බව්ත් එකක් ගමු, හරියට පාස්සමු
මීට කලින් මම විදුලි සම්බන්ධව දාපු ත්‍රෙඩ්.
විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු
ගෙදර වයරිං කරමු 1 කොටස
ගෙදර වයරිං කරමු 2 කොටස
ගෙදර වයරිං කරමු 3 කොටස
මේක ලියන්නේ බව්ත් එකක් ගද්දි මොනවද හිතන්න ඕනේ, හරියට පාස්ස ගන්නේ කොහොමද කියලා තමයි. කොල්ලෙක් උනාම වයර් කෑල්ලක් වත් පාස්ස ගන්න දැනගන තියෙන්න ඕනේ. උවමනාවකට ගෙදර බව්ත් එකක් තියෙන්න ඕනේ.
මුලින්ම කියන්න ඕනේ ටොමා බව්ත් එකක් ගත්තේ 7 වසරෙදි. ඒ කාලේ බව්ත් එකක් ගන්න හැටි ගැන තියා මෙලෝ මගුලක් දන්නෙ නෑ. හැබැයි ඒ ගත්තු බව්ත් එක තමයි තාමත් මම පාවිච්චි කරන්නේ.
බව්ත් එක එහෙමත් නැත්තං සෝල්ඩරින් අයන් එක කියන්නේ මේ ලෝකේ තියන සරළම, වටිනාම උපකරණයක්. බව්ත් එකේ ප්‍රධාන කොටස තමයි හීටිං ඉලමන්ට් එක.
බව්ත් එකේ වොට් ගානේ විදිහට මේ හීටිං ඉලමන්ට් එකේ ප්‍රමාණය වෙනස් වෙනවා. මේකේ කෙලවරට තමයි බව්ත් එකේ බිට් එක හෙවත් ඉස්සරහා තියන කූර සම්බන්ධ කරලා තියන්නේ. මේ බිට් එක ඇනයක් දාලා හයි කරලා තියන්නේ ඕනි නම් ගලවලා ඒ වෙනුවට වෙන එකක් හයි කර ගන්න පුලුවන් වෙන්න. ඒ වගේම ඕනි නම් මේ හීටිං ඉලමන්ට් එකත් ගලවලා ඒ වෙනුවට වෙන එකක් දාගන්න පුලුවන්
එහෙම දෙයක් නම් අවශය වෙන්නේ හීටිං ඉලමන්ට් එකට හානියක් වෙලා නම් විතරයි. දැන් ඔයාලට බව්ත් එක වැඩ කරන විදිහ තේරෙනවනේ. හීටිං ඉලමන්ට් එක රත්වෙලා ඒකට සම්බන්ධ වෙලා තියන බිට් එක රත් වෙනවා. ඉතිං මේ බිට් එක පාවිච්චි කරලා පෑස්සීම කරන්න පුලුවන්.
දැන් කාට හරි හිතෙන්න පුලුවන් බව්ත් එකක් ගන්න හැටි කියන්න ගිහින් ටෙමා මේ මොනවද කියවන්නේ කියලා. ඉතිං යකුනේ මේක වැඩ කරන හැටි දන්නේ නැතුන කොහොමද ගන්නේ. දැන් එහෙනම් හැරෙමු ගන්න හැටි ගැන කතා කරන්න.
ගද්දි හිතන්න ඕනේ දේවල් තමයි මේ.
1) වොට් ගාන
2) බිට් එකේ හැඩේ
3) ගුණාත්මක භාවය
1) වොට් ගාන ගැන හිතමුකෝ මුලින්ම
බවුත් එක මොන වොට් ගානින් තිබුණත් එ්ක රත්වන්නේ ඊයම් උණුකරන්න ප්‍රමාණවත් ගානට විතරයි
එහෙම නැතුව වොට් ගාන වැඩි ඒවා ගත්තා කියලා වාහනවල ටිංකරින් වැඩ කරන්න බෑ
බව්ත් එකකදි වෙන සං සිද්දිය තමයි බිට් එක පාස්සන දේ මත තිබ්බම බිට් එකේ ඉදලා ඒ තියපු තැනට තාපය ගලාගෙන යන එක. එතකොට මොකද වෙන්නේ බිට් එකේ උශ්නත්වය අඩු වෙනවා. ඉතිං හිතන්නකෝ ලොකු යකඩ කෑල්ලක් උඩ බිට් එක තිබ්බා කියලා ඉතිං මොකද වෙන්නේ බිට් එකේ උශ්නත්වය අඩුවෙන වේගෙන් ඒක ආයි රත් කරන්න ඕනෙ වෙනවා. එහෙම රත් කරන්න වැඩි වොට් ගානක් ඕනෙ වෙනවා.ඉතිං දැන් තේරෙනවා ඇතිනේ ලොකු ලොකු කම්බි මිටි පාස්සන්නේ නැත්තං ලොකු වොට් ගානක බව්ත් එකක් ඕනෙ නෑ කියලා.
සාමාන්‍යයෙන් සර්කිට් පාස්සන්න ලොකු වොට් ගානක බව්ත් එකක් ඕනෙ නෑ. මොකද සර්කිට් එකක කම්බියක්, පොඩි තඹ සම්බන්ධකයක්, රත් කරන්න ඒ හැටි ලොකු වොට් ගානක් ඕනෙ නෑ. ඒ වගේ දේවල් වලට වොට් 35ක බව්ත් එකක් ඇති.
අනිත් එක සර්කිට් පාස්සන්න ලොකු වොට් ගානක බව්ත් එකක් පාවිච්චි කරොත් ඒකෙන් සර්කිට් එකේ කොටස් වලට හානි වෙන්න පුලුවන්. සමහර විට එල්ඊඩී බල්බ් උණු වෙන්න පුලුවන්. එ් නිසා හොදට රත් වෙනවා කියලා හිතාගන වැඩි වොට් ගානක බව්ත් එකක් ගන්න එපා.
2) බිට් එකේ හැඩේ
බිට් එකේ හැඩය නම් තමන්ට පහසු විදිහට තමයි තෝරගන්න ඕනේ. සර්කිට් වල වගේ සියුම් තැන් පාස්සන්න නම් සිහින් උල් හැඩයෙන් තියන පෙන්සිල් ටයිප් බිට් එකක් තෝරගන්න එක හොදයි. ඒත් අතේ හුරුවේ හැටියට ඕනි නම් පැතලි හැඩේ තියන බිට් එක උනත් පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම පැතලි හැඩේ තියන බිට් එකේ හොදට රස්නේ රදා පවතිනවා. වයර් වගේ පාස්සන්න නම් හොදයි. ඒ වගේම තරමක් මිල වැඩි සෙරමික් බිට් එකක් උනත් මිලදී ගන්න පුලුවන්.
3) ගුණාත්මක භාවය
බව්ත් එකක් ගනිද්දි පේමන්ට් එකෙන් අන්තිම බාල එකක් ගන්න එපා. බාල ප්ලාස්ටික් මිට තියන ඒවගේ ප්ලාටික් මිට උනු වෙනවා. (නමුත් හොද ඒවගේ එහෙම වෙන්නෙ නෑ.) ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකින් 350 කට වගේ හොද තත්වයේ බව්ත් එකක් ගන්න පුලුවන්.
සාමාන්‍ය බව්ත් වලට අමතරව ඕනි නම් සෝල්ඩරින් ස්ටේෂන් එකක් ගන්න පුලුවන්. නමුත් මූලිකව ඒවගේ එකකට යන්න ඕනෙ නෑ.
බව්ත් එකට අමතරව බව්ත් හෝල්ඩර් එකක් එහෙමත් නැත්තං සෝල්ඩරින් ස්ටෑන්ඩ් එකක් ගත්තනම් බව්ත් එක තියා ගන්න පහසුයි. නැත්තං රත්උන බව්ත් එක ප්‍රවේශමෙන් තියාගන්න වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා.
හරි දැන් බව්ත් එක ගත්තනේ එහෙනම් ඊයම් කම්බි පැත්තට හැරෙමු
ඊයම් කම්බි එහෙමත් නැත්තං සෝල්ඩරින් වයර් ගොඩක් ගන්නව නම් රීල් විදිහට ගන්න පුලුවන්. නැත්තං මීටර් විදිහට මැනලා ගන්න පුලුවන්. මම නම් ගන්නේ SKC ඊයම් කම්බි. මොකද ඒවගේ තත්වය හොදයි. පාස්සනකොට විසිවෙන්නේ පුපුරන්නේ නෑ.
සර්කිට් පාස්සන්න නම් 0.8mm වගේ සිහින් ඊයම් කම්බි ගන්න එක ලේසී.
ඇත්තටම ඊයම් කම්බියක තියන්නේ ඊයම් විතරද?
නෑ ඊයම් විතරක් නෙවෙයි, ඊයම් වලට අමතරව, ටින් කියන ලෝහයත් තියනවා. ඒ විතරක් නෙවෙයි ඊයම් කම්බි තියන්නේ සිහින් බට විදිහට ඒ බට ඇතුලේ ෆ්ලක්ස් (දුම්මල) කියන ද්‍රාවණය පුරවලයි තියන්නේ. ඒ ද්‍රාවණය ශාකයකින් ගන්න ද්‍රාවණයක්. අපි පාස්සද්දි දුම දාන්නේ මේ ෆ්ලක්ස් වලින් තමයි. එහෙම නැතුව ඊයං වාශ්ප වෙලා
දුම දානවා නෙවෙයි. ඊයම් කම්බියක් සෙල්සියස් අංශක 188 දී විතර උණු වෙනවා, උනුවෙලා ද්‍රව තත්වයට පත්වෙනවා. හැබැයි බව්ත් එකකින් ඊයම් වාශ්ප කරන්න බෑ
මේ ෆ්ලක්ස් ඕනි වෙන්නේ පාස්සන මතුපිට පිරිසිදු කරන්න. මොකද යම් මතුපිටක් රත් කරනකොට ඒ මතුපිට මත ඉක්මනින් ඔක්සයිඩ් හැදෙනවා. තඹ, පිත්තල, යකඩ මතුපිටකදි මේ ඔක්සයිඩ් හොඳින් විදුලිය සන්නයනය කරන්නෙ නෑ. ඉතිං ඔක්සයිඩ් තියද්දි පෑස්සුවොත් එකක් සම්බන්ධතාවය නිවැරදිව තියන්නෙ නෑ. අනිත් කාරනය හොදින් පෑස්සෙන්නෙ නෑ. මෙන්න මේ නිසා තමයි ෆ්ලක්ස් වලින් අර පාස්සන මතුපිට සුද්ද කරන්න ඕනෙ වෙන්නේ. මේකෙදී ෆ්ලක්ස් ඊයම් කම්බිය ඇතුලෙම තියන නිසා අපිට වෙනමම ෆ්ලක්ස් පාවිච්චි කරන්න ඕනි වෙන්නෙ නෑ. මොකද ඊයම් ද්‍රව තත්වයට පත්වෙන්න ඔන්න මෙන්න කියලා තියද්දි ෆ්ලක්ස් උනුවෙලා ඒවා පාස්සන මතුපිටට ගලාගන ගිහින් ඉබේම එතන පිරිසිදු වෙනවා. ඊට අමතරව ඕනි නම් මේ ෆ්ලක්ස් වෙනමම මිලදී ගන්න පුලුවන්.
හරි දැන් පාස්සමු
මුලින්ම බව්ත් එක හොදට රත් වෙන්න දාලා තියන්න ඕනේ. එහෙම රත් වෙලා නම් මුලින්ම බව්ත් එකේ බිට් එක පිරිසිදු කර ගන්න. මොකද පිරිසිදු නැති බව්ත් බිට් එකේ ඔක්සයිඩ් තියන නිසා ඒකෙන් පාස්සන අපහසුයි. ඒ විතරක් නෙවෙයි බිට් එකේ රස්නෙත් හොදින් මතුපිටට ලැබෙන්න ඒක බාදාවක් වෙනවා. මේ බිට් එක පිරිසිදු කර ගන්න තෙත් කරපු ස්පොන්ච් කෑල්ලක් පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ ස්පොන්ච් කෑලි ඉලෙක්ට්‍රොනික් උපාංග තියන කඩ වල ඉතාම අඩු මුදලකට තියනවා. ඒ වගේම සෝල්ඩරින් ස්ටෑන්ඩ් එකක් ගත්තනම් ඒකෙත් මේ වගේ ස්පොන්ජ් කෑල්ලක් තියනවා. මුලින්ම ඒක තෙත් වෙන්න වතුර ටිකක් දාලා ඉන්න ඕනේ.
එහෙම එක පාරක් බිට් එක පිරිසිදු කරලා හරියට පිරිසිදු වෙන්නේ නැත්තං බිට් එකේ ඊයං ටිකක් ගාලා ආයිත් පිරිසිදු කරන්න. එහෙම නැත්තං ෆ්ලක්ස් වෙනමම අරං තියනව නම් ඒවා ටිකක් ගාලා බිට් එක පිරිසිදු කරගන්න පුලුවන්. සෙරමික් බිට් එකක් නම් පිරිසිදු කරන්න පහසුයි.
ඊටපස්සේ පාස්සන්න පටන් ගන්න පුලුවන්. එතනදි මුලින්න ඉතාම පොඩි ඊයම් ප්‍රමානයක් බව්ත් බිට් එකේ තියන්න ඕනේ. (මම නම් හැමතිස්සෙම එහෙම කරන්නෙ නෑ.) ඊට පස්සේ පාස්සන්න ඕනෙ කරන කම්බිය මත බව්ත් එකේ බිට් එක තියන්න. එතකොට ඒ කම්බියයි ඒකට සම්බන්ද වෙන අනිත් කම්බියයි දෙකම රත් වෙනවා. දැන් ඒ පාස්සන කම්බියේ අනිත් පැත්තෙන් ඊයම් කම්බිය තියන්න. එතකොට ඊයම් උණු වෙලා හොදට පාස්සන මතුපිටට ඇලෙනවා. පහල රූපේ බලන්නකෝ.
එහෙම නැතුව බව්ත් එකේ බිට් එකට ඊයං ගුලියක් අරං ඒක පාස්සන්න ඕනෙ තැන තියන්න එපා
ඒක දුර්වල පැස්සිම් ක්‍රමයක්. මොකද එකක් එතනදි පාස්සන මතුපිට ෆ්ලක්ස් ගෑවෙන්නෙ නෑ. අනිත් එක 'යාදෙක නොරත රත එකට පෑහිමක් නැත' කියලා කතාවක් අහලා ඇතිනේ ලෝහ රත්වෙන්නේ නැතුව පෑස්සුවොත් හරියට පෑස්සෙන්නෙ නෑ. එතකොට වෙන්නේ නිකං ඊයං ගුලිය උඩින් ඇලෙන එක විතරයි.
හරියට පෑස්සුවාම ඒක පහල රූපෙ වගේ තියෙන්න ඕනේ.
මේ තියන්නේ වැරදි සහ නිවැරදි පෑස්සුම් ටිකක්.
පාස්සන තැන හොදට දිලිසිලා තියෙන්න ඕනේ. එහෙම නැති වෙන්නේ බව්ත් එක හරියට රත්වෙලා නැති උනාම.
එහෙනම් අදට ඔච්චරයි.
මේක janakaaj මිත්‍රයා ඇතුළු කාලෙක ඉදලා මගෙන් කීප දෙනෙක්ම ඉල්ලපු ත්‍රෙඩ් එකක්. ඉල්ලපු යාලුවන්ට වගේම එලකිරියේ මේ ගැන උනන්දුවෙන හැමෝටම මේ ත්‍රෙඩ් එක නිසා පොඩි ප්‍රයෝජනයක් වත් ලබන්න පුලුව්න වෙයි කියලා හිතනවා. මටත් ඉලෙක්ට්‍රොනික් හෝ විදුලිය ගැන ලොකු දැනුමක් නෑ. මේ හැමදේම ආසාවට හොයල ඉගෙන ගත්තු දේවල්.
හැමෝටම ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
මුලින්ම කියන්න ඕනේ ටොමා බව්ත් එකක් ගත්තේ 7 වසරෙදි. ඒ කාලේ බව්ත් එකක් ගන්න හැටි ගැන තියා මෙලෝ මගුලක් දන්නෙ නෑ. හැබැයි ඒ ගත්තු බව්ත් එක තමයි තාමත් මම පාවිච්චි කරන්නේ.

බව්ත් එක එහෙමත් නැත්තං සෝල්ඩරින් අයන් එක කියන්නේ මේ ලෝකේ තියන සරළම, වටිනාම උපකරණයක්. බව්ත් එකේ ප්‍රධාන කොටස තමයි හීටිං ඉලමන්ට් එක.
බව්ත් එකේ වොට් ගානේ විදිහට මේ හීටිං ඉලමන්ට් එකේ ප්‍රමාණය වෙනස් වෙනවා. මේකේ කෙලවරට තමයි බව්ත් එකේ බිට් එක හෙවත් ඉස්සරහා තියන කූර සම්බන්ධ කරලා තියන්නේ. මේ බිට් එක ඇනයක් දාලා හයි කරලා තියන්නේ ඕනි නම් ගලවලා ඒ වෙනුවට වෙන එකක් හයි කර ගන්න පුලුවන් වෙන්න. ඒ වගේම ඕනි නම් මේ හීටිං ඉලමන්ට් එකත් ගලවලා ඒ වෙනුවට වෙන එකක් දාගන්න පුලුවන්
එහෙම දෙයක් නම් අවශය වෙන්නේ හීටිං ඉලමන්ට් එකට හානියක් වෙලා නම් විතරයි. දැන් ඔයාලට බව්ත් එක වැඩ කරන විදිහ තේරෙනවනේ. හීටිං ඉලමන්ට් එක රත්වෙලා ඒකට සම්බන්ධ වෙලා තියන බිට් එක රත් වෙනවා. ඉතිං මේ බිට් එක පාවිච්චි කරලා පෑස්සීම කරන්න පුලුවන්. දැන් කාට හරි හිතෙන්න පුලුවන් බව්ත් එකක් ගන්න හැටි කියන්න ගිහින් ටෙමා මේ මොනවද කියවන්නේ කියලා. ඉතිං යකුනේ මේක වැඩ කරන හැටි දන්නේ නැතුන කොහොමද ගන්නේ. දැන් එහෙනම් හැරෙමු ගන්න හැටි ගැන කතා කරන්න.
ගද්දි හිතන්න ඕනේ දේවල් තමයි මේ.
1) වොට් ගාන
2) බිට් එකේ හැඩේ
3) ගුණාත්මක භාවය
1) වොට් ගාන ගැන හිතමුකෝ මුලින්ම
බවුත් එක මොන වොට් ගානින් තිබුණත් එ්ක රත්වන්නේ ඊයම් උණුකරන්න ප්‍රමාණවත් ගානට විතරයි
එහෙම නැතුව වොට් ගාන වැඩි ඒවා ගත්තා කියලා වාහනවල ටිංකරින් වැඩ කරන්න බෑ
බව්ත් එකකදි වෙන සං සිද්දිය තමයි බිට් එක පාස්සන දේ මත තිබ්බම බිට් එකේ ඉදලා ඒ තියපු තැනට තාපය ගලාගෙන යන එක. එතකොට මොකද වෙන්නේ බිට් එකේ උශ්නත්වය අඩු වෙනවා. ඉතිං හිතන්නකෝ ලොකු යකඩ කෑල්ලක් උඩ බිට් එක තිබ්බා කියලා ඉතිං මොකද වෙන්නේ බිට් එකේ උශ්නත්වය අඩුවෙන වේගෙන් ඒක ආයි රත් කරන්න ඕනෙ වෙනවා. එහෙම රත් කරන්න වැඩි වොට් ගානක් ඕනෙ වෙනවා.ඉතිං දැන් තේරෙනවා ඇතිනේ ලොකු ලොකු කම්බි මිටි පාස්සන්නේ නැත්තං ලොකු වොට් ගානක බව්ත් එකක් ඕනෙ නෑ කියලා. සාමාන්‍යයෙන් සර්කිට් පාස්සන්න ලොකු වොට් ගානක බව්ත් එකක් ඕනෙ නෑ. මොකද සර්කිට් එකක කම්බියක්, පොඩි තඹ සම්බන්ධකයක්, රත් කරන්න ඒ හැටි ලොකු වොට් ගානක් ඕනෙ නෑ. ඒ වගේ දේවල් වලට වොට් 35ක බව්ත් එකක් ඇති.
අනිත් එක සර්කිට් පාස්සන්න ලොකු වොට් ගානක බව්ත් එකක් පාවිච්චි කරොත් ඒකෙන් සර්කිට් එකේ කොටස් වලට හානි වෙන්න පුලුවන්. සමහර විට එල්ඊඩී බල්බ් උණු වෙන්න පුලුවන්. එ් නිසා හොදට රත් වෙනවා කියලා හිතාගන වැඩි වොට් ගානක බව්ත් එකක් ගන්න එපා.
2) බිට් එකේ හැඩේ
බිට් එකේ හැඩය නම් තමන්ට පහසු විදිහට තමයි තෝරගන්න ඕනේ. සර්කිට් වල වගේ සියුම් තැන් පාස්සන්න නම් සිහින් උල් හැඩයෙන් තියන පෙන්සිල් ටයිප් බිට් එකක් තෝරගන්න එක හොදයි. ඒත් අතේ හුරුවේ හැටියට ඕනි නම් පැතලි හැඩේ තියන බිට් එක උනත් පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම පැතලි හැඩේ තියන බිට් එකේ හොදට රස්නේ රදා පවතිනවා. වයර් වගේ පාස්සන්න නම් හොදයි. ඒ වගේම තරමක් මිල වැඩි සෙරමික් බිට් එකක් උනත් මිලදී ගන්න පුලුවන්.
3) ගුණාත්මක භාවය
බව්ත් එකක් ගනිද්දි පේමන්ට් එකෙන් අන්තිම බාල එකක් ගන්න එපා. බාල ප්ලාස්ටික් මිට තියන ඒවගේ ප්ලාටික් මිට උනු වෙනවා. (නමුත් හොද ඒවගේ එහෙම වෙන්නෙ නෑ.) ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකින් 350 කට වගේ හොද තත්වයේ බව්ත් එකක් ගන්න පුලුවන්.
සාමාන්‍ය බව්ත් වලට අමතරව ඕනි නම් සෝල්ඩරින් ස්ටේෂන් එකක් ගන්න පුලුවන්. නමුත් මූලිකව ඒවගේ එකකට යන්න ඕනෙ නෑ.
බව්ත් එකට අමතරව බව්ත් හෝල්ඩර් එකක් එහෙමත් නැත්තං සෝල්ඩරින් ස්ටෑන්ඩ් එකක් ගත්තනම් බව්ත් එක තියා ගන්න පහසුයි. නැත්තං රත්උන බව්ත් එක ප්‍රවේශමෙන් තියාගන්න වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා.
හරි දැන් බව්ත් එක ගත්තනේ එහෙනම් ඊයම් කම්බි පැත්තට හැරෙමු
ඊයම් කම්බි එහෙමත් නැත්තං සෝල්ඩරින් වයර් ගොඩක් ගන්නව නම් රීල් විදිහට ගන්න පුලුවන්. නැත්තං මීටර් විදිහට මැනලා ගන්න පුලුවන්. මම නම් ගන්නේ SKC ඊයම් කම්බි. මොකද ඒවගේ තත්වය හොදයි. පාස්සනකොට විසිවෙන්නේ පුපුරන්නේ නෑ.

සර්කිට් පාස්සන්න නම් 0.8mm වගේ සිහින් ඊයම් කම්බි ගන්න එක ලේසී.
ඇත්තටම ඊයම් කම්බියක තියන්නේ ඊයම් විතරද?
නෑ ඊයම් විතරක් නෙවෙයි, ඊයම් වලට අමතරව, ටින් කියන ලෝහයත් තියනවා. ඒ විතරක් නෙවෙයි ඊයම් කම්බි තියන්නේ සිහින් බට විදිහට ඒ බට ඇතුලේ ෆ්ලක්ස් (දුම්මල) කියන ද්‍රාවණය පුරවලයි තියන්නේ. ඒ ද්‍රාවණය ශාකයකින් ගන්න ද්‍රාවණයක්. අපි පාස්සද්දි දුම දාන්නේ මේ ෆ්ලක්ස් වලින් තමයි. එහෙම නැතුව ඊයං වාශ්ප වෙලා
දුම දානවා නෙවෙයි. ඊයම් කම්බියක් සෙල්සියස් අංශක 188 දී විතර උණු වෙනවා, උනුවෙලා ද්‍රව තත්වයට පත්වෙනවා. හැබැයි බව්ත් එකකින් ඊයම් වාශ්ප කරන්න බෑ
මේ ෆ්ලක්ස් ඕනි වෙන්නේ පාස්සන මතුපිට පිරිසිදු කරන්න. මොකද යම් මතුපිටක් රත් කරනකොට ඒ මතුපිට මත ඉක්මනින් ඔක්සයිඩ් හැදෙනවා. තඹ, පිත්තල, යකඩ මතුපිටකදි මේ ඔක්සයිඩ් හොඳින් විදුලිය සන්නයනය කරන්නෙ නෑ. ඉතිං ඔක්සයිඩ් තියද්දි පෑස්සුවොත් එකක් සම්බන්ධතාවය නිවැරදිව තියන්නෙ නෑ. අනිත් කාරනය හොදින් පෑස්සෙන්නෙ නෑ. මෙන්න මේ නිසා තමයි ෆ්ලක්ස් වලින් අර පාස්සන මතුපිට සුද්ද කරන්න ඕනෙ වෙන්නේ. මේකෙදී ෆ්ලක්ස් ඊයම් කම්බිය ඇතුලෙම තියන නිසා අපිට වෙනමම ෆ්ලක්ස් පාවිච්චි කරන්න ඕනි වෙන්නෙ නෑ. මොකද ඊයම් ද්‍රව තත්වයට පත්වෙන්න ඔන්න මෙන්න කියලා තියද්දි ෆ්ලක්ස් උනුවෙලා ඒවා පාස්සන මතුපිටට ගලාගන ගිහින් ඉබේම එතන පිරිසිදු වෙනවා. ඊට අමතරව ඕනි නම් මේ ෆ්ලක්ස් වෙනමම මිලදී ගන්න පුලුවන්.
හරි දැන් පාස්සමු
මුලින්ම බව්ත් එක හොදට රත් වෙන්න දාලා තියන්න ඕනේ. එහෙම රත් වෙලා නම් මුලින්ම බව්ත් එකේ බිට් එක පිරිසිදු කර ගන්න. මොකද පිරිසිදු නැති බව්ත් බිට් එකේ ඔක්සයිඩ් තියන නිසා ඒකෙන් පාස්සන අපහසුයි. ඒ විතරක් නෙවෙයි බිට් එකේ රස්නෙත් හොදින් මතුපිටට ලැබෙන්න ඒක බාදාවක් වෙනවා. මේ බිට් එක පිරිසිදු කර ගන්න තෙත් කරපු ස්පොන්ච් කෑල්ලක් පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ ස්පොන්ච් කෑලි ඉලෙක්ට්‍රොනික් උපාංග තියන කඩ වල ඉතාම අඩු මුදලකට තියනවා. ඒ වගේම සෝල්ඩරින් ස්ටෑන්ඩ් එකක් ගත්තනම් ඒකෙත් මේ වගේ ස්පොන්ජ් කෑල්ලක් තියනවා. මුලින්ම ඒක තෙත් වෙන්න වතුර ටිකක් දාලා ඉන්න ඕනේ.
එහෙම එක පාරක් බිට් එක පිරිසිදු කරලා හරියට පිරිසිදු වෙන්නේ නැත්තං බිට් එකේ ඊයං ටිකක් ගාලා ආයිත් පිරිසිදු කරන්න. එහෙම නැත්තං ෆ්ලක්ස් වෙනමම අරං තියනව නම් ඒවා ටිකක් ගාලා බිට් එක පිරිසිදු කරගන්න පුලුවන්. සෙරමික් බිට් එකක් නම් පිරිසිදු කරන්න පහසුයි.
ඊටපස්සේ පාස්සන්න පටන් ගන්න පුලුවන්. එතනදි මුලින්න ඉතාම පොඩි ඊයම් ප්‍රමානයක් බව්ත් බිට් එකේ තියන්න ඕනේ. (මම නම් හැමතිස්සෙම එහෙම කරන්නෙ නෑ.) ඊට පස්සේ පාස්සන්න ඕනෙ කරන කම්බිය මත බව්ත් එකේ බිට් එක තියන්න. එතකොට ඒ කම්බියයි ඒකට සම්බන්ද වෙන අනිත් කම්බියයි දෙකම රත් වෙනවා. දැන් ඒ පාස්සන කම්බියේ අනිත් පැත්තෙන් ඊයම් කම්බිය තියන්න. එතකොට ඊයම් උණු වෙලා හොදට පාස්සන මතුපිටට ඇලෙනවා. පහල රූපේ බලන්නකෝ.
එහෙම නැතුව බව්ත් එකේ බිට් එකට ඊයං ගුලියක් අරං ඒක පාස්සන්න ඕනෙ තැන තියන්න එපා
ඒක දුර්වල පැස්සිම් ක්‍රමයක්. මොකද එකක් එතනදි පාස්සන මතුපිට ෆ්ලක්ස් ගෑවෙන්නෙ නෑ. අනිත් එක 'යාදෙක නොරත රත එකට පෑහිමක් නැත' කියලා කතාවක් අහලා ඇතිනේ ලෝහ රත්වෙන්නේ නැතුව පෑස්සුවොත් හරියට පෑස්සෙන්නෙ නෑ. එතකොට වෙන්නේ නිකං ඊයං ගුලිය උඩින් ඇලෙන එක විතරයි. හරියට පෑස්සුවාම ඒක පහල රූපෙ වගේ තියෙන්න ඕනේ.

+15