“ආවා ගෘප්“

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
aawa6.jpg
aawa6.jpg




යාපනය චුන්නාක්කම් (හුනුගම) ප්‍රදේශයේදී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ලවූ ප්‍රහාරයේ වගකීම “ආවා ගෘප්“ නමින් හැදින්වෙන කණ්ඩායම භාරගෙන තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව සදහන් අත් පත්‍රිකා යාපනයේ ප්‍රදේශ කිහිපයක බෙදාහැර ඇති අතර, යාපනය විශ්ව විද්‍යාලය අසලදීද මෙම පත්‍රිකා තොගයක් සොයාගෙන තිබෙනවා.



පොන්නයාගේ සහජීවනය :P:P:P:P
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.
     
    • Like
    Reactions: fahrenheit

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    නියපොත්තෙන් කපන්න තිබ්බ එකට දැන් පොරවත් මදි වෙලා තියෙන්නේ
    :sorry:

    http://www.divaina.com/2014/01/26/feature07.html



    sdivaina_logo.gif


    Jan 26, 2014



    විග්නේෂ්වරන්ගේ සන්නද්ධ අංශය
    ආවා ගෘප්


    ජනපති යාපනයට පැමිණි පසු මාධ්‍යවේදින්ට මරණ තර්ජන කරලා...

    උතුරු දුම්රිය මාර්ගයේ වැඩවලින් ඉවත්වෙන්නත් නියෝග කරලා

    ඉවත්නොවුණු එක්‌ අයෙකු කපලා තවත් 4 දෙනෙකුට ගහලා


    awa.jpg
    මගේ මතකයේ හැටියට ඒ 1975 වර්ෂයයි. දිනක්‌ සවස්‌ කාලයේ මගේ පියා හමුවීමට පැමිණි ඔහුගේ මිතුරෙකු අලුත්ම ආරංචියක්‌ රැගෙන අවේය.

    "වවුනියාවෙ පාවක්‌කුලමෙ දොස්‌තරගෙ ගෙදරට ඊයේ රෑ දෙමළ කොල්ලො දෙන්නෙක්‌ ඇවිත්. බෙහෙත් ගන්න කියලා දොස්‌තරගෙ ගෙදර දොර අරවගෙන එයාට ගහලා එයාගෙ තුවක්‌කුව අරගෙන ගිහිං. අපි යමුද හෙට උදේවත් දොස්‌තර මහත්තයා බලලා එන්න.

    පාවක්‌කුලම රෝහලේ එදා සිටි දොස්‌තර මහත්තයා දෙමළ ජාතිකයෙකු වුවත් බොහෝ සිංහල වැසියන්ගේ කුලුපග මිතුරෙකු විය.. පසුවදාම මගේ පියා ඇතුළු පිරිසක්‌ දොස්‌තර මහත්තයා බැලීමට ගියද මට මගේ මනසේ ඇඳී තිබුණේ තුවක්‌කුව ගැනය. කුඩා කල සිට මම තුවක්‌කුවලට ආශා කළෙමි.

    එදා දොස්‌තර මහත්තයාට පහරදී රැගෙන ගොස්‌ තිබුණේ. බෝර 12 ට අයත් තනි කාණුවේ තුවක්‌කුවකි. වගාවන් ආරක්‍ෂා කරගැනීමට අපේ ගම්මානයේ වැසියන්ට මේ වර්ගයේ තුවක්‌කු ලබාදී තිබුණු බැවින් මේ තුවක්‌කුව මට කුඩා කල වුවද අමුතු අවියක්‌ නොවීය.

    දොස්‌තරගේ තනි කාණුවේ බෝර දොළහේ තුවක්‌කුව පැහැර ගෙන ගිය දෙමළ කොල්ලන් දෙදෙනා එතැනින් නතර නොවීය. පළාතේ සෑම තැනකම තුවක්‌කු සොරාගෙන යන බවට ආරංචි පැතිර යත්ම බොහෝ වැසියෝ තුවක්‌කුවේ ආරක්‍ෂාවට වඩා ගුටි කෑමට ඇති බිය නිසා තම තමන්ගේ තුවක්‌කු ළඟම පිහිටි පොලිසිවලට භාරදුන්හ.

    තනිකාණුවේ තුවක්‌කු එකතු කළ දෙමළ කොල්ලන් විසින් ඒවායින් ලද පුහුණුව මත 1977 වර්ෂය වන විට එල්. ටී. ටී. ඊ. සංවිධානය බිහිකොට තිබිණි. වසර කීපයක්‌ ගත වෙත්ම මේ තනිකාණුවේ තුවක්‌කු විප්ලවය මෝටාර් කාලතුවක්‌කු දක්‌වා පමණක්‌ නොව ගුවන්යානා ආධාරයෙන් බෝම්බ හෙළන තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විණි. අවි බලයෙන් ඉතා ඉහළ මට්‌ටමකට පසුකාලයේදී පත්වුණු එල්. ටී. ටී. ඊ. සංවිධානය මුලින්ම සිය අරගලය ආරම්භ කළේ තනිකානුවේ තුවක්‌කුවෙනි. එල්. ටී. ටී. ඊ. යේ මුල්ම බිල්ල වූ දොරේ අප්පා ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ ප්‍රාථමික ගණයේ පිස්‌තෝලයකි. කෙසේ හෝ එල්. ටී. ටී. ඊ. යත් එල්. ටී. ටී. ඊ. යේ අවි බලයත් මේ වනවිට මර්දනය කරලීමට රටේ පාලකයන්ට හා ආරක්‍ෂක අංශවලට හැකි වී තිබේ.

    අවි ආයුධ පිළිබඳ මේ ඉතිහාසය අද යළි මතකයට නැගුණේ යළිත් වරක්‌ යාපනයේදී හිස ඔසවන දෙමළ කොල්ලන් කීප දෙනකුගේ "ආවා ගෲප්" ගැන විවිධ කතා පැතිරෙන්නට පටන් ගැනීමත් සමගය. "ආවා ගෲප් එක" මේ වනවිට යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විවිධ අන්දමට තර්ජන එල්ල කොට තිබේ. මේ තර්ජනවලින් ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ යාපනයේ මාධ්‍යවේදීන් පොලිසිය හා ආරක්‍ෂක අංශ සමග පවත්වන සම්බන්ධතාව නතර කරන ලෙසය. එසේ නොකළහොත් ඔවුන්ව මරාදමන බවට කළ තර්ජනය ගැන එම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පොලිසි කීපයකටම පැමිණිලිකොට තිබේ.

    දැනට යාපනයේ ක්‍රියාත්මක වන "ආවා ගෲප්" පොලිසිය විසින් හඳුනාගෙන ඇත්තේ තවත් පාතාල කල්ලියක්‌ වශයෙනි. පාතාල කල්ලිවල අරමුණු පවත්නා තත්ත්වය වෙනස්‌ කිරීමට උත්සාහ කිරීම නොව කුලියට මිනීමැරීමය. මේ නිසා යාපනයේ බිහිවී ඇති "ආවා ගෲප් එක" කුලියට මිනීමරණ කල්ලියක්‌ නොව යාපනයේ පවතින සාමකාමී තත්ත්වය වෙනස්‌ කිරීමට කවර හෝ බලවේගයක්‌ විසින් ක්‍රියාත්මක කරවනු ලබන කල්ලියක්‌ බව ඉතා පැහැදිලිය.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පසුගිය 19 වැනිදා යාපනයට පැමිණියේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පිහිටි පිළිකා රෝහල විවෘත කිරීමටය. නමුත් මේ සංචාරයේදී යාපනයේ ක්‍රියාත්මක වන "ආවා ගෲප් එක" පිළිබඳව තොරතුරු විමසීමටද එතුමා අමතක නොකළේය. නමුත් පොලිසිය ජනාධිපතිවරයාට "ආවා ගෲප් එක" පිළිබඳව කරුණු දක්‌වා ඇත්තේ එය හුදෙක්‌ම දකුණේ ක්‍රියාත්මක වන ආකාරයේ පාතාල කල්ලියක්‌ පරිද්දෙනි. ජනාධිපතිවරයා පොලිසියට උපදෙස්‌ දී ඇත්තේ පාතාල කල්ලියක්‌ වුවද එය මර්දනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසය. නමුත් ජනාධිපතිවරයා යාපනයෙන් පිටත්ව ගිය දිනට පසු දිනයේම "ආවා ගෲප් එක" යාපනයේ ක්‍රියාත්මක වී තිබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී ඇත්තේ ජනාධිපතිවරයා යාපනයට පැමිණීමෙන් පසුවය. මේ කරුණු දෙස බලන විට යාපනයේ බිහිවූ "ආවා ගෲප් එක" නිකම්ම නිකම් පාතාල කල්ලියක්‌ නොවේ.

    එල්. ටී. ටී. ඊ. සංවිධානය ආරම්භ වූ මුල් වකවානුවේදීද පොලිසිය හා ආරක්‍ෂක අංශ එම සංවිධානය ගැන මුල් අවධියේම තකන ලද්දේ ඉතා සුළු පරිද්දෙනි. එක්‌කෙනෙකු මරා දැමූ පළියට ඔවුන්ට රටක්‌ ඇල්ලීමට හැකියාවක්‌ නැති බව කියමින් ආරක්‍ෂක අංශ පාරම් බෑවේය. ක්‍රමක්‍රමයෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය වර්ධනය වන විට ඔවුන්ට ඇති අවි ආයුධ අපිට නැහැ. මේ නිසා ඔවුන්ව මර්දනය කිරීම අපහසුයි යනුවෙන් ලෝකයටම අදහස්‌ දැක්‌වූ ආරක්‍ෂක අංශ ප්‍රධානීහුද වූහ. මේ අතර තුර කාලයේදී පොලිස්‌ අත්අඩංගුවට පත්වූ එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව වහාම නිදහස්‌ කරන ලෙසට එවකට සිටි එක්‌ ජනාධිපතිවරයෙක්‌ උපදෙස්‌ දුන්නේය. ඒ පිළිබඳව මාධ්‍ය නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණේ අවශ්‍ය ඕනෑම වේලාවක ප්‍රභාකරන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති නිසා ඔහු නිදහස්‌ කළ බවය. නමුත් සැබෑ තත්ත්වය වූයේ ප්‍රභාකරන් විනාශ කිරීමට ජනාධිපතිවරුන් කීපදෙනෙකුට හා ජනාධිපතිවරියකට අවුරුදු 30 ක කාලයක්‌a විවිධ උපක්‍රම යෙදීමට සිදුවීමය.

    මේ දිනවල යාපනයේ ක්‍රියාත්මක වන "ආවා ගෲප් එක" පිළිබඳවද මේ අවස්‌ථාවේදී ඉතා සුළුවෙන් තැකීමක්‌ නොකළ යුතු වන්නේ එබැවිනි. මන්ද ඔවුන් ක්‍රියාත්මක වන්නේ කවර අරමුණක්‌ උදෙසාද යන්න මෙතෙක්‌ ඉතාම පැහැදිලිව අනාවරණය වී නොමැති නිසාය. එසේ නොවන්නේ නම් අපට පසුකාලීනව සිදුවන්නේ ඊළඟ මිනීමැරීම සිදුවන්නට පෙර අපට ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවේවි යි යනුවෙන් පොලිස්‌ ප්‍රකාශ නිකුත් කරමින් කල් ගෙවන්නටය.

    "ආවා ගෲප් එක" යාපනයේදී ක්‍රියාත්මක වන අතරතුර යාපනයට ජනාධිපතිවරයා පැමිණෙද්දී උතුර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන්ද ජනාධිපතිවරයා පිළිගැනීමට එක්‌වූයේය. ජනාධිපතිවරයා පිළිගත් විග්නේෂ්වරන් ජනාධිපතිවරයා සමග එකම වේදිකාවක අසුන් ගෙන කළ කතාවේදී ඔහුගේ සිහින ලෝකය අවදි කළේය.

    ප්‍රධාන අමාත්‍යවරයා එහිදී කියා සිටියේ උතුරු ප්‍රදේශයෙන් යුද හමුදාව ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවය. ඒ සඳහා ඔහු හේතු වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ යුද හමුදාව උතුරු පළාතේ සිටීමෙන් එම පළාතේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් ඇතිවන බවය. ඊළඟට ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යුද හමුදාවට හොඳින් දෙමළ භාෂාව කතාකිරීමට නොහැකි නිසා උතුරේ දෙමළ වැසියන් හා යුද හමුදාව අතර නිතර නිතර ගැටුම් ඇතිවන බවය. කාලයක්‌ම දෙමළ වැසියන්ගෙන් විශාල පිරිසක්‌ අවි ආයුධ අතට ගෙන ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවල නිරත වෙමින් දෙමළ වැසියන්ගේ විමුක්‌තිය හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. නමුත් මේ අවස්‌ථාව වන විට උතුරේ දෙමළ වැසියන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටින බැවින් මේ අවස්‌ථාවේදී දෙමළ වැසියන්ට සිය අයිතිවාසිකම් ලබාදීමත් දෙමළ වැසියන්ට අවශ්‍ය පහසුකම් සලසාදීමටත් කටයුතු කළ යුතු බව විග්නේශ්වරන් පැවසීය.

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාතෙන් යුද හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලන්නේ අදක ඊයේක සිට නොවේ. උතුරු පළාත් සභා මැතිවරණයේදී විග්නේෂ්වරන්ගේ මූලික මැතිවරණ සටන්පාඨය වූයේද එම කාරණයමය. ප්‍රධාන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී මංගල සභාවාරය යාපනයේ කයිතඩි ප්‍රදේශයේදී පැවැත්වූ අවස්‌ථාවේදී ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් යුද හමුදාවට පමණක්‌ නොව පොලිසියටද අත තැබුවේය. උතුරෙන් යුද හමුදාව ඉවත් කළ යුතු බව කී විග්නේශ්වරන් උතුරු පළාතට යෙදිය යුත්තේ දෙමළ භාෂාව කතාකරන පොලිස්‌ නිලධාරීන් පමණක්‌ බවටද යෝජනා කළේය.

    ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග එකම වේදිකාවේ අසුන්ගෙන මෙවැනි ප්‍රකාශයක්‌ කිරීම අප දකින්නේ "අඟේ ඉඳගෙන කන කනවා වැනි" ක්‍රියාවක්‌ ලෙසිනි. විග්නේෂ්වරන් ඇතුළු ගෝලබාලයන් උතුරු පළාත තුළ දෙබිඩි රංගනයක යෙදෙමින් ක්‍රියාකරන අවස්‌ථාවක යාපනයේදී බිහිවන "ආවා ගෲප් එක" ඉල්ලා සිටින්නේද එකම ඉල්ලීමකි. එනම් දෙමළ ජනතාව පොලිසිය හා ආරක්‍ෂක අංශ සමග පවත්වා ගෙන යන සබඳකම් වහාම නතර කළ යුතු බවය.

    ප්‍රධාන අමාත්‍යවරයා උතුරෙන් හමුදාව ඉවත් කොට දෙමළ පොලිස්‌ නිලධාරීන් යොදවමින් කිරීමට බලාපොරොත්තු වන්නේ උතුර තුළ දෙමළ ආධිපත්‍යයට යටත් වූ රාජ්‍යයක්‌ බිහිකිරීමයි. ඉදිරියේදී එසේ කරන බව උතුරේ දෙමළ ජනතාවට ප්‍රධාන අමාත්‍යවරයා සහතික වී තිබේ. මේ තත්ත්වය නිසාම උතුරේ දෙමළ වැසියන් හා ආරක්‍ෂක අංශ අතර පවතින අෙන්‍යන්‍ය සම්බන්ධතාව ක්‍රමක්‍රමයෙන් පලුදු වෙමින් පවතී.

    මේ අතරතුර ""ආවා ගෲප් එක" යාපනයේ ක්‍රියාත්මක වෙමින් සිදු කරන්නට උත්සාහ කරන්නේද සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්‍ෂක අංශ සමීපයෙන් වෙන් කිරීමටය. කෙටියෙන්ම ප්‍රකාශ කළහොත් සිංහල භාෂාව කතා කරන පිරිසට "ආවා ගෲප් එක" විරුද්ධ වී තිබේ. සිංහලයාත් දෙමළ වැසියාත් අතර පවතින සහ සම්බන්ධතාවටද "ආවා ගෲප් එක" එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. කෙටියෙන්ම ප්‍රකාශ කළහොත් උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා හා ඔහුගේ ගෝල බාලයන් අතර පවතින උතුරේ දෙමළ රාජ්‍යයක්‌ බිහිකිරීමේ යටි අරමුණ "ආවා ගෲප්" තුළද පවතියි.

    මේ ලිපිය ලියමින් සිටින අතර තුර යාපනයේ මිරිසවිල් ප්‍රදේශයේ සිට අප හට දුරකථනයෙන් කතා කළ දුම්රිය සේවකයන් පිරිසක්‌ කියා සිටියේ "ආවා ගෲප් එක" උතුරේ ඉදිවන දුම්රිය මාර්ගයේ වැඩ කටයුතුවලටද අත තබා ඇති බවකි. ඉන්දීය සමාගමක්‌ යටතේ යාපනයේ දෙමළ පිරිස්‌ මෙම දුම්රිය මාර්ගයේ සේවය කළද ඔවුන්ට සේවය කිරීමේ කටයුතුවලින් ඉවත්වන ලෙස තර්ජනය කොට තිබේ. මේ තර්ජනය පිළිනොගත් දෙමළ ජාතිකයින් හතර දෙනකුට පහරදී ඉන් එක්‌ පුද්ගලයෙකුගේ සිරුර බෝතලයකින් කපා දමා පලාගොස්‌ තිබේ. යාපනයේ ක්‍රියාත්මක මේ. "ආවා ගෲප් එක" දැන් උතුරු දුම්රිය මාර්ගයේ සේවය කරන දෙමළ ජාතික කම්කරුවන් හා නිලධාරීන් දැඩි ලෙස බියට පත්වී ඇත.

    උතුරට දුම්රිය ධාවනය වීම දකින්නට අකැමැති එල්. ටී. ටී. ඊ. සංවිධානය එදා කළේද උතුරු දුම්රිය මාර්ගය තැනින් තැනින් පුපුරවා විනාශ කිරීමත් යාල්දේවි දුම්රියට බෝම්බ තබා එය විනාශ කිරීමත්ය. එදා එල්. ටී. ටී. ඊ. ය සිදුකළ එම විනාශය පියවරෙන් පියවර සිදුකිරීමට දැන් යාපනයේ "ආවා ගෲප් එක" මාන බලති.

    මේ නිසා යාපනයේ ක්‍රියාත්මක වන "ආවා ගෲප් එක" මෑත කාලීන ඉතිහාසයේ දකුණේ ක්‍රියාත්මක වූ පාතාල කල්ලි ලෙස තේරුම් ගෙන සිටීමත් "වම්බොට්‌ටා" "කොස්‌ඇටය" "කුඩුනිමල්" ආදී විවිධ ආරූඪ නම්වලින් පෙනී සිටි පාතාල නායකයන් මෙන් තුන්හතර දෙනකුගෙන් පමණක්‌ සමන්විත කණ්‌ඩායමක්‌ ලෙස පොලිසිය සිතා සිටින්නේ නම් එය කාට හෝ වැරදුන තැනකි.

    දිනසේන රතුගමගේ


     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සහජීවනය යනු සිංහලුන්ගෙන් පමණක් බලාපොරොත්තුවන දෙයකි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    History Repeats !!

    danne nathi kattiya danaganna;

    prabakaran LTTE eka hadanna kalin me vage pathala nayakayek/horek/kappam karayek..

    ayemath LTTE nagitinawa...lagadima uddayak patan ganna vage yanne...
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ටොයියෝ කලින් කිව්වේ...

    "ත්‍රස්තවාදය ආයේ එන්නේ නැහැ කලබල නොවී හිටපන්" කියලා

    ටොයියෝ ටික දැන් ඇවිත් කියයි :lol:

    "තාම කොලබට ආවේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා

    කොලබට ආවට පස්සේ ටොයියෝ ටික...

    "උබේ කවුරුත් මැරුනෙ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා


    අපේ කාට හරි කරදරයක් වුනාම ටොයියෝ ටික...

    "උබට මුකුත් වුනේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා :lol:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ටොයියෝ කලින් කිව්වේ...

    "ත්‍රස්තවාදය ආයේ එන්නේ නැහැ කලබල නොවී හිටපන්" කියලා

    ටොයියෝ ටික දැන් ඇවිත් කියයි :lol:

    "තාම කොලබට ආවේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා

    කොලබට ආවට පස්සේ ටොයියෝ ටික...

    "උබේ කවුරුත් මැරුනෙ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා


    අපේ කාට හරි කරදරයක් වුනාම ටොයියෝ ටික...

    "උබට මුකුත් වුනේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා :lol:


    :yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    අපේ ලක්ෂ 62 ටොයි ජනතාවගේ ප්‍රතිචාර:

    කොටිය එනෝ මහින්දට චන්දෙ දීපියෝ ! . මේක විතරක් දැම්ම නම් ඇති ලොකු හෑලි නොදා :lol:

    පැටියා;19270083 said:
    කොටි එනෝ. අප්පුච්චා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමෝ :yes: :cool:

    බෑ බන් මේ බයියො කොච්චර පෙන්නන්න හැදුවත් උන්ට කොන්ද පන නෑ. එකනේ බන් කොටි කියන වචනෙ ඇහුන ගමන් බයවෙලා කලිසමේ පහකරන් කොටියා එනෝ පාවාදෙනෝ ගාන්නේ. අඩේ ගෝඩ් ඇවිත් රෙප් කපලා. ඌද නැත්තන් අර ජන්ගියද දන්නෑ කැපුවේ. දැන් ජොබකුත් නැති එකේ ඕකා එලකිරියෙමනේ. අර වයි-ෆයි වල 100mb මදි කියල කෑගහන්නේ දවසක පොස්ට් ටික දාන්නත් උට ඒක මදිලුනෙ.

    මෙන්න කොටි එනෝ .... අපි නැතෝ


    එත් අපි අලුත් වෙනසකට දගලනවා
    උබ එකම අල්ලන මාරු විකල්ලෙන් කොටි එනවෝ ගගා මරහඩ තියනවා
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අපේ ලක්ෂ 62 ටොයි ජනතාවගේ ප්‍රතිචාර:

    පවු පවු ඔහොම කරන්න එපා බං... ඕකුන් ටික රෙද්දක් ඇදැන් මේකේ ඉන්න එපෑයි :rofl::rofl::rofl::rofl:;)
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    සහජීවනය යනු සිංහලුන්ගෙන් පමණක් බලාපොරොත්තුවන දෙයකි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටොයියෝ කලින් කිව්වේ...

    "ත්‍රස්තවාදය ආයේ එන්නේ නැහැ කලබල නොවී හිටපන්" කියලා

    ටොයියෝ ටික දැන් ඇවිත් කියයි :lol:

    "තාම කොලබට ආවේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා

    කොලබට ආවට පස්සේ ටොයියෝ ටික...

    "උබේ කවුරුත් මැරුනෙ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා


    අපේ කාට හරි කරදරයක් වුනාම ටොයියෝ ටික...

    "උබට මුකුත් වුනේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා :lol:

    Ponnama haththak toyiyo
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ටොයියෝ කලින් කිව්වේ...

    "ත්‍රස්තවාදය ආයේ එන්නේ නැහැ කලබල නොවී හිටපන්" කියලා

    ටොයියෝ ටික දැන් ඇවිත් කියයි :lol:

    "තාම කොලබට ආවේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා

    කොලබට ආවට පස්සේ ටොයියෝ ටික...

    "උබේ කවුරුත් මැරුනෙ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා


    අපේ කාට හරි කරදරයක් වුනාම ටොයියෝ ටික...

    "උබට මුකුත් වුනේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා :lol:

    අනේ ඔය ගොන් ටොයි හැත්තයි අන්ඩුවයි මක බෑවිලා යන්නෑනේ අම්මපා.. රටේ කරුමේ...:angry::angry: