කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියට ගල් ගැසූ බව කියන සිව්දෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.
එම්.එෆ්.එම්.සලීම්, එම්.කේ.එම්.රමීස්, එම්.එන්.එම්.ෆාරුක්, එස්.එච්.එම්.රෆීක් එසේ අත්අඩංගුවට ගත් අය වෙති.
කොල්ලුපිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
දිගින් දිගටම දුම්රියට ගල් ගැසීම් වාර්තා වූ බවත් ඒ හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීම සඳහා සහ එසේ ගල් වැදීමෙන් එක් අයකුට තුවාල සිදුව ඇතැයි දැනට වාර්තාවී තිබීම නිසාත් ඔවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.
http://www.lankadeepa.lk/index.php/articles/447859

yasa