මා නොවන මම - චාමර වීරසිංහ (Complete Program by Derana)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මා නොවන මම - චාමර වීරසිංහ (Complete Program by Derana)

    ~~~~ චාමරයා පට්ට ඈ... කියන්න වචන නෑ, පුලුවන් එවුන් බලපල්ලා, ඩවුන්ලෝඩ් කරාට කිසි පාඩුවක් නෑ :yes::yes::yes: ~~~~


    අධික කාර්යබහුලත්වය නිසා චාමර වීරසිංහයන් පැමිණි "මා නොවන මම" වැඩසටහන ඊයේ රාත්‍රී බැලීමට නොහැකිවුනත් අද දින කෙසේ හෝ එය නැරඹුවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩසටහනක්. අපේ භාෂාවෙන් නම් පට්ටයි. චාමරගේ හඬින් පණ්ඩිත අමරදේවයන්, සුනිල් එදිරිසිංහයන්, සනත් නන්දසිරි ශූරීන්, රූකාන්ත, අමරසිරි පීරිස් වගේම නන්දා මාලිනිය් ගැයූ සුමධුර ගීත මිහිරි ලෙසින් ගැයෙන විට පුංචි දුකක් සමඟ සියුම් ආඩම්බරයකුත් ඇතිවුණා.දුක ඇතිවුනේ අපේ ප්‍රබුද්ධ යැයි කියාගන්නා කලාකරුවන් හා ඊනියා විචාරකයින් සහ බොරු පොෂ් කළු සුද්දන්, ග්‍රාම්‍ය යැයි,බොළඳ යැයි,බස්/මල් සිංදු කියන බෑන්ඩ් කාරයෙක්යැයි විවිධ ලෙස හෙලාදුටු මේ සැබෑ දක්ෂයා (සංගීතය පිලිබඳ කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොමැති) සම්භාව්‍ය කලා ශිල්පීන්ගේ ගීත, මුල් ගායනයට ඉහල සාධාරණත්වයක් ඉටුකරමින් සජීවී ලෙස ගයමින් පෙන්වූ හැකියාව ගැනයිි. මහත්වරුනි නුඹලා ගේ බොරු කන්නාඩි ගලවා සැබෑ දක්ෂකම අගය කළා නම්, අද චාමර මීටත් ඉහලින් කලා ලොවේ වැජඹෙනවා.මා අසා ඇති පරිදි ජෝතිපාලයන්ටත් කෙනෙහිලිකම් කල නුඹලාගේ ගුරු කුලය,අද ජෝති මියගොස් වසර 30කට පසුවත් ඔහුගේ ජනප්‍රියත්වය හා ඔබේ අසාර්ථකත්වය දැක විලි වැදිය යුතුයි.අද චාමරට එදා ජෝතිට බෙදූ හැන්දෙන්ම සලකන නුඹලා, චාමර ගේ ගීත රසිකයින් අතර කොතරම් ජනප්‍රියදැයි-ඔබ විසින් ඔසවා තබන බොරු/තරු වල ජනප්‍රියත්වය හා සසඳා බලා දැන්වත් නිහතමානී වේ යැයි බලාපොරොත්තු වෙනවා.
    සියුම් ආඩම්බරයක් වන්නේ දකුණේ අපේ මාතර කොල්ලෙක් මෙතරම් කැපිලි කෙටිලි මැද කලා ලොව ජයගැනීම ගැනයි. 2002 "සිතින් විතරක්" ගයා රටම දැනගත් චාමර ගැන අපි Purple Range සජීවී ප්‍රසංගවලින්, Nonstopවලින් ඊට බොහෝ කලකට පෙරම දැනගෙන සිටීම හා එදා මෙදාතුර චාලි අයියා ගැන අපි තැබූ විශ්වාසය ඉහලින්ම ඉටුකළ නිසායි.අපේ පරපුරේ,රසවින්දනය ගැන ප්‍රශ්නකරන අයට "බොල් වී අහුරුවලින්",සංගීතයේ සමාජ භාවිතාව ගැන ප්‍රශ්නකරන අයට "වහින්නට හැකි නම්" ගීයෙන් චාමර අයියා දෙරණේ දී පැහැදිලි පිළිතුරක් දුන්නා. ඒවගේම සංගීත සංදර්ශන වේදිකාවල පටිගත කල tracks වාදනයකරමින් බොරුවට කට හොලවන e-ගායකයින් නොහොත් පරිගණක පිහිටෙන් ගායකයින් වූ Rappersලාට,Niggersලාට,HipHop starsලාට,කළු සුද්දන්වූ ගායක යුගල/කණ්ඩායම්වලට, සැබෑ ගායන හැකියාව යනු කුමක්දැයි "ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ මැද්දේ සොඳුරිය" ගෙන් චාමර පෙන්වූවා. නමුත් මා දුටු සුවිශේෂීම දෙයනම් වේරලියද්දයන් ගේ "මගේ ජිවිතේ පුරා" ගීතය තමා දික්වැල්ලේ Purple Range කණ්ඩායම සමඟ ගැයූ මුල්ම ගීය බව පිළිගනිමින් එය ගායනා කරමින් පෙන්වූ නිහතමානී කමයි. එයින් ඔහු වේරලියද්දයන්හට උපහාර දැක්වීමක්මෙන්ම මුල අමතක නොකිරීමේ මහඟු ගුණයත් පිළිබිඹු කළා.ඉතින් චාමර,කවුරු නොඇසුවත් එදා ඉඳන් උඹව අගය කල,උඹේ හැකියාව ගැන සැක නොකළ, පාච්චල් නොකළ,උඹේම ආදරණිය දුප්පත් රසික කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තවදුරටත් සිංදු කියන්න උඹට තව තවත් හැකියාව ලැබේවා..උඹට ජය.....

    - Asiri Arunoda Mahindadasa

    ප.ලි: ලොකුකමක් ආඩම්බරකමක් හිතේ කොනකවත් නැති එකෙක් මෙහෙම කියනවා, "ඉස්කෝලෙදි මට සංගීතය විශයක් විදියට හදාරලා නෑ, මට චිත්‍ර වලින් සමස්ත ලංකා ජයග්‍රහණ නම් තියෙනවා" තාත්තා ගැන කිවුවේ "අපේ තාත්තා ටේලර් කෙනෙක්, අපිට ඒ කාලෙ ලොකු සල්ලියක් තිබුනේ නෑ,ඒ වුනාට අපි සතුටෙන් ජීවත් උනා", ප්‍රසංග වේදිකාවේ මුලින්ම කියපු වේරලියද්දගේ මගේ ජීවිතේ පුරා සින්දුව මෙයා කියන්නේ තමන්ට මුල අමතක නෑ කියලා හැමෝටම කියන්න, මේ මනුස්සයගේ සිංදු වලට වගේම ඒ අව්යාජත්වයට මම මාරම කැමතියි. :yes::yes::yes:

    අපේ jk_perera සහෝ මේකෙ audio ටික දාල තියෙනවා, වීඩියෝ එක බලන්න data නැති අය ඒ ටික බා ගන්න :):)

     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හ්ම් මාත් බැලුවා හොදයි.



    11.gif
    11.gif
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් ආස ගායකයෙක්..:)
    මුලින්ම මෙයාගෙ දකුණේ පින් ඇති පින් බිම සින්දුව අහනකොට මම හිතුවේ හෙන වයසක ගායකයෙක් කියලා..:dull:
    රෑට පායලා උදේට බැහැල යන තරු වලට වැඩිය මේ මිනිස්සු දාහෙන් සම්පතයි.. :cool:
    +Rep