බෝඩර්~කොලි_Border Collie

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    border-collie5.jpg


    අද ත්‍රේඩ් එක අරන් එන්නේ ලෝකේ ඉන්න බල්ලෝ බ්‍රීඩ් වලින් හොදම මොලෝ තියන බල්ලෝ බ්‍රීඩ් එක ගැනයි.
    බෝඩර් කොලි කියන බ්‍රීඩ් එක ගොඩක්ම භාවිතා කරන්නේ ෆාම් වල සත්තු බලා ගන්න සහ ගෙවල් වල පොඩි ලමයින්ව බලාගන්න.
    මේ අය මෙයාලගේ මොලේ නිසා ෆේමස් වෙච්ච අය.
    සීතල,රස්නේ කාලගුණ තත්ව දෙකේම මෙයාලව හදන්න පුලුවන්.
    ලෝකේ සමහර ෆෝසස් මෙයාලව භාවිතා කරනවා අනතුරට පත් වෙච්ච අයව සොයාගෙන ගිහින් මුදවා ගන්න.
    බෝඩර් කොලි කියන්නේ වැඩ කරන්න ආස බල්ලෝ ජාතියක්.
    මෙයාලව මහන්සි කරවන්න නම් අමාරුයි අනිත් බ්‍රීඩ් වලට වඩා.
    මෙයාලට අසිමිතව මහන්සි වෙන්න පුලුවන් බලයක් වගේ දෙයක් තියනවා.
    ඒ නිසා මෙයාලව මහන්සි කරවන්න අපි මහන්සි වෙන්න ඕන.
    පලවෙනි පාර බල්ලෝ හදන අයට නිර්දේශ කරන්න පුලුවන් බ්‍රීඩ් එකක් බෝඩර් කොලි කියන්නේ.

    f1f93b009722f4ce203042acc5cfa37c.jpg


    පොඩි කාලේ පැත්තට යමු අපි දැන් මේ අයගේ.
    බෝඩර් කොලි අය පොඩි කාලේ ගොඩක්ම ලැජ්ජාවෙන් ඉන්න කට්ටිය.
    මේ අයව පොඩි කාලේ ඉදන්ම හොදට සෝශල් කරලා හදන්න ඕන.
    එහෙම නොකරොත් ලොකු වෙද්දිත් මෙයාලගේ ලැජ්ජාව තියනවා.
    පොඩි කාලේ ඉදන්ම මෙයාලා ගොඩක් ලැජ්ජ නිසා මාර කොමල තොගයක් බලාගන්න පුලුවන් බෝඩර් කොලි පැටියෙක්ව හදන කෙනෙක්ට.
    සෙල්ලමට හුගාක් බරයි මේ අය පොඩි කාලේ ඉදන්ම.
    ගෙදර පොඩි එකෙක් ඉන්නවානම් පොඩි එකා එක්ක සෙල්ලම් කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා බෝඩර් කොලි අය.
    හොද දගකාර පොඩි එකෙක් ගෙදර ඉන්නවානම් බෝඩර් කොලි කියන්නේ පොඩි එකාගේ හොදම යාලුවෙක්.
    මෙයාලව ට්‍රේන් කරන්න ගොඩක් ලේසි නිසා පොඩි කාලේ ඉදන් ට්‍රේන් කරද්දි කරදර වෙන්න දෙයක් නෑ.
    අපේ රටේ නම් මම මෙයාලව දැකලා තියෙන්නේ දෙපාරක් වගේ.
    ලන්කාවේ විකුණන්න ඉන්නේ ගොඩක් කලාතුරකින් මේ අයව.

    dog-clip-art.png


    ඉතිහාසේ සීන් කෝන් එක බලමු දැන් අපි බෝඩර් කොලි අයගේ.
    බෝඩර් කොලිගේ ඉතිහාසේ එක්දාස් අටසිය බර ගනන් වලට දුවන ඉතිහාසයක් තියෙන්නේ.
    බෝඩර් කොලි කියන්නේ එන්ගලන්තේ බල්ලෙක්.
    එන්ගලන්තේ අය සත්තු බලාගන්න පටන් ගත්තු දවස් වලම ඉදන් බෝඩර් කොලි අය හිටියා එන්ගලන්තේ අය එක්ක.
    ස්වභාවිකවම සත්තු බලාගන්න මොලයක් තිබ්බ නිසා එන්ගලන්තේ ෆාම් වලට බෝඩර් කොලි අයව ගත්තා එයාලගේ සත්තු බලාගන්න,සත්තු ගාල් කරන්න උදව් කරගන්න.
    බෝඩර් කොලි අය හැදුනේ මොන මොන බ්‍රීඩ්ස් එකතු වෙලාද කියලා නම් කවුරුවත් දන්නේ නෑ.
    ඒ ගැන වර්තාවක්වත් නෑ කොහෙවත්.
    සමහර අය කියනවා මෙයාලා එන්ගලන්තේ හිටපු කොමන් බ්‍රීඩ් බල්ලෝ කියලා.
    එක්දාස් අටසිය බර ගනන් වල ඉදන් මෙයාලා හිටියත් ලෝකේ ගොඩක් අය මෙයාලව අදුර ගත්තේ 1995 වගේ වෙද්දි .

    ඉතිහාසේ සීන් එක දැන් බැලුවනේ අපි.
    අපි එහෙනම් මෙයාලගේ තව විස්තර ටිකක් බලමු වැඩිපුර දැනුමට.
    :D:D

    9168fe62052286b382386ed76bada180.jpg


    Bordercollie_bw.GIF


    heads.gif


    40c22653a72b4b1f65c07e0f83c2095a.jpg


    මෙයාලගේ ෆර් එක ලොන්ග් ෆර් එකක් නිසා ෆර් එක හොදටම මේන්ටේන් කරන්න ඕන මොකද මෙයාලගේ ලස්සන රදා පවතින්නේ ෆර් එක මත .
    බෝඩර් කොලි කියන්නේ හොදට මහන්සි වෙන්න පුලුවන් බල්ලෙක් නිසා මෙයාලව හොදට එක්සර්සයිස් කරන්න නම් වෙනවා හැමදාම.
    බෝඩර් කොලි කියන්නේ ආරක්ශාවට හදන බ්‍රීඩ් එකක් නෙවෙයි.
    හුරතලේට හදන බ්‍රීඩ් එකක්.
    අදුරන්නේ නැති කෙනෙක්ට උනත් මේ අය සලකන්නේ ගොඩක් කල් ඉදන් දන්න අදුරන කෙනෙක්ට වගේ.
    ඒ නිසා ආරක්ශාවට මෙයාලව හදන්න එපා.
    ගෙදරට හොරු පැන්නොත් හොරා එක්ක ජොලියේ ඉන්න පුලුවන් බ්‍රීඩ් එකක් මෙයාලා.

    thank_you_border_collie_puppy_greeting_card-rbea63be1f083499b9fdec4ab55a58be5_xvuat_8byvr_324.jpg


    ඔන්න ඔහොම සුකුරුත්තමක් දාලා ත්‍රේඩ් එක ඉවර කරනවා මම.
    ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන අයට , ගෙදර පොඩි උන් ඉන්නවානම් , හුරතලේට හදන්න බ්‍රීඩ් එකක් හොයනවානම් බෝඩර් කොලි කියන්නේ ගොඩක් හොද බ්‍රීඩ් එකක්.

    මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් බෝඩර් කොලි බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
    ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
    මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
    කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
    උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.

    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
    ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
    මෙන්න ඒ අය වෙනුවෙන්.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    http://www.elakiri.com/forum/showthread.php?t=1754176

    රිඩ්ජ්බැක්~Ridgeback

    http://www.elakiri.com/forum/showthread.php?t=1754396

    පොමරේනියන්~Pomeranian

    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    ග්‍රේට්~ඩේන්_Great Dane

    http://www.elakiri.com/forum/showthread.php?t=1756192

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1756877

    බල්ලෝ~හදමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1755472

    German Shepherd~මම

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    බල්ලන්ගේ~ලෝම

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    බල්ලට~බෙහෙත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    හපන~බල්ලෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751116


     
    Last edited:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    බල්ලෙක් හදන්න නම් ලොකු ආසාවක් තියෙනවා. එත් ඉඩකඩ සහ උන් වෙනුවෙන් කැපකරන්න කාලය අඩු නිසා හදන්නේ නැහැ. නැත්තන් බල්ලොත් දුක් විඳිනවා අපිත් දුක් විඳිනව
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බල්ලෙක් හදන්න නම් ලොකු ආසාවක් තියෙනවා. එත් ඉඩකඩ සහ උන් වෙනුවෙන් කැපකරන්න කාලය අඩු නිසා හදන්නේ නැහැ. නැත්තන් බල්ලොත් දුක් විඳිනවා අපිත් දුක් විඳිනව

    wal ballek hadapan.
    maintenance cost eka 0 :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෙක් හදන්න නම් ලොකු ආසාවක් තියෙනවා. එත් ඉඩකඩ සහ උන් වෙනුවෙන් කැපකරන්න කාලය අඩු නිසා හදන්නේ නැහැ. නැත්තන් බල්ලොත් දුක් විඳිනවා අපිත් දුක් විඳිනව

    ඒක ඇත්ත මචන්.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ වගේ ලස්සන බල්ලෙක් හදන්න ආස්යි. ඒත් ගදර ඉන්න් පූස් තඩියට බල්ලො පෙන්නන්න බෑ. බල්ලන්ගෙ මූනටම පැනල මූන සූරනව.:sorry::sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ වගේ ලස්සන බල්ලෙක් හදන්න ආස්යි. ඒත් ගදර ඉන්න් පූස් තඩියට බල්ලො පෙන්නන්න බෑ. බල්ලන්ගෙ මූනටම පැනල මූන සූරනව.:sorry::sorry:

    පොඩි පැටියා කාලේ ඉදන් හදනකොට සමහර වෙලාවට ඕක හරියාවි මචන්.