විජය_නන්දසිරි_අවසන්_ගමන්_යයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විජය_නන්දසිරි_අවසන්_ගමන්_යයි

    ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(8) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 72 වැනි වියේ පසුවිය.

    ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල ගුණවර්ධන මහතා පවසයි.

    මනමේ වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය.

    ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. ‘පුංචි පහේ මං‘වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.

    1944 දී උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

    1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුර දිව‘ වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත.

    යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ
     
    • Like
    Reactions: TheRockSays

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දුකයි සිරාවටම...එලම නළුවෙක්..

    මොනවා කරන්නද..ජීවිතේ හැටි ඔහොම තමා...:(

    මේ ඉන්නවා මේ මැරෙනවා...:sorry::sorry::sorry:
     

    SlGroup

    Member
    Jul 14, 2016
    1
    0
    0
    මෑත ඉතිහාසයේ බිහිවුණ කුසලතාපිරි අසහාය රංගන ශිල්පියෙක්. තවමත් අදහාගන්න බැරි සිදුවීමක්. අසහාය රංගධරයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා! ඔබගේ නික්මයාම අපගේ කලාවට පමණක් නොව රටටම පිරිමැසිය නොහැකි පාඩුවකි.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපව හිනැස්සු ඔබට නිවන් සුව ලැබේවා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    මේ වගේ කලාකාරයෙක් බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මේ සිද්ධිය ආරන්චි උන වෙලාවේ ඇත්තටම ලග හිතවතෙක් නැති උන හා සමාන දුකක් වේදනාවක් ඇති උනා. ඒකෙන්ම තේරෙනවා විජය නන්දසිරි කියන මේ සුවිසල් මිනිසා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට මොන තරම් බලපෑමක් කරලද කියලා.. සුන්දර, නිහතමානී කලාකරුවාණෙනි, ඔබට සදා අමාමහ නිවන් සුවය ලැබේවා....!! :sorry:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ලංකාවේ කලා ක්ෂේත්‍රය තුල උන්නු අසහය කලා ශිල්පියෙක්.....ඔබට නිවන් සුව අත්වේවා....!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැදෑ කොළා....!!!!!:(

    ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය......
    අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......
     

    ishanc

    Member
    Apr 16, 2011
    321
    91
    0
    සුන්දර, නිහතමානී කලාකරුවාණෙනි, ඔබට සදා අමාමහ නිවන් සුවය ලැබේවා....!!
     

    waligamaya

    Well-known member
  • මැදෑ කොළා....!!!!!:(

    ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය......
    අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......

    ඉන්නවා ප්‍රශ්නේ ප්‍රසිද්ද දහරාවේ නැතිඑක. එකේ ඉතුරු වෙන්නේ හපයෝ, පියරු බබල, සහා ජොකි ජෝකර්ලා විතරයි.