Datsun RediGo anyone?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    datsun-redi-go-default-image.png-version2016101210.png


    Kage langa hari Datsun RediGo ekak thiyanawada naththan thiyana kawa hari dannawada?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Trevene 0773608773 Ideal Motors
    Company eken ganna adahask naha ban ethakota hariyata bias nathuwa review karanna amarui samaharu ekka. Owner kenek gen thama hariyatama wisthare ganna puluwan.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    Company eken ganna adahask naha ban ethakota hariyata bias nathuwa review karanna amarui samaharu ekka. Owner kenek gen thama hariyatama wisthare ganna puluwan.

    මේක හොඳ කාර් එකක්. මේ ආන්ඩුව ගිය ආන්ඩුව වගේ ජරාව ගෙන්වන්නේ නෑ.මේවා හොඳට බලලා එක්ස්පර්ට්ස්ලා තමයි මේවා ගෙන්වන්න නිර්දේශ කරන්නේ. එන්ජින් පවර් එක 800 එක තමයි අවුල.කාර් එකක් 1000+ සීසි තියෙන්න ඕන.නැත්නම් ඒසි වැඩ කරන්නේ නෑ.පවර් මදි. අදිනවා හොරයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,713
    113
    අයියෙ ඔය price range එකටත් වඩා ටිකක් අඩුවෙන් යන ආරක්ෂාව සැපපහසුවයි වැඩි ඒවගේම තෙලුත් කරන toyota soluna,tercel වගේ 1500CC ජපන් කාර් ගැන රිවීව් දුන්නොත් ගොඩක් වටිනවා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ai ban goo carma review karanne :oo:
    ජපන් කාර්වල review දාන්නේ නැද්ද?

    Kawruth balanne naha japan aluth ewa daala. Okkoma illanne oya podi car. Message godak awith thiyanwa oya podi car gana review illala 2nek wage thama japan car illanne. Japan eka, Evo, BMW gahanne mage personal asawata. Owa balanna kawruth naha ban.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හොදම දේ මචන් දවසේ කුලියට කාර් එක රෙන්ට් එකට ගනින් මචන් කාර් රෙන්ට් කරන තැනකින්.
    නම්බර් ප්ලේට් එක කපන්න බැරියැ එඩිටින් වලදි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    Kawruth balanne naha japan aluth ewa daala. Okkoma illanne oya podi car. Message godak awith thiyanwa oya podi car gana review illala 2nek wage thama japan car illanne. Japan eka, Evo, BMW gahanne mage personal asawata. Owa balanna kawruth naha ban.

    :(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    Renault KWID

    renault-kwid-concept-04-1.jpg




    එලකිරියෙ මේ අලුත් කාර් එක ගැන ගොඩක් උනන්දුවක් දැක්ක නිසා මට හිතුනා මේ වාහනේ ගැන මම කරපු රිසර්ච් එක නූලකින් දාන්න. මෙක වාහන ගන්න ඉන්න ගොඩක් අයට උදවුවක් වෙවි . වාහන විකුනන අයටත් වැදගත් වෙයි.

    මුලින්ම කියන්න ඕන දෙවල් ටිකක් තියෙනව,
    1. මේ වාහනේ මමත් ඔර්ඩර් කරා,
    2. මේක රිවිවු එකක් නෙවෙයි
    3. ජපන් වාහන මනින කෝනෙන් මේ වහනේ මනින්න එපා.



    මොකක්ද මේ රෙනොල්ට් ක්විඩ් කියන්නෙ? අපි නෙරොල්ට් වාහන වලින් ලංකාවෙ වැඩියෙන්ම දැකල තියෙන්න කන්ටෙනර් ඇදගෙන යන ඒවනෙ. ඇත්තටම රෙනොල්ට් කියන්න ප්‍රන්ශ ජාතික වාහන නිශ්පාදන ආයතනයක්,





    මෙක ඉන්දියන් කොම්පැනියක්ම නෙවෙයි, රෙනොල්ට් මවු කම්පැකියෙන් ඉන්දියාවෙ නිසාන් කම්පැනියත් එක්ක එකතුවෙලා කරන වැඩක්. ඔය උඩ තියෙන්න ක්විඩ් එකෙ මුලින්ම කරපු කන්සෙප්ට් මොඩල් එක. හැබැයි දැන් වෙලද පොලෙ තිබෙන ක්විඩ් එක පොඩ්ඩක්වත් ඔයවගෙ නෙවෙයි.




