එ බං. සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙන්නෙ නැ නේද??? ඒක අල්ප සාවද්‍යයයි.
ප්‍රාණඝාත අකුසලය සිදු වීමට තමා විසින් අනෙකෙකුගේ පණ නැසිය යුතුයි නේද????
![]()
"සිතෙ ඇතිවන බාල ගති සේවනය නොකල යුතුය"
අසේවනා ච බාලානං-පන්ඩිතානන් ච සේවනං ගාථාවේ නිවැරදි ධර්ම අර්ථය.
බුදුන් වහන්සේ දෙසනා කලෙ සෑමවිටම බබයක් පමන වු සරිරය තුල ඇති සිත ගැන් මිස බාහිර පුද්ගලයන් ගැන නොවේය.සේවනය නොකල යුත්තෙ සිතේ ඇතිවන බාල ගතිය .ඒ වෙනුවට නිවන් මගට උපකාර වන විතරාගි ,වීතදේසි ,වීතමෝහි සිතක් ඇතිකර ගත් යුතුය .මෙය නිවැරදි අර්තයයි
_____නිවන් මගට උපකාර ලෙස_____
ඇත්තටම "මහාමඞ්ගල සූත්‍රය" හි සදහන් වන්නේ ඔය අර්ථයද? එසේනම් එහි දෙවන ගාථා ඛණ්ඩයේ අර්ථය කෙලස ගලපන්නේද? (ඔබතුමන්ට කරුණු පැහැදිලි කල හැකිනම් එය සියල්ලන්ගේම හිත සුව පිණිසම වන්නේය. )
අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනීයා නං - ඒතං මංගල මුත්තමං

බුද්ධ දේශනාවේ සමහර තැන් වල මතුපිටින් පෙනෙන සරල අර්තයට වඩා ගැඹුරු අර්ත තියෙනව.සරල අර්තය ලෞකික ජීවිතයට වැදගත් නමුත් එහිම ගැඹුරු අර්තය හැමවිටම නිවන කරාම දේශනා වූවක්.අසේවනාච බාලානං කියන තැනත් එහෙමයි.එතන මතුපිට අර්තය බාලයන් ඇසුරු නොකරන්න, පණ්ඩිතයන් ඇසුරු කරන්න කියන එකයි.එහි වරදක් නෑ. නමුත් එහි නිවනට සෘජුව උපකාරී වන අර්තය වෙන්නේ කෙලෙස් වැඩෙන අකුසල් වලින් දුරුවෙලා නිවනට උදව් වන කුසල පක්ශය ආශ්‍රය කරන්න කියන එකයි.
ඉමිනා පුඥ්ඥ කම්මේන කියන ගාතාවත් එහෙමයි.එතන බාල සමාගම කියන්නෙත් අකුසල්මයි. සතං සමාගමෝ කියන්නෙ කුසල ධර්මයන්.ඒකෙන් කියන්නෙ මේ පින්කම හේතුවෙන් බාල සමාගම වන අකුසල ධර්මයන් සේවනය කරන්න නොලැබේවා. සතං සමාගම වන කුසල ධර්මයන්ම සේවනය කරන්න, ආශ්‍රය කරන්න ලැබේවා කියන දේමයි.![]()