අද අපි ඔබට කියන්න යන්නේ ලොවපුරා මෙන්ම ලoකාවේත් අතිශයින් ජනප්‍රිය උනු Toyota Prius කාණ්ඩයේ නවතම රථය වන Toyota Prius Prime ගැන. මෙහි පෙර මාදිලිවලට වඩා සුවිශේෂී වෙනස්කම් රාශියක් දක්නට ලැබෙනවා. EV Mode මගින් ධාවනය දියුණු කොට ඇති අතර පෙරටත් වඩා තාක්ෂණයෙන් දියුණු මෝටර් පද්ධතියකින්ද යුතු අතර විද්‍යුත් බැටරිය ඉහළ තාක්ශණයකින් නිපදවා අත්තේ පෙරටත් වඩා ඉන්ධන කාරියක්ෂමතාවය වැඩි කරමින්. සුපිරිතම නිමාවක් පෙන්නුම් කරන රථයේ පිටුපස මනා බ්රේක් ලයිට් පද්ධතියකින්ද (Continuos Brake Light System) සමන්විත වෙනවා. ඉදිරිපස එක් පසක ප්‍රොජෙක්ටර් ලාම්පු 4 බැගින් වන හෙඩ් ලයිට් පද්ධතියක්ද සහිත මෙහි ඇතුලත නිමාවනම් අතිෂය නවීන අගෝපාග වලින් යුක්තයි. 11.6" ක Multimedia තිරයක් මගින් බොහෝ options ක්‍රියාකරනවා. 96% කින් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම අවම කොට ඉහළ පරිසර හිතකාමී රථයක් ලෙස නිපදවා ඇති Prius Prime සදහා මේ වන විටත් ඉහළ ඉල්ලුමක් ඇති බව ටොයෝටා සමාගම පවසනවා. තවත් මේ වගේම වාහන ගැන දැනගන්න එකතු වෙන්න Autodream සමග. යාළුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා
Source : https://www.facebook.com/autodream.lk
Source : https://www.facebook.com/autodream.lk
Last edited:






