ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    එල එල
    එකෝමත් එක ආදරයක් කතාව බලලා තාම මතක් වෙනවා ඌට උන වැඩේ.
    උඹේ කතාවත් අෆ්ෆා මොනවා වෙයිද දන්නෙ නෑ :baffled: කොහොම උනත් ඌ වගේ එක දිගට ලියපං ඈ. අපි දිගටම ඉන්නවා.

    eka digatama katawa loiyannam..ada rata tawa part ekak danawa...:D:D:D
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 03
    සතියකට පමණ අසන්න කාලයකට පසු ඇයගෙන් කැමැත්ත ලැබුණි...ඒ දවස මට අද වගේ මතකයි..මට lectures නැති දවසක් නම් අනිවාර්යෙන්ම සදමාලි හමු වෙන්නට ගියෙමි ...සදමලිටද lectures cut උණු දවසට මම ඇය හමු වීමට ඇයගේ කැම්පස් එකට ගියෙමි ...ඇය සමග තුරුළු වී පැය ගණන් දොඩමලු වීමට මම ගොඩක් ආස කලෙමි ...අපගේ නිතර ආගිය තැනක් බවට කැම්පස් එක ආසන්නයේම පිහිටි පාර්ක් එකක් වගේම beach එකත් පත් විය ...beach එක කොතරම් සුන්දර තැනක් වුවත් එය අසුන්දර අත්දැකීමක් වුයේ එහි සිටින වෙලන්දගෙන් ය .(කුඩුකාරයින් )..ඒ අන් කවරක් නිසා නොව අස්ප ගණන් වලට විකුණන මයියොක්ක පෙති , තැඹිලි , ආදිය අනිවාර්යෙන්ම ගන්නට සිදු වන නිසාය ..කොහොමෙන් හරි සුන්දර විදියට කාලය ගෙවිල ගියා ...ඔය අතරේ batch එකේ කෙනෙකුත් සදමාලිට කිට්ටු කරන්න ගත්තා ....ඒ කොල්ලා නිතරම වගේ සදමාලිට msg කරලා තිබ්බා ...lecture එකකට ගියත් මෙය කිට්ටුවටම එනවලු ...එන්න එන්නම ඒ කොල්ලගේ වදේ වැඩි වුණා ...ඒ කොල්ල කරන හැම දෙයක්ම හැම message එකක්ම සදමාලි මට එවුවා ..මම කිපසරයක්ම සදමලිගෙන් ඒ කොල්ල ගේ විස්තර ඇහුවත් එයා කිවුවේ නැහැ ..එයා හිතුවා මම අන්වශීය ප්‍රශ්නෙක පැටලෙයි කියලා ..සදමාලි කිවුවේම එයා කොහොම හරි ඒ ප්‍රශ්නේ handle කරන්නම් කියලා ...ඒ කොල්ල ගොඩක් වෙලාවට සදමලිට msg කරලා කියලා තිබ්බේ මාව විශ්වාස කරන්න එපා..මම කොයි වෙලේ දාලා යයිද දන්නේ නැහැ කියල ...අනික batch එකේ කොල්ලෙක් යාලු කර ගන්න එක හැම දේකදිම පහසුවක් වෙනවා කියලා ....කොහොමෙන් කොහොම හරි අර කොල්ල ගැන විස්තර හොයා ගන්න පුළුවන් උනා මට ..මම direct ඒ කොල්ල ට කිවුවා මගෙයි සදමාලියි අතරේ තියෙන සම්බන්දෙ ...අපි අතරට එන්න එපා කියල බොහොම කරුණාවෙන් කිවුවා ..සදමාලිත් ඒ කොල්ලට බැනලා තිබ්බ එන්න එන්න වදේ වැඩිම උනාම ...පස්සේ අපි හැමෝම ගහන පදේ වගේ අර කොල්ල සදමාලිට කියලා තිබ්බ ආයේ එයාගෙන් වදයක් වෙන්නේ නැහැ කියලා ..හැබැයි එයාව හොද යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න කියලා ...මම දැන ගත්තා කොල්ල එන්න හදන්නේ මොකටද කියලා ...මම සදමලිට කිවුවා අතේ දුරින් තියා ගන්න ...ඔය හදන්නේ කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක් කියලා ...හැබැයි ඊට පස්සේ අර කොල්ල වදයක් දුන්න බවක් මට සදමාලි කිවුවේත් නැහැ ..අර කොල්ලත් මගේ එක්ක ටිකක් ෆිට් උනා ...හැබැයි මට වැඩිය දිරෙවුවේම නැහැ ඒකව ..මගේ හිතේ තිබුනෙම මට සදමාලි නැති වෙයි කියලා ..මොකද ඒ කොල්ලට නිතරම එයාව හම්බ වෙනවා batch එකේ නිසා ..සදමාලිත් ඉස්සර වගේ ඒ කොල්ල ගැන වැරද්දක් කරදරයක් කිවුවේ නැහැ ...සදමාලිගේ acadmic side එකේ වැඩ වලට ගොඩක් උදවු කරලා තිබුණා ...මගේ යන්තන් අගට ලේ ටිකක් ඉනුවේ ඒ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා කියලා දැනගත්තම ...හැබැයි ඒ කෙල්ල කැම්පස් එකේම කෙල්ලෙක් නෙවයි ...කැම්පස් එක කිට්ටුවම තිබ්බ private තැනක ඉගෙන ගන්න කෙල්ලෙක් ..ඔය විස්තර කිවුවේ සදමාලි ..මමත් විස්තර හොයල බැලුවම වැඩේ ඇත්ත කියල තේරුණා ....හැබයි ඔය අතරේ සදමාලිට කතාවක් හැදිලා තිබ්බා කැම්පස් එකේ එකයි කැම්පස් එකෙන් පිට තව එකෙකුයි තියාගෙන ඉන්නවා කියල...:sorry::sorry::sorry::sorry:

    PART 04

     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :D මගේ කතාව ගැනත් මතක් කලාට බොහෝම ස්තූතී!

    :cool: මේ කතාව ලස්සනට ලියලා. මම මේක කියවන්නම කියලා කතාව ඉවර වෙනකන් හැමදාම ලොග් වෙනවා.
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 04
    ඒ කොහොම උනත් මට නම් සදමලිගෙන් ලැබෙන ආදරේ අඩුවක් දැනුනෙ නැහැ ..කිසිම වෙනස් කමක් දැනුනෙත් නැහැ...වැඩි හොදට කියලා ටිකක් හොයලත් බැලුවා ..ඒත් කිසිම අප්සට් ආරංචියක් නම් ආවේ නැහැ ...ඒක නිසා පස්සේ මමත් ඒ ගැන වැඩිය හිතන්න ගියෙත් නැහැ ...ලොකුම හේතුව වුනේ ඒ කොල්ලට දැන් පිටින් කෙල්ලෙක් ඉන්නවා ...ඔය අතරේ එයාට කැම්පස් එකේ වැඩ කරන්න ලැප් එකක උවමනාව තදටම දැනුනා ...මටත් ඒ දවස් ටිකේ කැම්පස් එකෙත් ලොකුවට acadamic වැඩ නොතිබුන නිසාත් ඊටත් වඩා මගේ ලැපට අමතරව ඩෙස්ක්ටොප් machine එකක් තිබුන නිසාත් සදමාලිගේ වැඩ කර ගන්න මගේ ලැප ගිහින් දුන්නා ...මට මොන වැඩ තිබුනත් එයාගේ academic පැත්තට full support එක මම දුන්නා ...සදමාලිට මාසෙකට ගානක් ගෙදරින් ලැබුණා වියදමට කියලා ..සමහර මාස වල ඒ මුදල් මදි උනාම මම සල්ලි දුන්නා එයාගේ වැඩ කරගන්න ....ඒ වෙනකොට අපි දෙන්නට දෙන්න නොදක ඉන්න බැරි තැනට ඇවිත් තිබුනේ ..අපි දෙන්නටම මොන වැඩක් තිබුනත් සතියකට සැරයක් නම් මීට් වෙනවමයි ....lectures නැති වෙලාවක් ලැබුනොත් දෙන්නටම සතියට දෙතුන් පාර මීට් වෙනවා ...රැට පැය ගණන් මල් කැඩුවේ ...ගොඩක් වෙලාවට අපි හම්බ උනේ කැම්පස් එකෙන් පිටදී ...කැම්පස් එක ලගම තිබ්බ පාර්ක් එක වගේම beach එක තමයි අපි හම්බ වෙන තැන් උනේ ....ඉදලා හිටලා දවසක් ඒ කිට්ටුවම තිබ්බ පන්සලකටත් ගියා අපි දෙන්න...ඒක ප්‍රසිද්ද පන්සලක්...මල් පුජ කරලා පහනක් පත්තු කරලා බෝදිය පැනින් නහවල එන්නත් අපි අමතක් කලේ නැහැ ..කොහොමත් මාසෙකට දෙකකට සැරයක් නම් ඒ පන්සලට යනවාම තමයි ...මල් කඩන්න වෙනම සිම් එකක් අරන් තිබුනේ ..එත් ඒ දවස් වල තවත් අලුත් සිම් එකක් ඇවිත් තිබුණා ...ඒ සිම් එකේ විශේෂත්වේ තමයි සිම් 2 අතරේ calls , sms unlimited වගේම ඒ netowrk එකේම ඕනිම නොම්බරෙකට 1000min free ...සදමාලිට ඔය සිම් එකක් ගන්න ඕනි උනා ඒක ලාබයි කියලා ..එයාගේ යෝජනාව වුනේ දැනට අපේ hutch සිම් දෙක විකුණලා මදි පාඩුව අතින් දාලා සිම් එක ගමු කියලා ...කොහොම හරි අර කියන special couple සිම් එක ගන්න තැනක් මමත් හෙවුවා ...ඒත් ගන්න තැනක් හම්බ උනේ නැහැ ..හැමෝම කිවුවේ ඒ සිම් ඉවරයි ....එන්න ටික දවසක් යාවි කියලා ....එයාලගේ කැම්පස් එකෙත් හිටියා සිම් විකුණන කෙනෙක් ..ඒ කොල්ලත් කිවුවේ ඒ සිම් ඉවරයි කියල...එන දවසක් නම් කියන්න බැහැ කිවුවා ...හැබැයි සිම් හම්බ උනොත් මුලින්ම අපිට සිම් දෙකක් දෙන්න පොරොන්දු උනා ..ගොඩක් වෙලාවට මාසෙකින් වගේ සිම් හම්බ වේවි කියල කිවුවේ ...හැබැයි සදමාලිට එචචර කල් ඉවසන් ඉන්න බැරි උනා ...

    part 05
     
    Last edited:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43

    ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hama kenagema sundara athitayak tiyenawa...:sorry:
    hmmm.... mathak weddi thamai ban duka... mamath affair eka nawattala 1 month wage... thaama mathak wenawa utta....:( LOVE kiyanne maha huttak ban..... uba pansal giya seen eka kiuwama mathak une mama me yr eke wesak pooyata kella ekka sil gatta ban.. SHIT...!!!! pansala issarahin yanna ba mathak wenawa.... thawa Korathora pansal gihin uba wagema mamath Mal pooja karala wedala aawa.... FUCK ban.. shit....!!!

    ඇත්තටම මම කෙල්ලව දවසක නැතිවෙන බව දැන දැන ආදරේ කලේ... ඒත් හැඟීම් වලට වහල් උනාම නැතුව බෑ බෑ වගේ උනා.... වෙන කෙල්ලෙක් සෙට් වෙනකන් ඒකිව මතක් වෙයි උට්ට.... :sorry:
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    hmmm.... mathak weddi thamai ban duka... mamath affair eka nawattala 1 month wage... thaama mathak wenawa utta....:( LOVE kiyanne maha huttak ban..... uba pansal giya seen eka kiuwama mathak une mama me yr eke wesak pooyata kella ekka sil gatta ban.. SHIT...!!!! pansala issarahin yanna ba mathak wenawa.... thawa Korathora pansal gihin uba wagema mamath Mal pooja karala wedala aawa.... FUCK ban.. shit....!!!

    ඇත්තටම මම කෙල්ලව දවසක නැතිවෙන බව දැන දැන ආදරේ කලේ... ඒත් හැඟීම් වලට වහල් උනාම නැතුව බෑ බෑ වගේ උනා.... වෙන කෙල්ලෙක් සෙට් වෙනකන් ඒකිව මතක් වෙයි උට්ට.... :sorry:


    happa..affair eka nawattala 1 month wagene nam umbata pissu wage ati...:sorry::sorry::sorry: korathota pansalda giye umba...?