මම තවත් පොඩි දෙයක් දාන්නම්.. මේක අපේ ගොඩක් දෙනෙක් කරන්න පට්ටම මෝඩ වැඩක්. මේ ත්‍රෙඩ් එකෙත් දාල තිබ්බ. හැමෝම ගුඩ් බිස්නස් මයින්ඩ් කියලත් දාල තිබ්බ. ඒත් ඒකත් තනිකරම මෝඩ වැඩක්. ඒ තමයි අපේ සල්ලි ෆික්ස් කරල ආයිත් ලෝන් ගන්න එක..මේකට කියන්නෙ ජාති ජාති ණය කාරයො කියල..
ඔයාට ලක්ශ 10ක් ෆික්ස් කරාම ආයිත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙන්නෙ ලක්ශ 9යි.. 90%යි. ෆික්ස් ඩිපෝසිටි පොලියට වඩා ලෝන් පොලිය වැඩී. පොලී දෙකේ පරතරය බලපුවාම ගොඩක් පොඩි පොළියක් එන්නෙ. 3-4%ක වගේ මේක දකින ගොඩක් උන් ඇඳගන්නව. පට්ට අඩු පොළියක්නෙ මේක තමයි නියම ක්‍රමේ කියල පේන්නෙ.
ඒත් ඇත්තටම ඔයාට මේ ෆික්ස් ඩිපෝසිට් ක්‍රමෙන් ලක්ශ 9ක ලෝන් එකක් ගන්න ඕනෙ වෙන්නෙ ෆිසිකල් ලක්ශෙකුයි පොඩි කොල කෑල්ලක ලියපු ලක්ශ 9යි. ඔය දෙක අරන් බැංකුවට ගියාම ඔයාට ලක්ශ 9 ලෝන් එකයි ලක්ශ 10 ෆික්ස් ඩිපෝසිට් එකයි ගත්තහැකි. ගෙදර ගේන්නෙ ඩොකියුමන්ට් ටිකයි අර කොලේක ලියපු ලක්ශ නමයයි. ඉල්ලන් කෑමේ උපරිම එක නේ..
කෝ දැන් සල්ලි. අතේ තිබ්බ ලක්ශෙත් බැංකුවට දීල තව පොළියකුත් මාසෙ ගානෙ ගෙවන්න එකග වෙලා ඇවිත්.. හැබැයි බැංකුවෙන් සත 5ක් හම්බෙලා නෑ. උපරිම වේදනාව තමා ඉතිං![]()
me wede karanne godakma government aya. Save karanna mindset eka hedila nethnam better option eka thamai me wede. Nethnam athe thibba sallith ne. Ithuruwakuth ne.
මේකට කියන්නෙ ජාති ජාති ණය කාරයො කියල..



ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ 


