තේරෙන බාසාවෙන් කිව්වොත් මේකෙන් කරන්නේ මෙන්න මේකයි.මේ ක්‍රමයෙන් කරන්නේ මේ Arduino කියන Programmable (I/O) circuit දෙකක් අතරේ data transferring කරන එක.මේකෙන් කරන්න පුළුවන් දෙයක් හැටියට ගන්න පුළුවන් දෙයක් තමයි,ඔයාගේ ගෙදර ගේට්ටුව හව ඔය sensor එකක් සවි කරලා තියෙනවා, එකෙන් කරන්නේ ගේට්ටුව ගාවට කව්රුහරි ආවහම ඔයාගේ ගෙදර ඇතුලේ තියෙන බල්බ් එකක් පත්තු වෙනවා (indicate) . අන්න ඒ දේ ඔයාට ගෙදර ඉදන් ගේට්ටුව ගාවට වයර් අදින්නේ නැතුව , මේ ක්‍රමය මගින් ඉතාමත් ලේසියෙන් කරගන්න පුළුවන්.
මෙතැනදී වෙන දේ තමයි,
ඔයාගේ ගේට්ටුව ගාව සවිකරලා තියෙන Arduino Board එකට එකට connect කරලා තියෙන sensor එකෙන් සිග්නල් එකක් එනවා. ඒ සිග්නල් එක මේ RF Transmitter එක මාර්ගයෙන් , ගේ ඇතුලේ සවි කරලා තියෙන Arduino Board එකට transmit කරනවා ඒ සිග්නල් එක Arduino Board එකට connect කරලා තියෙන RF Receiver එක මගින් receive කරලා ඒ සිග්නල් එක Arduino Board එකට යවනවා.ඊට පස්සේ Arduino Board එකෙන් , ඒකට සම්බන්ද කරලා තියෙන බල්බ් එක on කරවනවා.