ඒවට පිලිතුරුදුන්නොත් මෙයගේ දැනුම පේනවනේ ලොකයට.මෙයට ඔනි හාමුදුරුවන්ගේ වැරදි පෙන්නන්න විතරයි.

    මැක්ස් මගේ ගැටලුවට පිලිතුරක් දුන්නගමන්, මෙන්න ස්කයිලාක් එනවා කවි කියාගෙන(මැක්ස්ට ධර්මයත් බෑ කියගෙන ). වෙනදට දාන සුත්‍ර පිටකේඅද කොයි...මොකෝ මේ අද කවි?

    ඔයා වෙනදට දාන අර සුත්‍රපිටකේ සුපුරුදු වාක්‍යටිකෙන් මැක්ස්ගේ පැහැදිලිකිරීමට මොකුත් කියාගන්න බැරි නිසාද,අද කවිකාරයෙක් උනේ..

    Seems like this whole "Q & A session" is "Scripted and rehearsed" :D:D

    පින්වත් Harvard-Bio,

    හරියටම හරි! ඕන්න සට කපට පුද්ගලයො ධර්මය අහන්න කියලා තමන් ආවේ වෙන කාරණයකටය කියලා ඔප්පු කරගත්තා. මෙහෙම පුද්ගලයන්ට මොන දහම්ද? මේ දහම් හොරුනේ! දහම් අවබෝධ කිරීම පැත්තක තියලා ප්‍රයෝජනයක් නැති සට කපට වැඩ කරනවා. ඊට පස්සේ තමන් දිනුවාය කියලා හිතලා උද්දාමයට පත් වෙලා අන් අයට තමන් දිනුවාය කියලා පවසනවා. අනේ හිස් ක්‍රියාව ගැන උද්දාම වාක්‍ය ප්‍රකාශ කරා විතරයි බොරුව අහුවෙනවා!

    හරියට නරියෙක් තමන් සිංහයෙක් වගේය කියලා හිතලා සිංහ ගර්ජනාව කරන්නෙමැයි සද්ද කරාම හූ හඩ ආවා වාගේ!

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට නම් ලැජ්ජාවෙ බෑ මේ රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ අභූතයෙන් සිල්වත් භික්ෂූන්ට දොස් පවරනවා දැකලා. එත් සමහර අයට මේ ලැජ්ජා බය නැහැනේ. ඉතින් ඒ අය කියනවා ඔය පොඩ්ඩ පොඩ්ඩ රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ අභූතයෙන් සිල්වත් භික්ෂූන්ට දොස් පැවරුවාට කමක් නැතය කියල. ලැජ්ජාව කියන්නේ මොකක්ද, බය කියන්නෙ මොකක්ද කියලා ඒ පිරිසට තේරෙන්නේ නැති හැටියක්! ලැජ්ජාවක් බයක් නැති හින්දම කමක් නැතය කියලා හිතනවානේ! තියෙන අය මේ අරියඥාණ හාමුදුරුවෝ කියන දේවල් අහලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. නැති අය ඔය කමක් නැහැ කියලා ඒ මදිවට ඒවා අහලා සාධුකාරත් දෙනවා ඇති මං හිතන්නේ.

    http://www.trekmentor.com/si/content/book/621

    මචන් කමල්. උඹට පොඩ්ඩක් පැටලිල වගේ. මම කවුරුවත් හාමුදුරු කෙනෙක්ගේ පැත්ත අරගෙන නෑ. ඔයා අන්තයේ ඉන්න නිසා ඔයාගෙ අදහසට විරුද්ධ අය අනිවාර්යයෙන් අරියඥාණ හාමුදුරුවො මුල් කරගෙන ඉන්නව කියල හිතාගෙන ඇති. ඒත් මම මීට කලින් මේ හාමුදුරුවන්ගේ බණ අහල තියෙන්නෙත් එක පාරයි. මම කියන්නෙ ඔයා ගිහියෙක් හැටියට ගෞරවාන්විත විදිහට බණක වැරද්දක් පෙන්නනවට වඩා ඒකට මඩ ගහන එක වැරදියි කියල. මට ඕන තරම් බණ වලදි වැරදි දේවල් ඇහිලා තියනව. මම ඒවත් එක්ක ගැටෙන්නේ නෑ. හොඳ ටික අරගෙන නරක දේ අයින් කරනව. භික්ෂුවකට තවත් භික්ෂුවක් විවේචනය කරන්න අයිතියක් තියනව ගිහියෙක්ට වැඩිය. උඹ සිවුරක් දාගෙන ඔය ටික කිව්වනම්, තත්වෙ ගොඩක් වෙනස්. මෙතන ප්‍රශ්නෙ පටන් අරන් තියෙන්නෙ ඔයා සෝවාන් වෙලා කියල හිතාගන්න නිසා ඔයා හිතනව ඔයා හිතනව ඔයා සාසනයට උඩින් ඉන්නෙ කියල. (දැන් ඉතින් ඔයා සෝවාන් වෙලා නෑ කියල හැමෝටම ඔයාම පෙන්නුවනෙ, ඉතින් එක ගැන කතා කරන්න දෙයක් මට ඉතුරු වෙලා නෑ.) සුත්‍රපිටකය ගැන හොඳ දැනුමක් තියන නිසා ඔයාම දන්නව ඇතිනෙ කොච්චර මාර්ගඵල ලබාගෙන හිටියත්, බෞද්ධයෙක් එදා සිවුරු පෙරවගත්ත භික්ෂුවකට උනත් වඳින්න ඕන කියල. මම ඇත්තටම හිතනව මට වැඩිය උඹ නිවනට ලඟයි කියල. ඒක නිසා කල්‍යාණ' මිත්‍රයෙක් විදිහට මේ කියන්නෙ, උඹේ මානය බින්දගත්ත දාකට උඹ සමහර විට ඇත්තටම සෝවාන් වෙයි.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් Harvard-Bio,

    හරියටම හරි! ඕන්න සට කපට පුද්ගලයො ධර්මය අහන්න කියලා තමන් ආවේ වෙන කාරණයකටය කියලා ඔප්පු කරගත්තා. මෙහෙම පුද්ගලයන්ට මොන දහම්ද? මේ දහම් හොරුනේ! දහම් අවබෝධ කිරීම පැත්තක තියලා ප්‍රයෝජනයක් නැති සට කපට වැඩ කරනවා. ඊට පස්සේ තමන් දිනුවාය කියලා හිතලා උද්දාමයට පත් වෙලා අන් අයට තමන් දිනුවාය කියලා පවසනවා. අනේ හිස් ක්‍රියාව ගැන උද්දාම වාක්‍ය ප්‍රකාශ කරා විතරයි බොරුව අහුවෙනවා!

    හරියට නරියෙක් තමන් සිංහයෙක් වගේය කියලා හිතලා සිංහ ගර්ජනාව කරන්නෙමැයි සද්ද කරාම හූ හඩ ආවා වාගේ!

    Skylark

    පිංවත් කමල්,

    මේ ගොල්ලෝ හිතං ඉන්නේ මේ වගේ සත පණහේ වැඩ කරලා මිනිස්සු රවට්ටලා "මම දිනුවා" කියල මායාවක් ඇතුලේ බොරුවට "රජ වෙන්න" විතරයි. ඔය ප්‍රශ්නෝත්තර සෙෂන් එක දෙපාරක් කියවන්න ඕනේ නැහැ මොකක්ද වුනේ කියලා තේරුම් ගන්න. රැවටිලි කාරයෝ රැවටිලිකාරයන්ටම එකතු වෙනවා කියන එකට හොඳ උදාහරනයක් මේක. ඔබ නොබියව මේ සද්කාර්ය කරගෙන යන්න. මගේත් පූර්ණ සහය ඔබට ලැබෙනවාමයි.
    :yes::yes:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එයා එයාගෙම වල කපාගන්නව. දැන් කලින් තිබ්බ සිල්වත් වෙසමුණ ගැලවිලා, බලන අයට හිනා යන විදිහට හැසිරෙන්නෙ. මම හිතුවේ නෑ කවි ලියන්න තරම් රිදෙයි කියල. මම ඇත්තටම හිතුව මම දුන්න උත්තරය වැරදියි කියන්න හරි වැදගත් විස්තරයක් දායි කියල. දැන්නම් අනුකම්පාවක් ඇති වෙන්නේ. බනින්නවත් හිතෙන්නෙ නෑ.

    මචන් , මෙතන යන්නේ මෙයාලගේ වෙනමම ගේම් එකක්....
    මෙයාල ලොකෙට පෙන්නන්න උත්සාහ කරන්නේ, මිනිසුන්කෙරෙහි කරුනාවෙන් වැරදිධර්මය සමාජ ගතකරන එක නවත්තනව කියලයි..

    නමුත් බලන්න , මෙච්චර කරුනාබර කියන උදවියගේ ත්‍රේඩ් වල නම්.අනික තමයි මෙයාලා දහම් කරුනුවිවේචනය වෙනුවට වැඩිතැනක් දෙන්නේ ඒවා දෙශනා කරන ප්‍රසිද්ධ භික්ශුන් විවේචනයටයි.එසේ කිරීමෙනු ත් නැවතී, නිවැරදි දහම් කරුන තියෙන්නේ තමන්ගේ සයිට් එකේයැයි දක්වමින් එකේ ලින්ක් එක මෙහි දැමීමයි. එතනිනුත් එයාල ට්‍රැෆික් වැඩිකරගනී.එතැන තියනදේ ගිය අයදනිති.

    හැබැයි, අන්තිම හරියවෙද්දී නම් කමල්ගේ වෙස්මුහුන ගැලවිලා එකතැනම ඇන්ජිම කැරකෙන්න ගත්තවගේ දෙයක් උනේ.එකම බන පදේ කිය කියා කිකාරෙන් දොඩවල, පස්සේ කවිකාරයෙක් වෙල පහරදෙන්නගත්ත අභිදර්මය විවේචනය කරන්න බැරුව..
    මුලදි කොමෙන්ට් දැම්මේ නිකන් දර්ම සේනාදිපතිවගේ.

    කවුරුවත් දැක තිබෙනවාද මෙ පුද්ගලයා ගැබුරු ධර්ම කරුනු(ධර්මයේ හරය ) පැහැදිලි කරනවා මේ ත්‍රෙඩ් එකේ..
    ඒ වෙනුවට කරන්නේ , එයාගේ සයිට් එකට එන්න කියනව.. ධහම දන්න මිනිහට සයිට් එකේ පිටු ගගන් ලියන්න ඔනි නෑ.. මෙතන පුලුවන් සරලව තොරලාදෙන්න.
    මේ ,කීපදෙනෙක් සෙට්වෙලා අරමුනු ගොඩක් ඇතුව ගහන ගේම් එකක්..
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අරමුණක් ගන්නකොට සිතේ ඇතිවෙන චිත්ත පරම්පරාවේදී ඇතිවෙන වොත්තපන චිත්තයෙන් තමයි අරමුණේ ස්වභාවය විමසන්නෙ. එතැනදී අරමුණ මාත්‍රයක් විදිහට හඳුනාගත්තොත්, ජවන වලින් ඒ අරමුණ තදින් ග්‍රහණය කරගන්නේ නෑ. එතකොට සාමාන්‍යයෙන් ඊළඟට ජනිත වන ජවන සිත් 7න් ක්‍රියාමක වෙන්නෙ 5ක් විතරයි. ඒ ජවන දාමයේ 5වෙනි එකෙන් ජවන ඇති වෙන ඒක නැවතිල 6 යි 7යි ශුන්‍ය වෙනව. මේ 6වෙනි හා 7 වෙනි ජවන වලින් තමයි තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. එතනින් ඊළඟ භාවයට මුලික වෙන හේතු නැති වෙනව.

    චුති සිතේදී මේ 6වෙනි හා 7වෙනි ජවන නැති වීම, පටිසන්ධිය වැලක්වීමට හේතුවෙන හැටි ගැන මම තාම දාන්නේ නෑ.

    Thanks.....

    මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?

    අනික තමයි, උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?

    ඇනිත් නරුන නම්, උබ කිව්ව
    නේ අරමුන තදින් ග්‍රහනය වෙන්නේ නෑ කියල එතකොට.. නමුත් සිදුවියයුත්තේ අරමුන ග්‍රහනය කරහන්න ප්‍රමනයෙන් ස්වායත්තව (තදින්ද ලාවටද යන්න නොව )අපි ග්‍රහනය කරගත්ත අරමුන අනුපස්සනා කිරීම නෙද?(අනිච්චනු පස්සනා,දුක්ඛානු,අනත්තනු ).එතකොට නේද ජවනයන්ගේ වේගය අඩුවෙන්නේ..
    මේගැන උබේ අදහස මොකක්ද?
    (මීවනපලනේ, හාමුදුරුවන්ගේ දෙශනාවක්ද මේකට මම අශ්‍රය කරගත්ත )

    තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

    මම කියන්නේත් අයෙමත් උබ කියන දේමද?
     
    උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?

    නෑ මචන් මම ඒ කතා කලේ ඒ පද හතරම ගැන.ඒ හතර ආකාරයෙන්ම වෙන්නෙ අරමුණු ගැනීම. ඒකනිසා සිතට ඒ හතර ආකරයම් එක වගේ.

    මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?

    මාත් ඉස්සර හිරවෙච්ච තැනක් ඔතන. තාමත් ජවන ගැන හරියටම දන්නෙත් නෑ මම. හැබැයි මේ වෙනකොට වටහා ගත්ත ටික කියන්නම්.

    ජවනයේ ස්වභාවය තමයි අපේ සිත ඒ ගත්ත අරමුණ රසවිඳල හොඳට දැන හඳුනාගැනීම. හරියට අපි කටට දාගත්ත කෑමක් හත් පාරක් හප හප, හොඳට දිව වටේ රෝල් කර කර ඒකෙ රස හොඳට දන හඳුනාගන්නවා වගේ. පළවෙනි ජවනය පළවෙනි හැපිල්ල වගේ. අර කෑම හප හප කෑලි කරල කෙල එක්ක මිශ්‍ර කරන තරමට තමයි දිවට රස දැනෙන්නෙ. ඉතින් හපන්න හපන්න රස වැඩියි.

    මේ රසය හේතු කරගෙන, ජවන වලින් බලවත් චිත්ත ශක්තියක් හටගන්නව. චේතනාවක් ක්‍රියාත්මක කරවන්න අපේ ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය(ජවය) සපයන්නෙත් මේ ජවන වලින්. 1 ඉඳල 5 වෙනි ජවනෙට වෙනකන් අපේ සිත කරන්නේ ඒ අරමුණ හොඳට දැන හඳුනාගෙන ඒ අරමුණෙ ස්වභාවය ගැන රූපයක් සංස්කරණය කරගන්නව. මේ සංස්කරණයට තමයි සංකාර කියන්නේ.

    1ජවනය- වේදනා සංඥා සිතට නගන්න පුළුවන් වෙනව - වේදනා සංඥා මනෝසංකාර
    2ජවනය- 1 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් කලින්ට වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩාත් හොඳින් සිතට ගන්නව.
    3ජවනය-2 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් ඊටත් වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩ වඩාත් හොඳින් සිතට ගන්නව.

    4 ජවය- 3 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන, තවත් බලවත් වෙලා, අපේ සිතට විතක්ක විචාර නගා ගැනීමට හා අදහස් වචනයට නගන්න අවශ්‍ය බලය ලබා දෙනව - විතක්ක විචාරෝ වචී සංකාර
    5ජවනය-කය ක්‍රියාත්මක කරවන්න හිතල ක්‍රියාත්මක කරවන්න පුළුවන් ශක්තියක් ලබා දෙනව-ආශ්වාස ප්‍රශ්වාස හා කායි සංකාර

    මේ ටිකට තමයි සංකාර වෙන්නෙ. මෙතනට එනකන් අපි ශරීරය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය සංකාර ගොඩනගාගත්තට, තාම අපි ඒ සංස්කරණය කරගත්ත අරමුණෙ ඇලිල, ගැටිලා මුලා වෙලා නෑ. ඒක නිසා තාම කර්මය ගොඩනගාගෙන නෑ.

    රහතුන්ගෙ සිත් වල මෙතනින් එහාට ජවන ඇති වෙන්නෙ නෑ. රහතුන් හැර අනෙක් හැමෝටම ජවන හටගන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් 7ක් ගිහිල්ලම තමයි නවතින්නෙ.

    මේ අරමුණෙ මුලා වෙලා ඇති කරන්න 6වෙනි හා 7 වෙනි ජවන වල විශාල බලයක් තියනව. මේවයින් තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. මේවට කියන්නෙ අභිසංකාර කියල.

    රහත් සිත් වල සංකාර නෑ කියල නිකන් කිව්වට, ඒකෙන් ඇත්තට අදහස් වෙන්නෙ මේ අභිසංකාර නෑ කියන එක. අනාගාමී සිත් වල උනත් දුර්වල වෙලා හරි මේ අභිසංකාර හටගන්නව.

    මේ අභිසන්කාර අල්ලන ප්‍රමාණය නිගමනය කරගන්නෙ වොත්තපන කියන කාර සිතෙන්. රහත් සිතේදී හරියට අර කටට දාගත්ත කෑම මොකද්ද කියල හරියට දැනගන්න පස් පාරක් හපල, ඒ කෑමේ ඇත්ත ස්වභාවය පිළිකුල් සහගත නිසා කටෙන් එලියට දානව වගේ. මම හිතන්නෙ මේක වෙන්න ඇති ඔයා අහපු බණෙන් විස්තර වෙන්නෙ.

    තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

    ජවන පටන්ගන්න කලින්ම ප්‍රඥාව හේතුකරගෙන තමයි වොත්තපන වලින් අභිසංකාර ඇති කරගන්නවද, නැද්ද තීරණය වෙන්නේ. ජවන පටන් ගත්තට පස්සෙ එවයි ජවය අරමුණෙ ප්‍රභලත්වය මත රඳා පවතිනව.

    මමත් මේ මාතෘකාව නිකන් මතුපිටින් අල්ලල විතරයි තියෙන්නෙ. ඒක නිසා මම කියපු ටිකේ අඩු පාඩුවක් දැක්කොත් කියන්න. ඒක මටත් ලොකු උදව්වක්. මොකද තව ටිකක් මේක තේරුම් ගත්තම ඔක්කොම එකතු කරල, අභිධර්ම thread එකට එකතු කරන්න හිතාගෙන ඉන්නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පින්වත් ස්ක්යිලාක්,

    දහම් කරුනක් පැහැදිලිකරගතයුතුව අඇත.. කරුනාකර කවුරුන්හෝ(ජින්තකටත් පුලුවන්) පහැදිලි කරදෙන්නේනම් පින්.

    දිට්ඨේ දිට්ඨ මත්තන් භවිස්සති..
    සුතේව සුතමත්තන් භවිස්සති..යැයි බුදුන්වහන්සේ ,දාරුචීරියට වදාලේ සතර සතිපට්ඨානයමද?

    කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අගනේය..

    මහා සතර සතිපට්ටාන සූත්‍රය සම්පූර්නයෙම දැනගන්න මේ වීඩියෝ තුන බලන්න.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මෙතන ප්‍රශ්නයක් මට නම් නැහැ තියෙන්නේ බුදු බණ කිය කිය වැරදි බණක් දෙසන එක. මේක පුද්ගලික විසඳගන්න මට්ටමේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේ විකාර , වැරදි කරුනු කාරනා සමාජ ජාල, මාධ්‍ය හරහා සමාජයේ මුල් බැහැ ගන්නවා. අන්න එතනයි ප්‍රස්නේ තියෙන්නේ. එක එක මහනුන් සමඟ තියෙන පුද්ගලික ප්‍රස්නයක් නෙවෙයි.

    එහෙමයි කියලා තුච්ච බාෂාවෙන් මඩ ගහන එක හරිද? මෙතන හිතේ පොට යනකම් හිතන්න දෙයක් නැහැ. දාපු පුද්ගලයා දාපු දේ දාලා තියෙන්නේ අපහසක් අරමුණු කරගෙනම තමා. අඩුම ගානේ තමන් වගේ ගීහියෙක්ට වඩා සීලයෙන් උසස් භික්ෂුවකට මෙහෙම අපහස කරන්නේ කියලා හිතන්න තිබ්බ. ඇත්තටම ධර්ම ප්චාරයට උවමනාවක් තියනවා නම් වෙන්න ඕනේ භික්ෂු ශාසනයට ඇතුල් වෙලා ධර්මය ප්‍රචාරය කරන එක. නැතුව ගිහියෝ මෙහෙම කරන එක අනුමත කරන්න පුලුවන්ද? මේක එක උදාහරණයක් උනොත් තව කි දෙනෙක් මේ වැඩේ කරයි ද තමන්ගේ ලබා ප්‍රයෝජනයට? මෙතන තියෙන්නේ තනිකරම තමන්ව උලුප්පා ගැනීමක් නේ? ධර්මයක් ඉගෙන ගන්න ඕනේ සසර කෙටි කර ගන්න. එහෙම නැතුව ඉගෙන ගෙන් තමන්ගේ මාන්නේ පෙන්නගෙන අනික් උන් ටත් අදහස් දීලා තමන්ගෙයි අනුන්ගේයි දෙගොල්ලොගෙම සසර දික් කරන එක නෙමෙයි.