Passport හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    [/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ekaparai yanna one machan. normal service eken working days 10k athulatha gedaratama enawa passport eka. application eka dan eka kolayai. kauruwath certify karanna oneth ne issara wage
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    ekaparai yanna one machan. normal service eken working days 10k athulatha gedaratama enawa passport eka. application eka dan eka kolayai. kauruwath certify karanna oneth ne issara wage

    sure ද මචන් 10 න් දෙනවා කියල එහෙනම් one day ගන්න එක අපරාදයක් නේද 10 ක් දීල
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මම තවම පාස්පෝට් එකක් හදලා නෑ.අනාගතේ දවසක(තවම හරියටම කන්ෆර්ම් නෑ රට යන්න වෙයි කියලා දැන්ම පාස්පෝට් එක හදාගත්තට අවුලක් නැද්ද බන්.දන්න උන් කියපල්ලා..... :cool:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම තවම පාස්පෝට් එකක් හදලා නෑ.අනාගතේ දවසක(තවම හරියටම කන්ෆර්ම් නෑ රට යන්න වෙයි කියලා දැන්ම පාස්පෝට් එක හදාගත්තට අවුලක් නැද්ද බන්.දන්න උන් කියපල්ලා..... :cool:

    mama danna widihata aurudu 10i passport eka valid. itapasse aye aluth karanna wenawa
     
    • Like
    Reactions: craabeysinghe

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු

    ගමන් බලපත්‍ර අයදුම්පත් අනුමත කිරීමේ නව ක්‍රියවලිය
    2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල අංකිත ඡායා රූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිම අවශ්‍ය වේ.මෙම අංකිත ඡායාරූප දිවයින පුරා විසිරී ඇති අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හෝ අප ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායා රූප ශාලා වලින් ලබා ගත හැක. මෙහිදී මුද්‍රණය කරන ලද ඡායා රූප ලබා දීම අවශ්‍ය නොවේ.ඇඟිලි සලකුණු අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ශාඛා කාර්යාල වලට අයදුම්කරු පැමිණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.



    වැදගත් තොරතුරු

    1. වයස භේදයකින් තොරව සියළුම ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් පිරිවිය යුත්තේ “K ආ. වි. 35A” අකෘති පත්‍රයයි.
    2. අවු 16ට අඩු ළමුන් ඇතුළු සියළුම අයදුම්කරුවන්, අනුමත කරන ලද ඡායාරූප ශාලාවකින් ලබා ගන්නා ලද අංකිත ඡායාරූපයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
    3. අවු 16ට වැඩි සියළුම අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වලදී ලබා ගනු ඇත.
    4. විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඇඟිලි සලකුණු සහ ඩිජිටල් ඡායාරූප ලබා නොදී ගමන් බලපත්‍ර ලබා ගත හැක.
    5. දෙමාපියන්ගේ ගමන් බලපත්‍ර සඳහා දරුවන් ඇතුලත් කිරිම මින් පසු වලංගු නොවන අතර දරුවන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගත යුතුය.
    6. අවුරුදු 60ට අඩු කිසිම පුද්ගලයෙකුට හදිසි සහතිකයන් නිකුත් නොකරනු ඇත.
    ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය

    1. අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න.
    2. ඡයාරූප ශාලාව මගින් ඔබගේ ඡයාරූපය අප දෙපාර්තමෙන්තුවේ දත්ත පද්ධතිය වෙත යොමු කරන අතර ඔබ වෙත ලදු පතක් නිකුත කරනු ඇත. ගමන් බලපත්‍ර අයදුම්පත සඳහා මුද්‍රිත ඡායාරූප අවශ්‍ය නොවේ.
    3. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණ ඡයාරූප ශාලාවෙන් ලබා දෙන ලදු පත, ගමන් බලපත්‍ර අයදුම්පත හා අනෙකුත් අවශ්‍ය ලිපි ලේඛන සමඟ ලබා දිය යුතුය.
    වැඩි විස්තර සඳහා:ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක 011 532 9120 / 001 532 9123



    ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?
    ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැක.

    ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම
    ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඊට ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් මෙම සේවාව ලබාගත හැකිය. ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න

    ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව
    දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍ර වල වලංගු කාලය අවුරුදු 03 කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැක.

    වැඩ කරන වේලාවල් මොනවාද?
    අයදුම්පත් භාර ගැනිම,


    • සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.1.30 දක්වා.
    • හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා.
      සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.
    ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?
    කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට අදාළ බොත්තම තද කරන්න.

    ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?

    1. සියළුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
      • සාමාන්‍ය ගමන් බලපත්‍ර
      • රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
      • රාජකාරී ගමන් බලපත්‍ර
    2. ආසියාවේ සහ මැද පෙරදිග නියමිත රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර.
    3. ඉන්දියාවට හා නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා හදිසි සහතික.
    4. විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින් නිකුත් කෙරෙන හඳුනාගැනීමේ සහතික සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය නෙහැකි ගමන් බලපත්‍රය, හදිසි තනි ගමන් සඳහා


    ගමන් බලපත්‍ර නිකුත් කිරීම

    සාමාන්‍ය ගමන් බලපත්‍ර
    සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

    1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.
    2. ඡයාරූප ශාලා ලදු පත
    3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..
    4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
    5. අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
    6. ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය සහ ඡායා පිටපතක්..


    * M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

    ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
    2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
    3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
    4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
    5. භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.
    ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
    2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලවලට
    3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

    සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?
    සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක්
    හදිසි පදනම - එදිනම

    සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?
    සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3000.00
    හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 10000.00


    gatte meken
    http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=137&Itemid=190&lang=si
    http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=142&Itemid=191&lang=si
     
    Last edited:
    • Like
    Reactions: lasithh

    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    සාමාන්‍ය විදියට මමත් ගත්තේ. ඒ කට්ටිය කිව්වා සති 2න් ගෙදරට එවනවා කියලා. නමුත් මට passport එක ගෙදරට ලැබුනේ දවස් 26 කින්. මගේ යාලුවෝ දෙන්නට මාසයක් ගියා.
    ඒ කට්ටිය කියන දවසට හරියටම එවන්නෑ බන්.
     
    • Like
    Reactions: lasithh

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම හැදුවා මාසයක් ගියා එන්න

    ඒ උනට ලියල තියනවා දවස් 14 එනවා කියලා
     
    • Like
    Reactions: lasithh

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ඉස්සර හරියටම දවස් 14ක් ඇතුලත අවා, දැන් අලුත් system එකක් නිසා වෙල යනව මාසයක් විතර
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    [/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ [/


    සති 2ක් යන්නේ, බලයලත් ස්ටුඩියෝ 1කට ගිහින් ෆොටෝ ගනින්. ඒ දෙන කොලේ පාස්පොට් ෆෝම් 1කත් එක්ක බාරදීපන්, උප්පැන්නෙයි, NIC 1කයි අරන් යන්න. ගෙදරටම තැපෑලෙන් එනවා
     
    • Like
    Reactions: lasithh

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    [/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ

    mung june 6th apply kara passport eaka ave 26 or 29th june.
    namuth sati 2king mage yaluvekta aava.

     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    එල හෙල්ප් කරපු හැමෝටම රෙප් දුන්නා ඔන්න +++++++++++
     
    • Like
    Reactions: jasz

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    [/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ

    where do you live?

    matara passport office issue passport nearly 07 working days

    after call to the passport office you can collect it from the passport office(this will cut the delay from the post.)

    :yes::yes::yes:
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ඉස්සර හරියටම දවස් 14ක් ඇතුලත අවා, දැන් අලුත් system එකක් නිසා වෙල යනව මාසයක් විතර


    :confused::confused::confused:

    sorry i relay dint know about this i got this experience about 06 months ago
     
    Last edited: