ඕකට මතක නෑ ආච්චිගේ දානෙට අපි කොච්චර උදව් කරාද කියල, මලගේ වෙච්ච දවස්වලත් එගොඩහ උළු මෝලේ සුගතන් අප්පුල එහෙම තමා ලොකු කරගෙන හිටියේ, අපි ගජරාමෙට වැඩ කරද්දී උන්නද මලාද බැලුවෙ නෑ, තේ කහට උගුරක්වත් බිව්වද කියල හොයල බැලුවෙ මැණිකේ නගා විතරයි.
වරකෝ මේ පාර හාමුදුරුවෝ වඩම්මන්න වාහනේ ඉල්ලගෙන![]()
කරදරයක් උන වෙලාවට අහක බලන්ඩ හොද නැති කමට ගියාට ඔකුන්ගෙ කල ගුන නැ. උන්ගේ පවුලම එහෙමනෙ.
අර සුගතන්ලගෙ වාහනෙම ඉල්ලගෙන යන්ඩ කියහන්



පාන්සකූලෙට මුන්ගේ වාහනෙන හමුදුරුවො වැඩමෙව්වෙ. "අක්කේ මුන්ගෙ වාහනෙ ඉල්ලුවට වඩා ලාබයි ටවුමෙ නානගෙ වාහනේ වැඩමෙව්වනන්. මු හත් දොහක කැම එක වේලට කැවනේ කියල " 
කොටින්ම මිනියේ වල තේගිරිස් අයිය කපල ඉවරවෙලා තියෙද්දිත් මැණිකේ නගා තේ අරන් එනවා දැකල උඹ ආයෙත් වලට බැහැල වල කපන්න ගත්ත කියල කියන්නෙ. 

