හෆ්ෆේ බන්.. Lap එකට ගහගන්න පොඩි used monitor එකක් අරන් ආවා බන් ඊයෙ. 17" එකක්. කඩේදි test කරල ගෙනාවෙ. ගෙදර ගෙනත් බලද්දි බන් ලාවට පොඩි shadow එකක් යනවා. දන්න සෙල්ලම් දාලා බැලුවා shadow එක යන්නෙම නැ. අද උදේ ආයෙ උස්සන් ගියා. ගිහින් බැලුවම උනුත් පිලිගත්තා මොකක්හරි අවුලක් කියල. තම මොනිටර් එකක් බැලුවා. ඒකෙත් ඒ shadow එකම යනවා. (යාන්තන් පෙන්නේ). පස්සෙ බලනකොට VGA cable එකේ තමයි අවුල. ඒ Cable එකත් උන්ම තමයි free දුන්නේ. ඒපාර කෝකටත් කියල උන්ලග තිබුන වෙන monitor එකක් උස්සන් ආවා උන් දුන්න cable එකකුත් එක්ක. ඒකත් බලල ගෙනාවේ. ඒත් ගෙදර ලැපට ගැහුවම දකුණු පැත්තේ අගල් බාගයක් විතර display වෙන්නේ නෑ බන්. නහුතෙටම පැන්නා මල. ගෙදර තව cable එකක් තියෙනවා ඒක දාලා බැලුව ඒත් එහෙමමයි. TV එකට ගහල තියෙන (HTPC එකක්) cable එක ගලවන් ඇවිල්ලා ගහල බැලුව. ඒකට නම් නියමෙට වැඩ. ඒක ටිකක් පරණ cable එකක්. මං HTPC එකටත් මේ මුං දුන්න ලාබ cable එක ගහල බැලුව මොකද වෙන්නේ කියල. ඒකෙද් high resolutions එන්නේ නැ select කරන List එකටවත්. 1366x768 න් එහාට resolution එකක් පෙන්නන්නේ නැ List එකේ. පරණ cable එක ගැහුවම විතරයි full HD res(1920x1080) එක එන්නේ. මට මුං ගද්දි දුන්නෙත් packing පිටින් තියෙන අලුත් cable එකක්. මං හිතන්නේ දැන් මේ මොකක් හරි මෙලෝ රහක් නැති ලාබ cable සෙට් එකක් තියෙන්නේ අඩුවට. මං කඩේට යද්දි මුලින් දුන්න cable එකත් අරන් ගියේ. කඩේම පීරලා ඒ වගේ නැති වෙන cable එකක් අරන් ආවෙ. ඒකටත් එහෙමයි. දැන් මං බැලුවෙ අලුතින් cable එකක්වත් ගන්න කියල. එපාවෙනව බන් දවසම නාස්ති වුනා

ඔය කියන විදියට "හොද" VGA cable එකක් කීයක් විතර වෙයිද බන්. ඒක ගන්න කලින් අදුනගන්න විදියක් තියෙනවද.

Last edited:



