2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool::cool:
    mokuth electronic post ekak nadda me tike?

    තරමක ලොකු වැඩක් කරගෙන යනවා බන්. ඔක්කොම කම්ප්ලීට් කරලා එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඔක්කොම ටයිප් කරල එකපාර දානව කොටස් ටිකක් තියෙයි. අපිට කැමති විදියෙ SMPS එකක් හදාගන්න හැටි ගැන.:)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
    ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...
    විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...
    කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

    මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....
    එක දෙක දිය ‍රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...
    මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා...
    මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

    මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
    අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
    යල වපුරා මහ වපුරා, ගොයමට දිය ‍රැළි නංවනවා...
    මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපූරු ලියැවිල්ල නේද...ගීය ලියලා තියෙන්නේ "පන්සලේ පියතුමා..." විරුදාවලී ලැබූ, රේඛාව චිත්‍රපටියට ගීත ලියූ, ගරුතර මර්සලීණු ජයකොඩි හිමිපාණන්... ගායනය නාලිනී රණසිංහ ගෙන්...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    තරමක ලොකු වැඩක් කරගෙන යනවා බන්. ඔක්කොම කම්ප්ලීට් කරලා එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඔක්කොම ටයිප් කරල එකපාර දානව කොටස් ටිකක් තියෙයි. අපිට කැමති විදියෙ SMPS එකක් හදාගන්න හැටි ගැන.:)

    dan hamathanama thiyenne switch mode ewane.
    thread ekak dammoth repear karaganna apita podi idea ekak ganna puluwan.
    ow:yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Palali yanawai kiyala
    Ape aachci kussiyemai
    Innako mama hamudawata gihin kiyannam
    Gihin kiyala kussiyedima allala dennam.

    Me ape nangi podi kale okata hadapu eka.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගම්වල සැම තැන ඇවිද ගොසින්නේ
    වෙල්ලාවට රෙදි අපුලා ගන්නේ
    හොඳ හොඳ පිරුවට වියන් බඳින්නේ
    පේඩි හමාවද සබේ නටන්නේ

    මේ රට කරනා මහතුඟ නමටා
    අාමි වියන් බඳිනා ලෙස මෙරටා
    පේඩි හමා කියමින් කෙළි කවටා
    තෑගි දෙතොත් නටනෙමි සොඳ රුවටා

    නාද අසා සිට බර නද ගෝසා
    ආදපාද තබමින් එක විලසා
    බේද නොවී සබයේ සිතු විලසා
    පේඩි රාළ නටතිය සබෙ සතොසා

    ගම්භිර කාළිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට
    ඉන්න දනා සේම රජුට සෝදා පට පිලී සොඳට
    ඉන් නරනා තැබු නම මට පේඩි විදානේ සත්තට
    මං මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට

    ගම්භිර මහ නිරිඳු සමඟ උතුමන් වැඩමවන බැවින
    සුන්දර උඩු වියන් බැඳල වටතිර පාවාඩ එලන
    මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින
    පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන

    දයානන්ද ගුණවර්ධනයන්ගේ ජස ලෙන්චිනා කෝළම
    ගායනය - ජයලත් මනෝරත්න ඇතුළු පිරිස
    සංගීතය - රෝහණ වීරසිංහ