BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.
IT වලින් degree එකක් කරන්න ආස අයට වැදගත් වෙයි.
BIT කිව්වම ගොඩක් අය දන්නේ Colombo BIT එක ගැන. නමුත් ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකින් ලබාදෙන තව BIT උපාධියක් තියෙනවා. BIT කරන්න හිතන් ඉන්න අයට මේ දෙක ගැන මම දන්නා තරමින් විස්තර අද කියන්නම්. හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියල.
මේ උපාධි පාඨමාලා දෙකේම සමානකම් මුලින්ම කතා කරමු.
1). මුළු කාලසීමාව අවුරුදු 3ක් (6 Semesters).
2). දෙකම Bachelor’s Degrees.
3). දෙකම බාහිර (External) උපාධි.
4). දෙකම ප්රදානය කරන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින්.
මේ උපාධි පාඨමාලා දෙකේ වෙනස්කම් ගත්තොත්,
1). කොළඹ විශ්වවිද්‍යාලෙ BIT උපාධිය Credit 90ක එකක් වන අතරේ මොරටුව විශ්වවිද්‍යාලෙ BIT උපාධිය Credit 115ක එකක් වීම.
2). කොළඹ විශ්වවිද්‍යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක ගන්න නම් මුල් අවුරුද්දේ ඉඳන් හොඳම ලකුණු ගන්න වෙනවා. මොකද ඒකට GPA එක calculate කරන්නේ අවුරුදු 3ම GPA භාවිතා කරලා. මොරටුවවිශ්වවිද්යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක දෙන්නේ අවසාන අවුරුද්දේ (3වෙනි අවුරුද්දේ) GPA එක consider කරලා. එහෙම වෙන්න හේතුව HNDIT කරපු අයට අවුරුදු දෙකක exemption එකක් දෙන නිසා. හැබැයි එහෙම උනා කියල මොරටුවේ උන්ට නිකන් ඉන්න බෑ. වැඩ කරන්න වෙනවා 3rd year එකේ හොඳ ප්‍රතිඵල ගන්න. එහෙම හොඳට ලකුණු අරං සුපිරි GPA තියෙන උන්ව දානවා Deen’s List කියල එකකට.
3). කොළඹ විශ්වවිද්‍යාලෙ BIT උපාධිය කරනකොට semester exam එකක subject එකක් fail වුනොත් බලාගෙන ඉන්න වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකන් ඒක repeat කරන්න. නමුත් මොරටුව විශ්වවිද්‍යාලෙ BIT උපාධිය කරන අයට semester exam එකක subject එකක් fail වුනොත් ඊළඟ semester එකේම fail වෙච්ච subject එක repeat කරලා ඉවරයක් කරලා දාන්න පුළුවන්.
4). කොළඹ විශ්වවිද්‍යාලෙ වගේම මොරටුව විශ්වවිද්‍යාලෙ BIT උපාධියෙත් assignments නම් අඩුවක් නැතුව තියෙනවා. Assignments හරියට කරලා ලකුණු අරං පාස් වුනේ නැත්තන් විභාගෙට මූණ දෙන්න ඉඩ දෙන්නේ නැති එකත් දෙකේම සමාන ලක්ෂණයක්. නමුත් වෙනසකට තියෙන්නේ Colombo එකේ assignments කොච්චර හොඳට කලත් ඒවගේ ලකුණු semester exam වලට එකතු නොවීමත් Moratuwa එකේ assignments වල ලකුණු semester exam වලට එකතු වීමත් තමයි. එක වෙන්නේ semester exam එකකදී subject වලට ලකුණු දෙන්නේ 40% ක් assignments වලින් වීමත් 60%ක් written exam වලින් වීමත් තමයි.
දැන් කතා කරමු Colombo BIT එක ගැන.
Colombo BIT degree එක ප්රදානය කරන්නේ UCSC (University of Colombo School of Computing) එකෙන්.
Colombo BIT කරන්න eligible වෙන විදිය බලමු. විධි දෙකක් තියෙනවා මූලික වශයෙන්.
1). අ.පො.ස. (සා.පෙ.) ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් වලට සම්මාන සමාර්ථ (C passes) 2ක් සමග අ.පො.ස. (උ.පෙ.) විෂයයන් 3ක් (අවමය සාමාන්‍ය සමාර්ථ 3ක්) එක වර සමත් වීම.
2). අ.පො.ස. (සා.පෙ.) ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් වලට සම්මාන සමාර්ථ (C passes) 2ක් සමග UCSC එකෙන් ලබාදෙන FIT (Foundation in IT) සහතික පත්‍රය ලබා ගෙන තිබීම.
මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ senate එකෙන් අනුමැතිය ලැබෙන ඩිප්ලෝමාවක් හෝ වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකමක් තියේ නම් පුළුවන් අයැදුම් කරන්න. හැබැයි එහෙම තියෙන ඒවාට කලින් අනුමැතිය ලබාගත යුතුයි.
ලබන 2017 ඇතුලත් කරගැනීමට (2017 intake) පමණක් UCSC එකෙන් පොඩි සහනයක් දීල තියෙනවා. සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් වලට සම්මාන සමාර්ථ (C passes) 2ක් නොමැති අයට ඒ විෂයයන් වලට සාමාන්‍ය සමාර්ථ (S passes) 2ක් තියෙනවා නම් අයැදුම් කිරීමේ හැකියාව ලබා දීල තියෙනවා. ඉන් පස්සේ එන ඇතුලත් කර ගැනීම් වලදී මේ කාරණාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
ඔය දෙවෙනියට කියපු විධිය නිසා අ.පො.ස. (උ.පෙ.) සමත් නැතත් ඉස්සරහට යන්න විධියක් ලැබෙනවා.
ඉගෙනුම් ක්‍රියාවලිය ගැන දැන් බලමු.
උගන්නන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ නෙමෙයි. ඒවාට වෙනම සහයෝගිතා සංවිධාන නම් කරලා තියෙනවා. පහුගිය අවුරුදු තුන හතරේ හොඳ ප්‍රතිඵල ගත්තු තැන් බලල ඒවාට සම්බන්ධ වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා නම් හරි. ඒ වගේ institute දෙක තුනක් කියන්නම්.
OpenArc Campus, කිරුළපන - මේකේ අවුරුදු 3ම ටියුෂන් තියෙනවා.
Esoft , දිවයින පුරා - මේකේත් අවුරුදු 3ම ටියුෂන් තියෙනවා. හැබැයි මම දන්නා තරමින් කොළඹ ඒවගේ විතරයි. අනිත් ඒවගේ අවුරුදු දෙකයිද කොහෙද.
Matrix Institute – Galle Road, Colombo 06.
IDM – Duplication road and Colombo 06.
මීට අමතරව තව registered institutes තියෙනවා Earth institute වගේ. නමුත් ඒවා ගැන මම එච්චර දන්නේ නැහැ. ඊටත් අමතරව A/L කාලේ වගේ නිකන් ටියුෂන් පන්ති වගේ semesters එකක් දෙකක් කරන තැනුත් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කේ ඇතුලත විතරක් 200ක් හෝ ඊට සුළු වශයෙන් අඩු වැඩි ගානක් ඒ වගේ තැන් තියෙනවා. ඒවා ගැන නම් මගේ වැඩි විශ්වාසයක් නෑ. හොඳ තැනුත් ඇති.
තැන් තැන් වල ටියුෂන් ගණන් හිලව් වෙනස්. හැබැයි UCSC එකට ගෙවන්න ඕනි ගාන එකයි. අවුරුදු තුනටම රුපියල් 56,000 යි මට මතක විදියට. ඒ අය කිරීම කරන්නේ විභාග වලට සහ ඒගොල්ලෝ සපයන සේවාවන් වලට. මේ ගෙවීම් කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව තියෙනවා.
ඔය පිලිබඳ වැඩි විස්තර http://www.bit.lk සහ http://www.ucsc.lk එකෙනුත් ලබා ගන්න පුළුවන්.
දැන් කතා කරමු Moratuwa BIT එක ගැන.
Moratuwa BIT degree එක ප්රදානය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයෙන්. සම්බන්ධීකරණය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ CODL (Centre for Open and Distance Learning) එකෙන්.
Moratuwa BIT කරන්න eligible වෙන විදිය බලමු. Colombo BIT වගේම මේකෙත් විධි දෙකක් තියෙනවා මූලික වශයෙන්.
1). අ.පො.ස. (සා.පෙ.) ගණිතය විෂයයට සම්මාන සමාර්ථයක් (C pass) සමග අ.පො.ස. (උ.පෙ.) විෂයයන් 3ක් (අවමය සාමාන්‍ය සමාර්ථ 3ක්) එක වර සමත් වීම.
2). අ.පො.ස. (සා.පෙ.) ගණිතය විෂයයට සම්මාන සමාර්ථයක් (C pass) සමග මොරටුව විශ්වවිද්‍යාලයේ senate එකෙන් අනුමැතිය ලැබෙන ඩිප්ලෝමාවක් හෝ වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකමක් ලබා ගෙන තිබීම. සාමාන්‍යයෙන් මේ සුදුසුකම TVEC (තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම) විසින් අනුමැතිය ලබා දුන්, අවුරුද්දක පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් විය යුතුයි.
ලබන 2017 ඇතුලත් කරගැනීම (2017 intake) මේ වෙනකොට (08.10.2016) අරඹලා තියෙනවා. අයදුම්පත් යොමුකිරීමේ අවසාන දිනය ලෙස ඔක්තෝබර් 31 මොරටුව විශ්වවිද්‍යාලය විසින් නියම කරලා තියෙනවා.

උගන්නන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ නෙමෙයි. ඒකට වෙනම සහයෝගිතා සංවිධානයක් නම් කරලා තියෙනවා. පහුගිය අවුරුදු වල ඒ වගේ institutes කීපයක් තිබුනට 2015 ඉඳල මේ වෙනකන් තියෙන්නේ එකයි.
OpenArc Campus, කිරුළපන - දැනට ඉන්න එකම සහයෝගිතා සංවිධානය.
Esoft, IDM ඉස්සර කළා. දැන් නම් නෑ.
ගණන් හිලව් ගැන කතා කලොත් institute එකේ ගාන අවුරුදු තුනටම රු.200,000 සහ 490,000 යි පිළිවෙලින් Part-Time සහ Full-Time Modes වලට. මොරටුව uni එකට ගෙවන්න ඕනි රු. 140,000. ඒ කියන්නේ මුළු degree එකම, අවුරුදු තුනටම, රු. 340,000 සහ 490,000 තමයි පිලිවෙලින් Part-Time සහ Full-Time Modes වලට අය කිරීම. මේ ගෙවීම් කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව තියෙනවා.
ඔය පිලිබඳ වැඩි විස්තර http://www.codl.lk සහ http://www.openarc.edu.lk එකෙනුත් ලබා ගන්න පුළුවන්.
ඔය තියෙන විස්තර වලින් ප්‍රයෝජනයක් අරගන්න. පිටරට degrees වලට මහා ලොකු සල්ලි කන්දරා යට කරන්න ඕනි නෑ. කොහොම කලත් ලැබෙන්නේ bachelor’s degree එකක්ම තමා. ඉතින් රජයේ විශ්වවිද්‍යාල වලින්, එහෙමත් නැත්තන් අනෙකුත් පෞද්ගලික ආයතන වලින් දෙන මේ වගේ උසස් අධ්‍යාපන අවස්ථා හොයල ඒවට සම්බන්ධ වෙලා අනාගතේ ගොඩ දාගන්න බලන්න. Degree එකක් කරන්න යනකොට ඒක offer කරන University එකේ World Ranking, Commonwealth Ranking එහෙම බලල තෝරගන්න. බොරු ෂෝ වලට නම් ඉගෙන ගන්න යන්න එපා මචන්. ගොඩක් උන්ට අම්මල තාත්තල නේ සල්ලි හොයල දෙනවා ඇත්තේ ඉගෙන ගන්න ඒවාට තාම. මොන විදියේ තැනකින් මොන විදියේ අධ්‍යාපනයක් ලැබුවත් අම්මලාගේ තාත්තලාගේ සල්ලි නම් අපතේ යවන්න එපා. මම බොහොම දුක් මහන්සියෙන් ඉගෙන ගත්තේ. හොඳ තැනක රස්සාවක් කලත් තාමත් ඉගෙන ගන්නවා. අත්දැකීම් තියෙන නිසයි එහෙම උපදෙසක් දුන්නේ.
තවත් මේ වගේ දේවල් හම්බෙන වෙලාවක මම දාන්නම්.
එහෙනම් හොඳට ඉගෙන ගෙන රටට වැඩක් කරන්න ජයෙන් ජය!

Last edited:

hariyata karanawa external internal foreign local kiyala mokuth naha hodata karana kenata 