සූරියවැව ක්‍රීඩාංගණය විනාශයි

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    සූරියවැව ක්‍රීඩාංගණය විනාශයි

    ලොව සුන්දරම හා ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය අද වනවිට ක්‍රිකට් තරග නොපවත්වන, දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු හා ක්‍රීඩා ලෝලීහු චෝදනා කරති. විශාල මහජන මුදලක් වැයකර ඉදිකළ මෙම ක්‍රීඩාංගණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිනෙන් දින විනාශය කරා යාමට ඉඩහැර තිබෙන්නේ එහි යන සියලුදෙනාගේ හදවත් කම්පා කරවමිනි.

    2a686iv.jpg


    මේ වනවිට ක්‍රීඩාගාරය තුළ හා අනෙකුත් ස්ථාන පරවියන්ගේ රජදහනක් බවට පත්ව තිබේ. ක්‍රීඩාගාරය තුළ තැනතැන ප‍ෙරවියන් මැරී වැටී කුණු වී ඇති අයුරු, අද එහි යන සියලුදෙනාට සුලබව දැකගත හැකිය. එමෙන්ම ප‍ෙරවියන් බිත්ති අපවිත්‍ර කර ඇති අතර, බිමට එලා තිබෙන කාපට්, විදුලි උපකරණ, මේස පුටු හා ක්‍රීඩාගාරයේ ස්ථාන ගණනාවක්ම විනාශය කරා ගොස් ඇත්තේ බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසාය.

    වර්තමානය වනවිට ක්‍රීඩාංගණයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක අංශ යොදවා ඇති අයුරු දැකගත හැකි වුවද, ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු සිදුවන බවක් නම් පෙනෙන්නට නැත. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර මෙම ක්‍රීඩාංගණය භාර නිලධාරියාද ඉවත් කළ අතර, අද වනවිට නමට පමණක් සීමා වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට සූරියවැව ක්‍රීඩාංගණය පත්ව තිබේ.

    රුපියල් මිලියන 4,283ක පමණ විශාල ධනස්කන්දයක් වියදම් කරමින් ඉදිකළ මෙම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, අද වනවිට තනිකරම සුදු අලියෙකු පමණක් බවට පත්ව තිබෙන්නේ කාගේ වරදක් නිසාද යන්න ගැටලුවකි. 2011 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිකළ මෙම ක්‍රීඩාංගණය, විවෘත කිරීමෙන් පසු මේ දක්වා එක්දින තරග 17ක් හා විස්සයි20 තරග 07ක් පමණක් පවත්වා තිබේ.

    සූරියවැව ඉදිවූ මෙම ක්‍රීඩාංගණය සඳහා අක්කර 47ක පමණ භූමිභාගයක් වෙන්කර ඇති අතර, ක්‍රීඩා ලෝලීන් 35,000කට පමණ එකවර තරග නැරඹීමේ හැකියාව පවතී. එමෙන්ම ක්‍රීඩා පිටියද මීටර 100ක දිගින් හා මීටර් 100ක පළලකින්ද යුක්තය. දිවා රාත්‍රී දෙකෙහිම තරග පැවැත්විය හැකි අයුරින් ස්ථාපිත කර ඇති නවීන විදුලි ආලෝක පද්ධතියකින් සමන්විත මෙම ක්‍රීඩාංගණය මෙලෙස භාවිතයට නොගෙන අතහැර දමා තිබීම ක්‍රීඩාවට සිදුකරන අපරාධයක් බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.

    අද වනවිට ක්‍රීඩාංගණයේ ඇතුළු වීමේ දොරටුවත් කැලෑවෙන් වැසීගොස් ඇති අතර, ක්‍රීඩාගාරය තුළ විදුලි බුබුළු හා බොහොමයක් විදුලි උපකරණද විනාශයට පත්ව ඇත. ක්‍රිකට් තරග නෙපැවැත්වීම නිසා පසුගිය කාලයේදී මෙහි ගොඩනැගිලි දිනකට රුපියල් 10,000ක මුදලකට මංගල උත්සව සඳහා ලබාදීමට බලධාරීන් තීරණය කළද, ඉන් ක්‍රීඩාංගණයට ආදායකමක් හිමිවී නොමැත. මීට වසර කිහිපයකට ඉහතදී මෙහි තරග නැරඹීමට ප්‍රේක්‍ෂකයන් පැමිණියද, වර්තමානය වනවිට විනෝද චාරිකා ලෙස පැමිණෙන්නන්ගේ නැරඹුම් ස්ථානයක් පමණක් බවට පත්ව ඇත.

