Company eken ganna adahask naha ban ethakota hariyata bias nathuwa review karanna amarui samaharu ekka. Owner kenek gen thama hariyatama wisthare ganna puluwan.Trevene 0773608773 Ideal Motors
Company eken ganna adahask naha ban ethakota hariyata bias nathuwa review karanna amarui samaharu ekka. Owner kenek gen thama hariyatama wisthare ganna puluwan.

Company eken ganna adahask naha ban ethakota hariyata bias nathuwa review karanna amarui samaharu ekka. Owner kenek gen thama hariyatama wisthare ganna puluwan.
Ai ban goo carma review karanne![]()
ජපන් කාර්වල review දාන්නේ නැද්ද?
Kawruth balanne naha japan aluth ewa daala. Okkoma illanne oya podi car. Message godak awith thiyanwa oya podi car gana review illala 2nek wage thama japan car illanne. Japan eka, Evo, BMW gahanne mage personal asawata. Owa balanna kawruth naha ban.

Kawruth balanne naha japan aluth ewa daala. Okkoma illanne oya podi car. Message godak awith thiyanwa oya podi car gana review illala 2nek wage thama japan car illanne. Japan eka ewa gahanne mage personal asawata.



Renault KWID
![]()
එලකිරියෙ මේ අලුත් කාර් එක ගැන ගොඩක් උනන්දුවක් දැක්ක නිසා මට හිතුනා මේ වාහනේ ගැන මම කරපු රිසර්ච් එක නූලකින් දාන්න. මෙක වාහන ගන්න ඉන්න ගොඩක් අයට උදවුවක් වෙවි . වාහන විකුනන අයටත් වැදගත් වෙයි.
මුලින්ම කියන්න ඕන දෙවල් ටිකක් තියෙනව,
1. මේ වාහනේ මමත් ඔර්ඩර් කරා,
2. මේක රිවිවු එකක් නෙවෙයි
3. ජපන් වාහන මනින කෝනෙන් මේ වහනේ මනින්න එපා.
මොකක්ද මේ රෙනොල්ට් ක්විඩ් කියන්නෙ? අපි නෙරොල්ට් වාහන වලින් ලංකාවෙ වැඩියෙන්ම දැකල තියෙන්න කන්ටෙනර් ඇදගෙන යන ඒවනෙ. ඇත්තටම රෙනොල්ට් කියන්න ප්‍රන්ශ ජාතික වාහන නිශ්පාදන ආයතනයක්,
මෙක ඉන්දියන් කොම්පැනියක්ම නෙවෙයි, රෙනොල්ට් මවු කම්පැකියෙන් ඉන්දියාවෙ නිසාන් කම්පැනියත් එක්ක එකතුවෙලා කරන වැඩක්. ඔය උඩ තියෙන්න ක්විඩ් එකෙ මුලින්ම කරපු කන්සෙප්ට් මොඩල් එක. හැබැයි දැන් වෙලද පොලෙ තිබෙන ක්විඩ් එක පොඩ්ඩක්වත් ඔයවගෙ නෙවෙයි.
රෙනොල්ට් ඉන්දියා වලින් මුලින්ම නිර්මානය කරන්නෙ ඩස්ටර් කියන SUV වර්ගයෙ සුපොගභොගී ජීප් රථය. ඒක ඉන්දියවෙ ව්තරක් නෙවියි ගොඩක් රට වල ප්‍රසිද්ධ වෙනව. ඊට පස්සෙ රෙනොල්ට් ඩස්ටර් එකෙ සාර්තකත්වයත් එක්කම හදුන්වා දෙනව මිනි ඩස්ටර් එකක් විදිහට 2015 දී ක්විඩ් එක.
මේක එන්ට්‍රි ලෙවෙල් වාහනයක් වුනාට මාර ලූක් එකක් තියෙනව. පහත තියෙන්න ක්විඩ් එකේ තියෙන මාදිලි සහ එවාගෙ එන ඔප්ශන්ස්
![]()
ප්‍රමානය / විශාලත්වය
සාමන්යෙන් මේ අංශයේ තිබෙන වාහන වලින් ඉඩකඩ වැඩිම, දිගින්හා පලලින් වැඩිම වාහනය කියල කියන්න පුලුවන්. ඇතුලට සධාරන ඉඩක් සක කකුල් පහසුවෙන් තබගෙන යන්න පුලුවන් ඉඩක් ඉස්සරහ සහ පිටුපස තියෙනවා. ඔය පහල තියෙන්නේ ප්‍රමානය දක්වන සටහන්ක්
Bigger than,
Alto K10
Daihatsu EON
Susuki Maruti
Viva Elite
Totota Vitz
Kia Picanto
Datsun Go
Japan Susuki Hustler
Japan Wagon R Sting Ray
![]()
පෙනුම
මේ වාහනයේ ලොකුම දේ තමයි පෙනුම. දැනය මේ අංශයේ අනිත් වාහන වලට වඩා ගනන් පෙනුමක් මේ වාහනෙට තියෙනව ඒකට ප්‍රධාන හෙතුව ව්දිහට තියෙන්න මෙකෙ තියෙන මිනි SUV ලූක් එක එහෙමත් නැත්තම් SUV මූන. සාමාන්‍ය හැච්බැක් එකක නැති ලක්ශන මේ වාහනයෙ තියෙනව. එකටම හරියන්නත් එක්කම මෙකට පට්ට ඇක්සසරි ටිකකුත් එනවා. පහත වීඩියො වෙන්ම බලාගන්නකෝ
ඇතුලට යමු
කිව්ඩ් එකෙ ඉන්ටීරියර් නම් ලොකුලකයක් නැහැ. හැබැයි ඉතින් මේ ගානට බී.එම්.ඩබ්ල්වු බලාපොරොත්තු වෙන්න බෑනේ?
![]()
හැමදේම ඩිජිටල් පෙන්වන ගේජ් එක තවත් කැපී පෙනෙන විශේෂාංගයක් මෙකෙන්
![]()
1. වේගය (speedo meter)
2. ඉන්දන දහනය (fuel consumption)
3. විවිද අවවාද ස්ංය්‍යා (warning / signals) සැනෙකින් ලබාගන්න පුලුවන්
ඇතුලෙ ඉඩ වගෙම සීට් සහ කැබි ස්පෙස් උපරිමයි ෆ්‍රන්ට් සීට් උඩ සහ යට දෙකේම කැබි තියෙනවා. සීට් ෆැබ්‍රික් තමයි එන්නෙ. ලෙදර් උනත් දාගන්න පුලුවන්. වෙන කිසිම එන්ට්‍රී ලෙවෙල් වාහනේක එන්නෙ නැති 7"ඉන්ච් ඩිස්ප්ලෙ ප්ලේයර් එකක් එනව ක්විඩ් එකට.
![]()
තව,
Power Shutters - Front Only
Air Condition / Heater
Piano Black Finish 7" Display Player (FM/MP3/USB/VIDEO)
Navigation System (installed separately for SL)
අපිට ඇතුල ලස්සන කර ගන්න ඇක්සසරීස් ඔනා තරම් තියෙනව.
මෙක බලලම ඉන්නකො
පෆොර්මන්ස්
![]()
![]()
මේ ගැන මම කියන්න වැඩි දෙයක් දන්නේ නෑ පහල තියෙන රිවිවු බැලුවම තේරෙයි කතන්දරෙ. මරුටියකට වඩා හොද එන්ජිමක් ටියෙනව 800සීසී නිසා කදු අදිනව හොරයි කියල අහල තියෙනව. ඒත් ඉන්දියන් කාරයෙක් හිමාලයෙ ක්විඩ් එකකින් ගිය ගමනකුත් දාලතියෙනව. කොහොම නමුත් වැඩියෙන්ම තෙල් කරන්නෙත් ක්විඩ් එක තමයි එ 25.17KM/PL
සෙෆ්ටි
ක්විඩ් එකේ අවශය අකාරයට තරමට සේෆ්ටි ඔප්ශන්ස් දීල තියෙනවා,
1. සෙන්ටර් ලොකින්ග්
2. ඩ්‍රයිවර් සයිඩ් එයා බෑග් (එකයි තියෙන්නේ)
3. සීට් බෙල්ට්
සෙෆ්ටි අතින් මෙක මරුටියකට සමානයි. ඒක තමයි ටියෙන ලොකුම ඩිසැඩ්වාන්ටෙජ් එක
![]()
ඔය පහලින් තියෙන්නේ ගන්න පුලුවන් කලර්ස්
![]()
මේ කාර් එක ගෙවන මුදලට වටිනව කියන එකයි මගෙ අදහස,
1. ඉන්දියන් රුපියක් ලක්ශ 4 සිට තියෙනව > ලංකාවෙ 19.9 ලක්ශයක් වෙනව
2. අවුරුදු 2ක් හො කි.මි 50,000 වගකීමක් හම්බෙනවා
3. වගකීම දීර්ඝ කර ගන්න පුලුවන් සල්ලි ගෙවලා උ.හ: අවුරුදු 3 හො කි.මි 80000
4. ඉන්දන පරිබොඝිතාව කිලොමීටරයට 25.17ක් කියන්නේ මෙ සයිස් එකෙ වාහනයකට ලොකු ලාභයක්.
5. පෙනුම වාහනයේ නියම ගානට වඩා වැඩියෙන් තිබීම
මේ තියෙන්නේ විවිධ ආයතන කරපු රිවිවු සහ සසැදීම්
මෙගැන උනන්දු අයට
Official Facebook Pages & Website
https://www.facebook.com/RenaultKwidOfficial/?fref=ts
http://www.amwltd.com/product-renault/
http://renault.lk/
මට මග හැරිච්ච දේවල්, ඔගොල්ලන්ගෙ අදහස් මෙතන ලියන්න. අම්බානක මහන්සි වුනා මෙක ලියන්න. හොදනම් රෙප්වලින් සලකල යන්න!!!![]()
