Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE CALL
ගොඩක් අයට LC OPEN කරන එක ගැන වැඩි වැටහීමක් නැහැ කියලා අහන කරුණ අනුව තේරුම් ගන්න පුළුවන් . මුලිනුත් මම මේ ගැන කියලා THREAD එකක් දැම්මා නමුත් මම මෙතන ඊටවඩා දෙයක් කියන්නම්. මුලින්ම බලමු LC එකක් එහෙන නැත්නම් ණයවර ලිපියක් කියන්නේ මොකද්ද කියලා. වාහන සම්බන්දයෙන් පමණක් කියන්නම් මොකද මම දන්නෙත් මේ සම්බන්දව පමණයි.
ලංකාවට වහනයක් ආනයනය කිරීමේදී මේසදහා රජය පිළිගත් ක්‍රම වේදයක් පවතිනවා . මෙයින් පටහැනිව කිසිම ලෙසකින් ක්‍රියා කල නොහැක. එහි පවතින් ප්‍රධානතම දෙය වන්නේ වාහන ආනයනය සිදුකල යුත්තේ 100% වටිනාකමට LC හෙවත් ණයවර ලිපි OPEN කිරීමෙන් පමණයි. මේ පහසුකම ලබා ගත හැක්කේ බැංකු මගින් පමණි. සමහර බැංකු LC OPEN කරන්නේ නැහැ නමුත් ප්‍රසිද්ද බැංකු මගින් මේ පහසුකම ලබා ගන්න පුළුවන්.
අපි ජපානයෙන් වහනයක් ආනයන කර ගන්නවා නම් මුලින්ම එසදහා පල පුරුදු IMPORTER කෙනෙක් තෝරා ගන්න ඕන අනික තෝරා ගනුලබන IMPORTER විශ්වාස කෙනෙක් වෙන්නත් ඕන සහ ඔහුට ආනයනය කටයුතු පිලිබදව මන පළපුරුද්දක් තියෙන්නත් අවශ්‍යයි.
IMPORTER මගේ COMPANY එක කියලා හිතමු.
මගේ COMPANY එක හරහා වහනයක් ගන්නවා කියල හිතමු. එතකොට CUSTOMER ගේ REQUIREMENT එකට මම වහනයක් තෝරාගන්නවා. ඊට පසුව CUSTOMER ගේ කැමැත්ත මත මම එක මිලදී ගන්නවා. ඉන්පසු මෙසේ මිල දීගත් වහනය සදහා වාහනයේ වටිනාකම සහ විස්තර සහිතව INVOICE එකක් ලබාදෙනවා. එම ලබා දෙන INVOICE එකෙහි වාහනයේ සියලුම විස්තර තිබිය යුතුය.
CAR සදහා.
1. වාහනයේ නිෂ්පාදිත වර්ෂය සහ මාසය අනිවාර්යෙන් තිබිය යුතුය.
2. වාහනයේ CHASSIS NO එහෙම නැත්නම් VIN NUMBER එක සහ ENGINE CAPACITY එක.
3. වාහනයේ ඇති උපාංග වල විස්තර.
4. අදාළ වහනය සදහා HS CODE එක
5. ආනයනය කරනුලබන වහනය ලංකාවට ආනයනය කිරීමට ඉඩ සලසා ඇති කාල පරාසය ඉක්මවා නොමැතිබව.
6. නැවු ගත කිරීමට සුදානම් කර ඇති කාල පරාසය.
VAN සදහා.
1 සිට 6 දක්වා ඇති සියලුම විස්තර.
7. වාහනයේ අසන ප්‍රමාණය (අසන 6 ට අඩු වෑන් රථ සදහා වැඩි බදු මුදලකුත් 6 -13 දක්වා අසන මත අඩු බදු මුදලකුත් අයකරනු ලබයි.)
BUS රථ සහ LORRY රථ.
1 සිට 7 දක්වා සියලු සියලුම විස්තර
8. නියමිත ඇක්සලය මත බර . නමුත් මෙහිදී වාහනයේ මුලු බර සලකනු ලබයි.
ඉන්පසුව අදාල වහනය සදහා නැවු ගාස්තු රක්ෂණ ගාස්තු එක්කර වාහනයේ මුලුවටිනකම (CIF )සදහන් කර INVOICE එක ලබා දෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ CIF කියලා.[COST INSURANCE AND FREIGHT] මුහුදින් භාණ්ඩ ප්‍රවාහනය කරන විට MARINE INSURANCE කියන එක දාගන්න ඕන.
CIF සදහන් කර ලබාදෙන INVOICE එකට කියන්නේ PRO - FORMA INVOICE කියලා. මෙසේ IMPORTER ගෙන් ලබාගන්න INVOICE එක අපේ ACCOUNTS තියෙන නැත්නම් අපි ගනුදෙනු කරන බැංකුව වෙත ලබාදෙනවා. ඉන්පසුව ඔවුන් ජපානයේ ඇති බැංකුව වෙත LC ක්‍රමයට මුදල් යවනවා . මෙහිදී LC නැතහොත් ණයවර ලිපියක් OPEN කිරීමට මෙම PRO - FORMA INVOICE එක අනිවාර්යෙන්ම ඉදිරිපත්කල යුතුය.
අනිවාර්යෙන්ම කිවයුතු තව දෙයක් තියෙනවා, අප විසින් මිලදීගත් වහනය සදහා ලංකාව තුල CUSTOM එක මගින් නියමිත මිලක් නියම කර තියෙනවා. එනිසා සමහර විට අප මිලදීගත් වහනය එම මිලට වඩා වැඩි හෝ අඩුවෙන්න පුළුවන් එනිසා කිසිම ලෙසක වත් CUSTOM වටිනාකම ඉක්මවා නොයායුතුය. පළපුරුදු වාහන ආනයනය කරන පුද්ගලයන් බොහෝවිට නියමිත පරිදි INVOICE සැදීම සිදුකරයි. වැරදිලා වත් INVOICE වටිනාකම CUSTOM VALUE එකට වඩා වැඩි වුවහොත් DUTY වශයෙන් නොසිතු ගණන් ගෙවීමට සිදුවේ .
මේ බලන්න මේ මගෙන් වහනයක් ගත්ත කෙනෙකු තනියෙන් ගෙන්වන්න ගොස් කර ගත්ත දෙයක් .
PREMIO රථය සදහා 44.5M DUTY වෙනුවට රු 5079162.00 DUTY ගෙවීමට සිදු උනා.
මෙවැනි විටක කරන්නට තියෙන්නේ INVOICE VALUE එකට වැඩ වැඩිවෙන ප්‍රමාණය TT කරන්න ඕනේ. මේගැන විස්තර පසුවට කියන්නම්.
දැන් PRO - FORMA INVOICE එක ඉදිරිපත් කිරීමෙන් විසින් INVOICE එකෙහි ඇති මුදල LKR වලට CONVERT කර එම මුදල අපගේ බැංකු ගිණුමෙහි තැන්පත් කරන්න කියනවා. ( එදිනට පවතින විනිමය අනුපාතය ) එසේ තැන්පත්කළ පසු එම මුදල බැංකුව මගින් වහනය ලංකාවට පැමිණෙන තුරු BLOCK කර තබා ගන්නවා.
බැංකුවෙන් LC එක යවන විට බොහෝදුරට දින 45ක් දක්වා උපරිම දින ගණනක් යොදන්න.මෙසේ LC දානවිට හැම විටම YEN RATES ගැන අවදානයෙන් සිටින්න. පුලුවන්නම් බැංකුවේ අදුරන කෙනෙකු සිටිනම් LC සදහා SPECIAL YEN RATE එකක් අරගෙන FORWARD AGREEMENT එකකට යන්න. එකියන්නේ යෙන් අගය FIXED කරන එක. දෙන හැම RATE එකකටම FIX කරන්න යන්න එපා පොඩ්ඩක් MARKET RATES බලලා අඩුයි කියලා හිතෙනවානම් කරන්න. මේසදහා දන්නේ නැති කෙනෙකු සදහා උපදෙස් දෙන්න පුළුවන්. ගොඩක් බැංකු මේ FIX කරන වැඩේ කරන්නේ නැහැ. YEN FIX කරන එකෙන් වාසි සහ අවාසි වෙන්න පුළුවන්.
1. වහනය හම්බන්තොටට එනවිට YEN අගය වැඩිවී තිබුණහොත් අපි FIX කල ගානට LC එකට කැපෙන්න දෙන්න පුළුවන්.
2. වහනය හම්බන්තොටට එනවිට YEN අගය අඩුවී තිබුණහොත් අපි FIX කල ගානට එත් LC එකට කැපෙන්න පුළුවන්.
YEN FIX කිරීමේදී බැංකුව විසින් මුලින්ම එම යෙන් අගය මිලදී ගන්නවා එනිසා FIX කලපසු අපිට එය වෙනස් කරන්නට බැහැ . ( YEN අගය වෙනස්වෙන එකට IMPORTER හෝ EXPORTER වග කියන්නේ නැහැ. ඒකනිසා එහි වගකීම ගන්න වෙන්නේ වහනය මිලදී ගත්ත කෙනාමයි. ENGINE CAPACITY එක මත DUTY අයකරන්න ප්‍රදානතම හේතුව උනේ මෙයයි )
ගොඩක් වෙලාවට LC OPEN කරන්න සම්පත් බැංකුව , ලංකා බැංකුව සහ මහජන බැංකුව තොර ගන්න. මේවයේ EXCHANGE RATES ගොඩක් අඩුයි. නමුත් හොදම බැංකුව BOC එක. ගොඩක් PRIVATE BANKS වල RATES වැඩියි. නමුත් BANK STAFF කෙනෙකුට නම් හොද RATE එකක් ගන්න පුළුවන්.
අනිත් කරුණ නම් FORWARD AGREEMENT එකකට යනවා නම් IMPORTER ට කියන්න පුළුවන් තරම් ඉක්මනට ORIGINAL DOCUMENTS බැංකුවට එවන්න කියලා.උපරිම දින 7කට දැම්මානම් ඇති. එවිට හොදම RATES ගන්න පුළුවන්.
මම මුලින්ම කිවුවා අදාළ වහනය සදහා ලංකාව තුල වටිනාකමක් ඇතිබව.මෙහිදී වහනය සදහා INVOICE( CIF ) එක ලබාගන්න විට එම වාහනයේ CUSTOM VALUE එකට වඩා අඩු වටිනාකමක් යොදන්න ඕනේ.නමුත් වහනය නැවට දානවිට ජපානය සදහා ගෙවිය යුතු මුළු වටිනාකම ගෙවා අවසන් විය යුතුයි. නමුත් CIF මගින් මුළු මුදල ගෙවා නැතිනම් එසදහා BALANCE වන ඉතිරි මුදල TT කරන්න අවශ්‍ය වෙනවා . මේක කරන්න සිදුවෙන්නේ කවුරුත් දන්නා විදියට BLACK MARKET . එකට හේතුවෙන්නේ ලංකාව තුල TT හෝ WIRE TRANSFER වාහන සදහා කරන්න දෙන්නේ නැහැ.(යම්කිසි හේතුවක් නිසා ඔබට ජපානෙට වහනය සදහා BALANCE PAYMENT එකක් ගෙවන්න ඇති අවස්ථාවක එම මුදල ගෙවා අවසාන වනතෙක් SHIPPING LINE එකෙන් නිකුත් කරන DOCUMENTS ඔවුන් නිකුත් කරන්නේ නැහැ. )
මේතියෙන්නේ SAMPLE PROFORMA INVOICE එකක් බලාගන්න.
මෙහිදී තවත් කියන්න දෙයක් තියෙනවා මගේ අද්දැකීම අනුව , වහනය සදහා COST එකක් දෙන්නේ එදාට තියෙන EXCHANGE RATE එක අනුව. නමුත් වහනය ORDER කරන විට පවතින YEN රටේ එක අඩුවෙන්නත් පුළුවන් වැඩිවෙන්නත් පුළුවන්. එනිසා ඒ ගැන අවදානයෙන් සිටින්න. ඔබ වෙන කෙනෙකුගෙන් වාහනයේ මිල ගණන් විමසා සිටියහොත් ඔවුන් ඔබට බොහොම අඩු ගණන් පවසනවා සමහර විට CURRENT YEN RATE 1.45 ට තියෙන විට සමහර විට ඔව්න් ඔබට පවසනවා YEN එක 1.35 ට COST එක හදලා. එවිට වාහනයේ ගණන විශාල ලෙස අඩුවෙනවා . මෙතන වෙන අවාසිය ඔබට තේරුම් ගන්න වෙන්නේ වහනය ලංකාවට අවට පසු. ඔවුන් BUSINESS එක අරගන්න ඕන නිසා බොහොම අඩුවෙන් ගණන් පවසනවා නමුත් වෙන්නේ වහනය ලංකාවට අවට පසු ලක්ෂ්‍ය දෙකක් තුනක් ගාන වැඩිවෙනවා. එක සමහර විට දරන්න අමාරුයි . මේක අපේ කිරියේ යටත් වුනා පිට කීප දෙනෙකුටත් සිදුවුනා. එක නිසා හොද අවදානයෙන් සිටින්න . මුලින්ම මම BUDGET එක අහන්නේ එකයි. එතකොට මට පැහැදිලි තීරණයකට එන්න පුළුවන්. එතකොට මට ලෙහෙසියි හොද වගකීමක් සහිතව වහනයක් ගෙනල්ල දෙන්න.
** PERMIT එකට LC එකක් OPEN කරනවානම් PERMIT COPY එකක් IMPORTER ට දෙන්න.
**LC එක OPEN කරාට පසු ලංකාවේ බැංකුවෙන් ජපන් බැංකුවට LC එක TAG වෙනවා ඊට පසු තමා වහනය නැවට පටවන්නේ.
**බැංකුව විසින් LC එක OPEN කරන්නේ AT SIGHT ක්‍රමයට නිසා බයවෙන්න දෙයක් නැහැ වහනය හම්බන්තොටට අව් පසුව තමා LC එක ජපානෙට නිදහස් වෙන්නේ.
අවසාන වශයෙන් LC එකක් ජපානෙට CLOSED වුනවිට අපේ ACCOUNT එකින් මේ CHARGES අඩුවෙන්න පුළුවන්.
BANK CHARGES :
LC COMMISSION - LKR 3000 - 7000
SWIFT CHARGES - LKR 2000 -3000
VEHICLE IMPORTER LEVY -
CAR - LKR 15 000.00
VAN - LKR 15 000.00
BUS AND LORRY - LKR 10 000.00
LC එක TAG වුනු පසු මගේ ජපන් බැංකුව මගින් වහනයට අදාළ සියලුම ලිපි වල ORIGINALS සහ COPIES ලංකාවේ අදාළ බැංකුව වෙත CURRIER කරනවා. ඉන්පසු වහනය හම්බන්තොටට පමිනිපසු ඔබ බැංකුවට ගොස් සියලුම ලිපි ලේඛන බැංකුව මගින් සහතික කොට ලබාගතයුතුයි. ( බැංකුවට ලිපි ලැබුණු විටදීද COLLECT කරගත හැක.)
අනිවාර්යෙන්ම සහතික කර ගත යුතුමයි නැතහොත් වහනය නිදහස් කර ගත නොහැකිවෙනවා
මෙසේ පැමිණෙන සියලුම DOCUMENTS නැතිකරගන්නේ නැතිව ආරක්ෂාකර ගන්න.නැති වුනොත් වාහනයේ අයිති කරු වෙන කෙනෙකුවෙන්න පුළුවන්. මේවට නීති මගින් කටයුතු කරන්න සැහෙන අමාරුයි ලිය පදිංචි නොකළ වහනයක් නිසා.
ජපානයේ සිට වහනයක් ලංකාවට පැමිණෙන්න සති 3 ක් මාසයක් අතර කාලයක් ගන්නවා. EXPRESS SHIP එකකට සෙට් වුනොතින් නම් දින 10 ක් 14 ක් අතර එන්න පුළුවන්. සමහර විට පරක්කුවෙන්න පුළුවන් ඉතින් කාලගුනේ නිසා.
දැන්නම් හිතනවා LC එකක් OPEN කරගන්න සහ එතුල සිදුවෙන සියලුම ක්‍රියාකාරකම් දන්නවා ඇති කියලා. මොනවා හරි දන ගන්න ඕන වුනොත් PM එකක් හරි කෝල් එකක් හරි දෙන්න. මගෙන් වාහන ගත්තේ නැති වුනාට ඕන උදව්වක් කරන්නම්.
2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........
GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT ::
AUCTION GRADING AND AUCTION SHEET ::
2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN ::
2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" ::
2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 ::
2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. ::
2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP ::
2016 NEW DUTY - TOYOTA AQUA NHP10 2016 COMPLETE SPECIFICATION ::
2016 NEW DUTY - HONDA GRACE 2016 GM4 ALL SPEC & PACKAGES ::
WITH NEW DUTY - TOYOTA PREMIO 2016 ZRT261 NEW FACE ::::
WITH NEW DUTY - TOYOTA PREMIO 2016 ZRT261 NEW FACE ::
WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING SUV RU3 AND RU4 ::
WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING RS SUV RU3 AND RU4 FULL SPECIFICATION ::
Last edited:


