නෑ මචං. මම නම් එකඟ නෑ ඒ කතාවට. මට හිතෙන්නෙ මේ විනයක් නැතිකම. පෞර්ශත්වය, පිට කොන්ද කියන්නෙ වෙනම දෙයක්. කිසිම හැදියාවක් නැති, වාචාල, ගොඩේ ගෑණියෙකුටත් 1000ක් ඉස්සරහ උනත් ඔහොම කතා කරන්න පුලුවන් කිසි ලැජ්ජාවක් නැති නිසා. නිකමට හිතපං පියුමි හංසමාලි වගේ කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් උනත් ඔයිට වඩා ලොකු Audience එකක් ඉස්සරහ ඔය විදියට කතා කරයි, ඒ ඒකිගෙ කොන්ද පණ තියෙනකම නෙමෙයි වාචාලකම නේ. අන්න එහෙම දෙයක්
දැන් මෙතැනම බලපං අර සම්මානය ගන්න අනිත් ළමය කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියල, ප්‍රින්සිපල්ට වඩා ඒ ලමයට නේ ලැජ්ජාව. රෙද්දක් ඇඳගෙන ඒ මනුස්සයට ඒක ගන්න බෑ නේ. ඒ තමන්ගෙම වයසෙ ළමයෙක්ට නේ ගැහුවෙ. එතකොට මේ කේස් එකේ අගක් මුලක් දන්නෙ නෑ. ඇත්තටම මොනවහරි ප්‍රශ්නයක් නිසාද මේ Award එක වෙන කෙනෙක්ට ගියේ, මොකද කතාවෙ එක පැත්තක් විතරයි නේ දකින්නෙ අපි. ඒ නැතත් ඒ ප්‍රශ්නෙ විසඳන තැනක් නෙමෙයි නේ මේක.
මේ වගේම කේස් එකක් උනා මතකද කොළඹ යුනිවසිටි එකේද කොහෙද උපකුලපතිගෙ අතින් උපාධිය ගන්නෙ නැතුව පහත් විදියට ගියේ, ඒවත් ඉතිං ප්‍රාථමික ගති පෙන්නන දේවල්. ලාමක වැඩ.