පරම සත්‍යය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    14289989_1102984889798513_6439933907835899726_o.jpg
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "අපේ ඇත්තන්ට මෙහි ඇත්ත නැත්ත, හොඳ නරක, පෙන්වාදී ආගම හා බුදුදහම යනු එකක්ම නොවන බව අවංකවම පෙන්වා දීමට යාමද අද ඉතාමත්ම අනාරක්‍ෂිතවූත් එමෙන්ම භයානක වුත් දෙයක් බවටද පත්වෙමින් පවතී. සත්‍යය ප‍්‍රකාශකිරීම නිසා, කොයි මොහොතේ හෝ උසාවි යන්නට, පොලිසි ගානේ යන්නට හෝ හේතුවන තරමේ වරදක් පාපයක් බවටද පත්ව ඇත. එදා උඩකැන්දවෙල සිරි සරණංකර හිමියන්ට හිරගෙදරට යන්නට සිදු වුනේත්, වල්පොල රාහුල හිමියන්ට විසිවසරක් පමණ කාලයක් පුරාම රටින් පිටවී සිටින්නට හේතු වුයේත්, මේ මුලික ප‍්‍රශ්ණයම සමාජය හමුවේ විවෘත කරන්නට දැරූ උත්සාහය නිසාම මිස වෙන කිසි හේතුවක් නිසා නම් නොවේ. උඩකැන්දවෙල සිරි සරණංකර හිමියන්ටත් වල්පොල රාහුල හිමියන්ටත් ඒවාගේම උතුම් බුද්ධ ධර්මය මතුකර පෙන්වන්ට එදා මෙදා තුර උත්සාහගත් අයටත් විරුද්ධකම් පෑවේ අන්‍යාගම්කාරයෝ, හෝ උගත් ගිහි පිරිසක් හෝ නොවේ. බුදුපියාණන්ගේ නාමයෙන්ම ”සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චකිරියාය කසා වතං ගහෙත්වා” යන පාඨයන් කියවා පැවිදි බිමට ඇතුළුවු බුද්ධාගමේම ආරක්‍ෂකයින් පිරිසක් විසිනි........"

    https://docs.google.com/file/d/0B58eryIkHQavT09CQlZ3ZEtDMW8/edit?pli=1
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුළු ජිවිත කාලෙම හුලං ඇද්දත් ,බඩ පිම්බුවත් කිසිදා එකදු මාර්ගපලයක් කරා යා නොහැක .එය අනරිය ප්‍රනයාම,කසින අනරිය ධ්‍යාන ලබාගැනීමේ මාර්ගයකි .බුදුන් වහන්සේ විසින් පෙන්වාදෙන ලද නිවැරදි අස්ස -පස්ස (ආන-පාන ) ආනාපාතිසති භාවනාව සහ සතර සතිපට්ටනය ඇතුළු භාවනාව සදහා උපකාරවන අනෙකුත් සුත්‍ර ධර්ම දේශනා සමගින් අර්ථ,ධම්ම ,නිරුක්ති ,පටිසම්භිදා සහිතව භව උදුරාදමිමේ භාවනාව

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එ බං. සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙන්නෙ නැ නේද??? ඒක අල්ප සාවද්‍යයයි.
    ප්‍රාණඝාත අකුසලය සිදු වීමට තමා විසින් අනෙකෙකුගේ පණ නැසිය යුතුයි නේද????
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එ බං. සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙන්නෙ නැ නේද??? ඒක අල්ප සාවද්‍යයයි.
    ප්‍රාණඝාත අකුසලය සිදු වීමට තමා විසින් අනෙකෙකුගේ පණ නැසිය යුතුයි නේද????

    එතනත් ප්‍රාණඝාතයක් වීමට අවශ්‍ය කරුණු පහ සම්පූර්ණ වන නිසා වෙනත් සතෙක් මරණවා හා සමානවම අකුසලයක් වෙන බව තමයි හිතන්න පුලුවන්.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    14102294_1217478571605646_670443572103108468_n.jpg

    "සිතෙ ඇතිවන බාල ගති සේවනය නොකල යුතුය"

    අසේවනා ච බාලානං-පන්ඩිතානන් ච සේවනං ගාථාවේ නිවැරදි ධර්ම අර්ථය.

    බුදුන් වහන්සේ දෙසනා කලෙ සෑමවිටම බබයක් පමන වු සරිරය තුල ඇති සිත ගැන් මිස බාහිර පුද්ගලයන් ගැන නොවේය.සේවනය නොකල යුත්තෙ සිතේ ඇතිවන බාල ගතිය .ඒ වෙනුවට නිවන් මගට උපකාර වන විතරාගි ,වීතදේසි ,වීතමෝහි සිතක් ඇතිකර ගත් යුතුය .මෙය නිවැරදි අර්තයයි

    _____නිවන් මගට උපකාර ලෙස_____

    ඇත්තටම "මහාමඞ්‌ගල සූත්‍රය" හි සදහන් වන්නේ ඔය අර්ථයද? එසේනම් එහි දෙවන ගාථා ඛණ්ඩයේ අර්ථය කෙලස ගලපන්නේද? (ඔබතුමන්ට කරුණු පැහැදිලි කල හැකිනම් එය සියල්ලන්ගේම හිත සුව පිණිසම වන්නේය. )

    අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයා නං - ඒතං මංගල මුත්තමං
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    With all respect
    Any one know what is the ultimate truth is?
    Just don't quote things need a small clarification.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇත්තටම "මහාමඞ්‌ගල සූත්‍රය" හි සදහන් වන්නේ ඔය අර්ථයද? එසේනම් එහි දෙවන ගාථා ඛණ්ඩයේ අර්ථය කෙලස ගලපන්නේද? (ඔබතුමන්ට කරුණු පැහැදිලි කල හැකිනම් එය සියල්ලන්ගේම හිත සුව පිණිසම වන්නේය. )

    අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයා නං - ඒතං මංගල මුත්තමං

    බුද්ධ දේශනාවේ සමහර තැන් වල මතුපිටින් පෙනෙන සරල අර්තයට වඩා ගැඹුරු අර්ත තියෙනව.සරල අර්තය ලෞකික ජීවිතයට වැදගත් නමුත් එහිම ගැඹුරු අර්තය හැමවිටම නිවන කරාම දේශනා වූවක්.අසේවනාච බාලානං කියන තැනත් එහෙමයි.එතන මතුපිට අර්තය බාලයන් ඇසුරු නොකරන්න, පණ්ඩිතයන් ඇසුරු කරන්න කියන එකයි.එහි වරදක් නෑ. නමුත් එහි නිවනට සෘජුව උපකාරී වන අර්තය වෙන්නේ කෙලෙස් වැඩෙන අකුසල් වලින් දුරුවෙලා නිවනට උදව් වන කුසල පක්ශය ආශ්‍රය කරන්න කියන එකයි.

    ඉමිනා පුඥ්ඥ කම්මේන කියන ගාතාවත් එහෙමයි.එතන බාල සමාගම කියන්නෙත් අකුසල්මයි. සතං සමාගමෝ කියන්නෙ කුසල ධර්මයන්.ඒකෙන් කියන්නෙ මේ පින්කම හේතුවෙන් බාල සමාගම වන අකුසල ධර්මයන් සේවනය කරන්න නොලැබේවා. සතං සමාගම වන කුසල ධර්මයන්ම සේවනය කරන්න, ආශ්‍රය කරන්න ලැබේවා කියන දේමයි.
    :)
     
    ඔව් ඔබතුමන් කියන ගොඩක් කරුණු ඇත්ත, මම අර කලින් ඇහුව වගේ සමහර තැන වලදී ධර්ම කරුණු ගැලප ගන්න ගියාම අතරමන් වෙනවා , එම අවස්ථාවක් තමයි මම ඔබතුමාගෙන් නිරාකරණය කරගන්න හැදුවේ. කලිනුත් අර පන්සිල් පද ගැන ත් එවැනිම නොගැලපීමක් ඇතිවූ නිසායි මම ඒ ගැනද දිගින් දිගට ප්‍රශ්න කලේ.
    එක ගාථාවක මුල් කොටසින් ඉතා ගැබුරු අර්ථයක් දක්වනවා නම් එහි ඉතුරු කොටස් ද ඒ ආකාරයටම ගැලපීමක් සහිතව . හිස්තැන් නොමැතිව කරුණු ගැලපෙන්න ඕනි නේද? එහෙම බලනකොට ද..

    එහි අඩංගු ඉතිරි මංගල කරුණු සියල්ලමද හිතේ ඇති වන බාල ගති මග හැරිමටම යොදා තිබියදීත් , එකම කරුණ නැවත නැවත සදහන් කිරීම බුද්ධ භාෂිතය නොවන බවද සලකිමේදීද , ඔබ පවසන අර්ථය එහි ඇති ඇත්තම අදහස නොවන බව පසක් වේ. (මේවා දහම් ගැට නොවේ)

    අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයා නං - ඒතං මංගල මුත්තමං

    මෙහි මුල් කොටසින් "සිතෙ ඇතිවන බාල ගති සේවනය නොකිරීම" සහ අනිත් කොටසින් " පිදිය යුත්තන් පිදිමැ" යන කරුණු ගැලපෙන්නේ කෙලෙසද? යන්න ඔබට සකාරව පෙන්විය නොහැකි කරුණක් බවත් පසක් විය යුතුයි.