ගොඩක් දෙනෙක් දැක්ක ගමන් අදුරන , සමහරුන්ට බල්ලෙක්ද හරක් පැටියෙක්ද කියලා හොයාගන්න බැරි බ්‍රීඩ් එකක් වන ඩැල්මේශන් අය ගැනයි අද මම කතා කරන්නේ.
ලෝකේ ගිනි නිවිමේ හමුදා වල බහුලව භාවිතා කරන බ්‍රීඩ් එකක් තමා ඩැල්මේශන් කියලා කියන්නේ.
දකින ඕන කෙනෙක්ට මෙයාලව මතක හිටිනවා ටක් ගාලා මෙයාලගේ පුල්ලි පුල්ලි තියන නිසා.
පොඩි කාලේ ඉදන්ම ගොඩක් විසේකාර බ්‍රීඩ් එකක් තමා ඩැල්මේශන් කියන්නේ.
මෙයාලා ආස නෑ පොඩ්ඩක්වත් කූඩුවල දාලා , ගැටගහලා තියනවට.
පොඩි ලමයි ඉන්න ගෙදරකට උනත් මෙයාලාව හදන්න පුලුවන් බයක් නැතුව මොකද කිව්වොත් මෙයාලා පොඩි ලමයින්ට ආස නිසා.
ලෝකේ ගොඩක් රටවල් වල ඩැල්මේශන් අයව හුරතලේට සහ ආරක්ශාවට කියන කරුණු දෙකටම හදනවා.
තමන්ගේ පවුලට ගොඩක් ආදරේ කරන බ්‍රීඩ් එකක් ඩැල්මේශන් කියන්නේ.
ඩැල්මේශන් අයගේ නිජබිම මෙන්න මෙහෙ කියලා කියන්න කවුරුවත්ම දන්නේ නෑ හරියට.
ගොඩක් දෙනා සැක කරන්න මෙයාලා ක්රොටියා (Croatia) කියන රටේ ඩැල්මේශියා(Dalmatia) කියන ප්‍රාන්තයෙන් බිහි උනා කියලයි.
ඩැල්මේශන් බ්‍රීඩ් එක හැදුනේ කවුරු කවුරු එකතු වෙලාද කියන්න නම් කවුරුවත්ම හරියට දන්නේ නෑ ඒත් ඩැල්මේශන් අයව හදන්න ග්‍රේට් ඩේන් අයව යොදාගත්තා කියලා සමහරු සැක පහල කරනවා.
ග්‍රේට් ඩේන්.
Great Dane.
ඩැල්මේශන් බ්‍රීඩ් එක එකම දේකට යොදා ගත්තු බ්‍රීඩ් එකක් නෙවෙයි.
මෙයාලව ඉතිහාසය පුරාම දඩයම් බල්ලෝ විදියට , හුරතල් බල්ලෝ විදියට , ආරක්ශක බල්ලෝ විදියට යොදාගෙන තියනවා.
ලෝකේ පරණම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් ඩැල්මේශන් කියන්නේ.
ඉතිහාසේ බොහෝ තැන් වලදි මෙයාලව අශ්ව කරත්ත වල ආරක්ශාවට සහ අශ්වයන් යන පාරේ ආරක්ශාවට යොදාගෙන තියනවා.
තවද මෙයාලව සත්තු බලාගන්න ගොවිපලවල් වලදි සත්තු බලාගන්න උපකාර කරා කියලත් ඉතිහාසේ සදහන් වෙනවා.
ලෝකේ අපැහැදිලිම ඉතිහාසයක් තියන බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් තමා ඩැල්මේශන් කියන්නේ.
අපි දැන් මෙයාලගේ සීන් කෝන් ටිකක් බලමුකෝ.
මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා මෙයාලගේ ෆර් එක ගැන නම් ගොඩක් කරදර වෙන්න දෙයක් නම් නෑ.
සීතලට වඩා රස්නේ කාලගුණයකදි මෙයාලව හොදට හදන්න පුලුවන් ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා.
ඉතාමත් කලාතුරකින් තනි සුදු සහ තනි කලු වර්ණ වලිනුත් ඩැල්මේශන් අයව හම්බෙනවා.
ඩැල්මේශන් අයගේ ඉන්නේ පාට දෙකයි මේ ලෝකේ.
ලිවර් ඇන්ඩ් වයිට්.
Liver & White.
බ්ලැක් ඇන්ඩ් වයිට්.
Black & White.
ඩැල්මේශන් කියන්නේ හොදට දුවන්න පුලුවන් , ගොඩක් ඇක්ටිව් බ්‍රීඩ් එකක්.
ඒ නිසා ඩැල්මේශන් අයට හැමදාම ගොඩක් එක්සර්සයිස් තියෙන්න ඕන අනිවාර්යෙන්ම.
හැමදාම එක්සර්සයිස් නොදුන්නොත් බල්ලාව පාලනය කරගන්න අමාරු වෙනවා.
පොඩ් කාලේ ඉදන්ම ට්‍රේනින් කියන දේ හොදට දෙන්න ඕන.
අපි කියන දේ ගොඩක් වෙලාවට එකපාරින් , දෙපාරින් අල්ල ගන්න නිසා ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ පොඩි කාලේ ඉදන් ට්‍රේන් කරද්දි ඒත් පොඩි කාලේ ඉදන් සෝශල් නොකර , ට්‍රේනින් නොකර ලොකු කාලේදි ඒ දේවල් කරන්න ගියාම නම් ඕනවටත් වඩා මහන්සි වෙන්න වෙනවා අපිට මෙයාලව හදාගන්න.
101 Dalmatians කියන කාටූන් ෆිල්ම් එක මතකද පොඩි කාලේදි බලපු?
අන්න ඒ ෆිල්ම් එකේ ඉන්නේ ඩැල්මේශන් අය.
ඒ කාටූන් ෆිල්ම් එක නිසා ඩැල්මේශන් බ්‍රීඩ් එකට ලෝකේ පුරාම ගොඩක් ලොකු ප්‍රතිචාර හම්බුනා , ගොඩක් ෆේමස් උනා බ්‍රීඩ් එක.
අපේ රටේ නම් ඩැල්මේශන් හොද පැටියෙක්ව රු.15000.00 – රු.30000.00 අතර මුදලකට ගන්න පුලුවන්.
පොඩි කාලේදි ඩැල්මේශන් පැටව් ගොඩක් විසේකාරයි.
සමහර වෙලාවට ඒ කරන විසේකාර වැඩ නිසා ඩැල්මේශන් අයව තියාගන්න සමහර මිනිස්සු කැමති නෑ.
ඒත් ඒ විසේකාරකම බල්ලා වයසින් මුහුකුරා යද්දි ටික ටික අඩු වෙනවා.
ඩැල්මේශන් කියන්නේ ඉක්මනට මහන්සි වෙන්නේ නැති බ්‍රීඩ් එකක් පොඩි කාලේ ඉදන්ම.
මෙයාලා එක්ක පොඩි කාලේ ඉදන් සෙල්ලම් කරද්දි බල්ලාට වඩා ඉක්මනට මිනිස්සු මහන්සි වෙනවා.
පවුලට ගොඩාක් ආදරේ කරනවා මේ අය.
ඒ නිසාම මෙයාලාට පවුලේ කෙනෙක් තදින් සැර කරොත් හෝ හිත රිදවන දෙයක් කරොත් මෙයාලා ඉක්මනට දුක් වෙනවා.
ඩැල්මේශන් කියන්නේ හොදට ඉඩ තියන වත්තක හදන්න ඕන බ්‍රීඩ් එකක්.
එකතැන ඉන්න පොඩ්ඩක්වත් ආස නෑ පැටියා කාලේ ඉදන්ම.
අනිවාර්යෙන්ම පොඩි කාලේ ඉදන් මෙයාලව මිනිස්සුන්ට සහ වෙනත් සත්තු එක්ක සෝශල් කරලා හදන්නම වෙනවා.
එහෙම නොවුනොත් ලොකු උනාම මෙයාලව පාලනය කරගන්න අමාරු වෙන්න පුලුවන්.
ඔන්න ඔහොම අයිතමයක් දාලා ත්‍රේඩ් එක ඉවර කරනවා මම.
ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන අයට රෙකමන්ඩ් කරන්න පුලුවන් , ගෙදර පොඩි උන් ඉන්නවානම් බය නැතුව තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් ඩැල්මේශන් කියලා කියන්නේ.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්රඩෝර්~රිට්රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever
http://www.elakiri.com/forum/showthread.php?t=1754176
රිඩ්ජ්බැක්~Ridgeback
http://www.elakiri.com/forum/showthread.php?t=1754396
පොමරේනියන්~Pomeranian
http://www.elakiri.com/forum/showthread.php?t=1755102
ග්‍රේට්~ඩේන්_Great Dane
http://www.elakiri.com/forum/showthread.php?t=1756192
ෆොක්ස්~ටෙරියර්_Fox Terrier
http://www.elakiri.com/forum/showthread.php?t=1756877
බෝඩර්~කොලි_Border Collie
http://www.elakiri.com/forum/showthr...4#post20566374
ඩැක්ස්හන්ඩ්~Dachshund
http://www.elakiri.com/forum/showthread.php?t=1758735
ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier
http://www.elakiri.com/forum/showthread.php?t=1759730
කොමොන්ඩෝර්~Komondor
http://www.elakiri.com/forum/showthread.php?t=1765266
බල්ලෝ~හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1755472
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116