    රෙනොල්ට් ඉන්දියා වලින් මුලින්ම නිර්මානය කරන්නෙ ඩස්ටර් කියන SUV වර්ගයෙ සුපොගභොගී ජීප් රථය. ඒක ඉන්දියවෙ ව්තරක් නෙවියි ගොඩක් රට වල ප්‍රසිද්ධ වෙනව. ඊට පස්සෙ රෙනොල්ට් ඩස්ටර් එකෙ සාර්තකත්වයත් එක්කම හදුන්වා දෙනව මිනි ඩස්ටර් එකක් විදිහට 2015 දී ක්විඩ් එක.




    මේක එන්ට්‍රි ලෙවෙල් වාහනයක් වුනාට මාර ලූක් එකක් තියෙනව. පහත තියෙන්න ක්විඩ් එකේ තියෙන මාදිලි සහ එවාගෙ එන ඔප්ශන්ස්
    1421722d1443706613-renault-kwid-official-review-features.png


    ප්‍රමානය / විශාලත්වය
    සාමන්යෙන් මේ අංශයේ තිබෙන වාහන වලින් ඉඩකඩ වැඩිම, දිගින්හා පලලින් වැඩිම වාහනය කියල කියන්න පුලුවන්. ඇතුලට සධාරන ඉඩක් සක කකුල් පහසුවෙන් තබගෙන යන්න පුලුවන් ඉඩක් ඉස්සරහ සහ පිටුපස තියෙනවා. ඔය පහල තියෙන්නේ ප්‍රමානය දක්වන සටහන්ක්

    Bigger than,
    Alto K10
    Daihatsu EON
    Susuki Maruti
    Viva Elite
    Totota Vitz
    Kia Picanto
    Datsun Go
    Japan Susuki Hustler
    Japan Wagon R Sting Ray

    renault-kwid-dimension.jpg




    පෙනුම
    මේ වාහනයේ ලොකුම දේ තමයි පෙනුම. දැනය මේ අංශයේ අනිත් වාහන වලට වඩා ගනන් පෙනුමක් මේ වාහනෙට තියෙනව ඒකට ප්‍රධාන හෙතුව ව්දිහට තියෙන්න මෙකෙ තියෙන මිනි SUV ලූක් එක එහෙමත් නැත්තම් SUV මූන. සාමාන්‍ය හැච්බැක් එකක නැති ලක්ශන මේ වාහනයෙ තියෙනව. එකටම හරියන්නත් එක්කම මෙකට පට්ට ඇක්සසරි ටිකකුත් එනවා. පහත වීඩියො වෙන්ම බලාගන්නකෝ



    ඇතුලට යමු
    කිව්ඩ් එකෙ ඉන්ටීරියර් නම් ලොකුලකයක් නැහැ. හැබැයි ඉතින් මේ ගානට බී.එම්.ඩබ්ල්වු බලාපොරොත්තු වෙන්න බෑනේ?

    Renault-Kwid-G71.jpg


    හැමදේම ඩිජිටල් පෙන්වන ගේජ් එක තවත් කැපී පෙනෙන විශේෂාංගයක් මෙකෙන්

    renault-kwid-instrument-cluster-062.jpg


    1. වේගය (speedo meter)
    2. ඉන්දන දහනය (fuel consumption)
    3. විවිද අවවාද ස්ංය්‍යා (warning / signals) සැනෙකින් ලබාගන්න පුලුවන්

    ඇතුලෙ ඉඩ වගෙම සීට් සහ කැබි ස්පෙස් උපරිමයි ෆ්‍රන්ට් සීට් උඩ සහ යට දෙකේම කැබි තියෙනවා. සීට් ෆැබ්‍රික් තමයි එන්නෙ. ලෙදර් උනත් දාගන්න පුලුවන්. වෙන කිසිම එන්ට්‍රී ලෙවෙල් වාහනේක එන්නෙ නැති 7"ඉන්ච් ඩිස්ප්ලෙ ප්ලේයර් එකක් එනව ක්විඩ් එකට.

    Renault_Kwid_2015_42.jpg


    තව,
    Power Shutters - Front Only
    Air Condition / Heater
    Piano Black Finish 7" Display Player (FM/MP3/USB/VIDEO)
    Navigation System (installed separately for SL)

    අපිට ඇතුල ලස්සන කර ගන්න ඇක්සසරීස් ඔනා තරම් තියෙනව.

    මෙක බලලම ඉන්නකො





    පෆොර්මන්ස්

    renault-kwid-launched-in-india-for-inr-256-lac-3-638.jpg


    Kwid-Alto800-Eon-01.jpg


    මේ ගැන මම කියන්න වැඩි දෙයක් දන්නේ නෑ පහල තියෙන රිවිවු බැලුවම තේරෙයි කතන්දරෙ. මරුටියකට වඩා හොද එන්ජිමක් ටියෙනව 800සීසී නිසා කදු අදිනව හොරයි කියල අහල තියෙනව. ඒත් ඉන්දියන් කාරයෙක් හිමාලයෙ ක්විඩ් එකකින් ගිය ගමනකුත් දාලතියෙනව. කොහොම නමුත් වැඩියෙන්ම තෙල් කරන්නෙත් ක්විඩ් එක තමයි එ 25.17KM/PL




    සෙෆ්ටි
    ක්විඩ් එකේ අවශය අකාරයට තරමට සේෆ්ටි ඔප්ශන්ස් දීල තියෙනවා,
    1. සෙන්ටර් ලොකින්ග්
    2. ඩ්‍රයිවර් සයිඩ් එයා බෑග් (එකයි තියෙන්නේ :( )
    3. සීට් බෙල්ට්

    සෙෆ්ටි අතින් මෙක මරුටියකට සමානයි. ඒක තමයි ටියෙන ලොකුම ඩිසැඩ්වාන්ටෙජ් එක

    :shocked::shocked::shocked::shocked::shocked:





    ඔය පහලින් තියෙන්නේ ගන්න පුලුවන් කලර්ස්


    renault-kwid-launched-in-india-for-inr-256-lac-8-638.jpg


    මේ කාර් එක ගෙවන මුදලට වටිනව කියන එකයි මගෙ අදහස,

    1. ඉන්දියන් රුපියක් ලක්ශ 4 සිට තියෙනව > ලංකාවෙ 19.9 ලක්ශයක් වෙනව

    2. අවුරුදු 2ක් හො කි.මි 50,000 වගකීමක් හම්බෙනවා

    3. වගකීම දීර්ඝ කර ගන්න පුලුවන් සල්ලි ගෙවලා උ.හ: අවුරුදු 3 හො කි.මි 80000

    4. ඉන්දන පරිබොඝිතාව කිලොමීටරයට 25.17ක් කියන්නේ මෙ සයිස් එකෙ වාහනයකට ලොකු ලාභයක්.

    5. පෙනුම වාහනයේ නියම ගානට වඩා වැඩියෙන් තිබීම


    මේ තියෙන්නේ විවිධ ආයතන කරපු රිවිවු සහ සසැදීම්











    මෙගැන උනන්දු අයට

    Official Facebook Pages & Website

    https://www.facebook.com/RenaultKwidOfficial/?fref=ts

    http://www.amwltd.com/product-renault/

    http://renault.lk/


    මට මග හැරිච්ච දේවල්, ඔගොල්ලන්ගෙ අදහස් මෙතන ලියන්න. අම්බානක මහන්සි වුනා මෙක ලියන්න. හොදනම් රෙප්වලින් සලකල යන්න!!! :)
    :oo: