සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    උබලට මතකද මීට මාසෙකට විතර කලින් A/L 3rd shy එක අත ඇරල ඉදල එකපාරටම පේරා යුනිය දැකල බොක්ක කූල් වෙලා කිරියෙ ත්‍රෙඩ් දාල සති දෙකෙන් A/ L කරන්න දගලපු පිස්සු ඩෑල් එක..:D (ඔව් ඔව් මම තමයි :D :lol:)

    හරි නොබලපු අමතක එවුන් මේ ලින්ක් වලින් ගහින් ඒ ත්‍රෙඩ් දෙක බලලම වරෙල්ලකො

    http://www.elakiri.lk/forum/showthread.php?t=1752004

    http://www.elakiri.com/forum/showthread.php?t=1754179


    ඇත්තටම සහෝදරවරුනි ඔය පලවෙනි ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ මට සති දෙකෙන් වැඩ කරල A/L ලියන්න කිසිම අදහසක් තිබ්බෙ නෑ.මට ඕන උනේ පේරා යුනිය දැකල මට හිතුන දේ කාට හරි කියල දාල හිත නිදහස් කරගෙන තාත්තට පේන්න විභාගෙට වාඩිවෙන්න විතරයි.ඒත් ඒ ත්‍රෙඩ් එකට උබල දාපු රිප්ලයි වලින් උනේ මට තවත් පේර යුනිය ගැන ආස හිතුන එක.ඒත් මට තෝරගන්න තිබ්බෙ පාත් දෙකයි.එක මේ පාර ශයි එක අතාඇරල ලබනපාර කරන එක(ඒත් මට ශයි එක අතඅරින එක කොහොමටත් කරන්න විදිහක් තිබ්බෙ නෑ මචං ඒකට හේතුව දෙවනි ත්‍රෙඩ් එකේ දාල තියනව).ඉතිං මට තෝරගන්න උනේ සති දෙකෙන් A/L කරන එක.ඒ කියන්නෙ පැය 336යි ඉතිං මම something is better than nothing කියල පොඩි ප්ලෑනක් එහෙම ගහල පැය 336න් A/L කරන මිශන් ඉම්පොසිබල් ගේම පටන් ගත්තා.අවුරුදු ගානක් පිස්සු කෙලපුවටත් එක්ක ඒ සති දෙකේ දවසකට පැය 16ක් 17ක් වගේ වැඩ කරා ඒකරල දෙවනි ත්‍රෙඩ් එකේ කියල තියනව වගේ phyවලටයි මැතටයි සෑහෙන ලකුණු මට්ටමකට යන්න පුලුවන් ගානට වැඩ ටිකක් කරගත්තා.ඒත් ඉතිං සුපුරුදු පරිදි හරහට හිටියෙ chemistry තමා මට කෙම මේ ලෝකෙ දෙයක් බෑ තියරි ටිකවත් කොහෙන්වත් සෙට් වෙලාම නෑ ඉතිං මේ සති දෙකෙන් මැජික් කරන්න බෑනෙ බං ඒත් මම පරමාණුක ව්‍යුහය,බන්ධන,වායු,එන්තැල්පිය,චාලක රසායනය,විද්යුත් රසායනය,කර්මාන්ත හා පරිසරය කියන කොටස් ටික ඉවරකරගත්තා.හැබැයි සම්පූර්ණයෙනම ඕගනික් ඉනෝගනික් සමතුලිතතාවය කියන කොටස් නැතුව chemistry ගොඩ යනව කියන එක හිතන්න අමාරු උණා...ඒත් ඉතිං මැරෙන්න ඈ බං :( කෙම හින්ද සෑහෙන ප්‍රෙශර් එකක් තියාගෙන හරි විභාගෙ ලියන්න ගියා.මුලින්ම මැත ලිව්වා එච්චරම අවුලක් නෑ හිතුවට වඩා හොදයි...ඊටපස්සෙ phy mcq එක ලියන්න ගියා.මට එහාපැත්තෙ සෙට් උනේ බයෝ කරන කෙල්ලෙක්.ටිකක් කතාකරල බලනකොට අපේ ගෙවල් ලග මම හොදට අදුරන කෙල්ලෙක්ගෙ යාලුවෙක්.ඉතිං කතාකරල ටිකක් ෆිට් උනා.ඒකි කලින් පාර පිසිකල් සිලෙක්ට් වෙලා ඒත් ඒකිගෙ එකම බලාපොරොත්තුව ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන එකලු...(මම ඔය ඇහුවමයි බං මෙඩිසින් නොකර ඩෙන්ටල් ඩොකෙක් වෙන්න කැමති එකියක් සමහර විට ඉෂි අම්මව ආදර්ශයට අරංද දන්නෑ:D :lol:)ඒකිට බයෝ කෙම අවුලක් නෑලු.අමාරු පිසික්සලු ගියපාරත් අඩු රිසාල්ට් එකක් තියෙන්නෙ ඒකටලු.ඔන්න ඔයවෙලාවෙ තමා සහෝදරවරුනි Everything is fair in love and war කියල මම හොදින් හරි නරකින් හරි කෙම ගොඩ දාගන්න හිතාගත්තෙ. ඉතිං මං අරකිට "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන....සුනිල දිය දහර වෙමු එකම නදියට වැටෙන" :p :Dකියල තේරුම් කරල දීල බලෙන්ම වගේ phy mcq ටික පෙන්නුවා..ඊටපස්සෙ che mcq එක දවසෙ පේපරේ අරං බලනකොට ඇඩෙනව පිංවතුනි :( mcq 11යි තනියම ගහගන්න පුලුවන්.ඒත් ඉතිං අරකිගෙන් බලල mcq ටික ගහගත්ත..ගෙදර ඇවිල්ල බලනකොට mcq 34ක් තියනව අම්මෝ නිවන් දැක්ක වගේ බං.ඊටපස්සෙ chemistry පාර්ට් 2 එක ලිව්ව පුලුවන් ටිකෙන් පුලුවන් උපරිමේ ලියාගත්තා ඒකත්.

    ඉතිං සබ්ජෙක්ට් තුනම අවසානයේ සමස්ථ ප්‍රතිඵලය මේ වගේ තමා...

    Physics - A හෝ B
    Maths - C එකක් වගේ
    Chemistry -S එක ගොඩ

    සති දෙකෙන් මෙච්චර හරියක් කරගත්ත එකේ අන්තිම මාස තුන හතරවත් වැඩ කරානං පේරා ඉන්ජිනියරිංම එන්න තිබ්බ කියල හිතිල ලාවට වගේ ඇඩුනෙ නෑලු..:( :( :p :D




     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113


    ඉතිං එහෙනං හන්තාන හීනෙ ගොඩද?මං මිෂන් එක වින් කරාද?එක අතකින් මං දිනුම් ඒත් මං පරාදයි බං.ඒ මොන හරුපයක්ද බොල කියල හිතෙනව ඇති උබලට.ඒ කිව්වෙ බං ඔය රිසාල්ට් එකට මම පේරා පිසිකල් නං සිලෙක්ට් වෙයි බොහෝ විට බෝට්ටුවකින් හරි.ඒත් මචං computer science නං හීනයක්ම තමා :( මොකද මං ඉන්න දිස්ත්‍රික්කෙ Z එක 0.9 න් වගේ ඉදන් පිසිකල් අහුවෙනව ඒත් computer science වලට 1.53 වත් ඕන.මම පේර යුනියට පට්ට ආසයි තමයි.ඒත් මචං මම ආස දේ අතඇරල අකමැති බැරි මගුලක් ඉගෙනගෙන තේරුමක් නෑනෙ.පේරා ඇර ලංකාවෙ වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න කිසිම ආසවක්වත් අදහසක්වත් නැති හින්ද‍ ඒවගේම වයසත් යන හින්ද ගෙදර අයගේත් අදහස පරිදි මම කලින් හිතං හිටියා වගේම ස්ලිට් එකට යනව.හැබැයි මොකක් හරි කරුමෙකට කට් ඕෆ් මාක් එහෙ මෙහෙ වෙලා මට බෝට්ටුවකින් හරි computer science සිලෙක්ට් වෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් පේරා යනවා.

    ඉතිං එලකිරි සහෝදරවරුනි උබල ඔක්කොටම ස්තූතියි.මොකද මේ පාරත් අතාඇරල ෆේල් වෙන්න හිටිය මට මේ රිසාල්ට් එකට හරි යන්න උබල හැමෝගෙම කමෙන්ට් ලොකු හයියක් උණා.ඒ වගේම උබල මගෙ ත්‍රෙඩ් වලට මහන්සිවෙලා දාපු කමෙන්ට් වලට රිප්ලයි එකක්වත් දාන්න මට වෙලාවක් තිබ්බෙ නෑ ඒකට සමාවෙයල්ලා.(රෙප් නං දෙන්න දන්නෙත් නෑ)CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.උබල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නැතුව කරපු ඒ උදව් ඒ එලකිරි සහෝදරත්වය කවදාවත් අමතක වෙන්නෑ මචං උබල ඔක්කොටම ස්තූතියි.

    එක අතකිං බැලුවම ලෝකෙ අමාරුම විභාගයක් කියල කියන ලංකාවේ A/L ඒකෙත් අමාරුම ගණිත විශය ධාරාවෙන් සති දෙකෙන් කරල මේ වගේ රිසාල්ට් එකක් දාගත්ත එකත් මැජික් එකක් වගේ තමා....(පසුබිම් සංගීතය මරුකතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා....:D :D)

    හැබැයි මට කෙසේවෙතත් අර කෙල්ල නං ඩෙන්ටල් ෆැකල්ටිම සිලෙක්ට් වෙයි.මොකද මගෙ phy mcq 41 ක් තියනව.මට ඒ පිනම මදිද බොලව්....:D :lol: :D

    අවසාන වශයෙන් දන්න එකෙක් මට මේක කියහන්කො ස්ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද???

    IS @ ගූගල් ස්ට්‍රීට් වීව් එකේ ගලහ පාර දිගේ ගොස් මාකස් හෝල් එක අසලින් පේන හන්තාන දිහා බලාගෙන....:( :( :(

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ඕහොමවත් ගහගත්තා මදෑ.......
    අරකි ආස නං පේරා ඩෙන්ටල් එයි....අපි ඉතිං ඕකෙන් ඇවිත් සෑහෙන කල් නිසා අපිට නං වැඩක් නැති වෙයි :දිව දොට්ට:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ ඕහොමවත් ගහගත්තා මදෑ.......
    අරකි ආස නං පේරා ඩෙන්ටල් එයි....අපි ඉතිං ඕකෙන් ඇවිත් සෑහෙන කල් නිසා අපිට නං වැඩක් නැති වෙයි :දිව දොට්ට:
    uba mona auruddda ayye
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද???
    පුලුවන්

    IT sector 1y degree nemai puluwan taram weda igenagena weddek wiyan. Degree 1a kohomath ganna puluwan.

    Weda karu anu wa thama tiranaya wenney Degree 1th aragena 15000 ta yanawa da..? 90000 ta yanawa da kiyala..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    SLIIT degree eka karala ubata gov uni ekaka MSc eka karanna kisi aulak na, Moratuwe Masters karana saha karapu unuth innawa 1st degree eka SLIIT karapu, anyway good luck!

    ඔව් මචං පුලුවන් වෙයි වගේ Msc එක පේරා කරන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    යකෝ ඕහොමවත් ගහගත්තා මදෑ.......
    අරකි ආස නං පේරා ඩෙන්ටල් එයි....අපි ඉතිං ඕකෙන් ඇවිත් සෑහෙන කල් නිසා අපිට නං වැඩක් නැති වෙයි :දිව දොට්ට:

    හම්මට අයියා ඩෙන්ටල් ෆැකල්ටිද?? ඔව් ඔව් ඒකි එයි මේපාර බොහෝවිට
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    උඹේ මහන්සිය හරි වටිනවා
    එත් මට මේ උඹ කැම්පස් එහෙකට මෙච්චර නහින හදන්න එක තේරෙන්නේ නැ,


    උබ පේරාදෙණිය කැම්පස් එක දැකල තියනවද මචං ??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද???
    පුලුවන්

    IT sector 1y degree nemai puluwan taram weda igenagena weddek wiyan. Degree 1a kohomath ganna puluwan.

    Weda karu anu wa thama tiranaya wenney Degree 1th aragena 15000 ta yanawa da..? 90000 ta yanawa da kiyala..

    එල සහෝ