    ක්‍රීඩාංගණයේ අවට උද්‍යානයේ අලංකාරය සඳහා සිටුවා තිබූ බොහොමයක් ගස් වර්ගද සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත්තේ වග කිවයුතු කිසිවකුගේ අවධානය ඊට යොමු නොවීම හා කිසිදු නඩත්තුවක් නොමැති නිසා බව එහි ගිය අපට දැකගත හැකි විය. එමෙන්ම තැන තැන ගොඩ ගසා ඇති කුණු ගොඩවල් ක්‍රීඩාංගණයේ අභාවයට හොඳම සාක්‍ෂිය.ක්‍රිකට් තරග නොපැවැත්වුවද, මෙහි නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් එක්කෝටි අනූනව ලක්‍ෂයක පමණ මුදලක් වාර්ෂිකව වියදම් කෙරෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

    පසුගිය කාලය පුරාවට මෙම ක්‍රීඩාංගණය පිළිබඳව විවිධ මත ඉදිරිපත් වූ අතර, පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව විවිධ ප්‍රකාශ සිදුවෙන අයුරු මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වසා දැමීමට කටයුතු නොකර නැවත එය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව කඩිනමින් සොයා බලන බව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සිදුකළ සංචාරයකදී පැවසීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, ක්‍රීඩා තරග සඳහා පැමිණෙන ක්‍රීඩකයන් සඳහා නවාතැන් ගැනීමට සුදුසු හෝටල් පද්ධතියක් ක්‍රීඩාංගණය අාශ්‍රිතව ඉදිකළ යුතු බවයි. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු ආයතනයක් බවට පත්කිරීම පිළිබඳව ඇති හැකියාව සොයාබලන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සඳහාද ක්‍රීඩාංගණයක් ලෙස සූරියවැව නම්කර තිබුණද, ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඒ සඳහා ක්‍රීඩාංගණය සූදානම් කරන බවක් පෙනෙන්නට නොමැත.කෙසේවෙතත් විශාල මහජන මුදලක් වියදම් කර ඉදිකළ මෙවැනි මහජන දේපොළක් විනාශයට යාමට ඉඩහැර තිබීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි බව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ අදහසයි. වහාම ක්‍රීඩා බලධාරීන්ගේ හා රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට මේ සඳහා යොමු නොවු‍ණහොත් දිනෙන් දින මෙහි සිදුවෙමින් යන විනාශය දැරිය නොහැකි වනු ඇති බව නම් පැවසිය යුතුය.

    Watch
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    නම මාරුකරලා කරලා හරි කමක් නැහැ ඕක නඩත්තු කරොත් ලොකු දෙයක්.:(
     

    waligamaya

    Well-known member
  • අපරාදයක්. මේක හැදුවේ වරයා අදිකාරියේ southern port development division එකෙන්, තම ඒකට ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් වරයට අයවිය යුතු මුදල සත පහක් දීලා නැ. මේවා ලෝක කුසලානයට හදන්න ICC එකෙන් සල්ලි ක්‍රිකට් බෝර්ඩ් එකට ලැබුනා. එත් උන්ට සල්ලි නැ ගෙවන්න. කොහොමද ක්‍රිකට් ලෝකන්ගේ ගිලිල්ල. :(
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    When you look at the picture you will understand why is this project a total failure. Is there any human habitat around this ground ?? To whom they build this ground, if there are no spectators to watch cricket ?? People in rural areas deserve every right to have all the luxuries in the big cities. But they must have other basic things like water, housing,hospitals, schools, and some sort of employment opportunities before enjoy themselves with cricket.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නම මාරුකරලා කරලා හරි කමක් නැහැ ඕක නඩත්තු කරොත් ලොකු දෙයක්.:(

    නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව.
    අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේවා නම් අපරාධ... කොච්චර ලස්සන ග්‍රවුන්ඩ් එකක්ද?
    දේශපාලණය මොක උනත් මේ ග්‍රවුන්ඩ් එක හරියට මේන්ටේන් වෙන්න ඕනේ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවා නම් අපරාධ... කොච්චර ලස්සන ග්‍රවුන්ඩ් එකක්ද?
    දේශපාලණය මොක උනත් මේ ග්‍රවුන්ඩ් එක හරියට මේන්ටේන් වෙන්න ඕනේ..

    :(දැන් වෙන්නේ පළිගන්නවා වගේ සින් එකක්.. හම්බන්තොට හැටි බලපන් දැන්.. සම්මන්ත්‍රණ ශාලාව, මේ ග්‍රවුන්ඩ් එක අත ඇරලා දාල.. ණය වෙලා හරි හැදුව එක හරි මේවා නඩත්තු කරන්න එපැයි.. මේවා පක්ෂෙක බුදලයක් නෙමේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපුව.. මහා ලොකු සන්වර්දනේ ගැන කියවන්නේ පොනිලා.. හැමදාම රට යනවා විතරයි කරපු ලබ්බක් නෑ:angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊලඟ කන්නෙට වී වේලන්න ගනීවි අර එයාර් පෝර්ට් එක වගේ....
    ටොයියොන්ගෙ සතුට ගැනත් හිතන්න එපැයි.