Donald Trump ගැන

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,089
    16,873
    113
    යම් යම් වැරදි ඇතත් ඔහු පුදුම මිනිසෙකි. මෙතෙක් ලොව අත්දුටු පුදුමාකාර ධෛර්යවන්තයෙකි.සිය පියා තමන් වෙත පිරිනැමූ ඩොලර් මිලියන දෙසීයක් ඔහුට විය.නානා ව්‍යාපාර කරමින් හෙතෙම කිහිප වරක් බංකොලොත් විය. ඔහු සිහින දුටුවේය.ධෛර්යයෙන් වැඩකොට ඉතිරි මුදල් නිසිසේ ව්‍යාපාරයේ යොදවා බිලියනපතියෙකු වුයේය.

    හෙතෙම රිපබ්ලිකන් පක්ෂයෙන් චන්දයට ඉදිරිපත් වන්නට සිතුවේ උපරිම වුවොත් නාමයෝජනා අවසන් වීමට මසකට කලිනි.කවුරුත් සිතුවේ ඔහු අන්ත පරාද වන බවය. සැබවින්ම මුල් අසුන IOWA අන්ත පරාජයකට පත්විය.ඔහු සැලෙතයි සැමදෙනාම සිතුමුත් ඔහු නොසැලුනේය.

    මහන්සියෙන් වැඩකොට එතැන් පටන් දිනන්නට වුයේය.තේරීම් චන්දයේ බාගයක් දුර යනවිට ඉතිරි වුයේ ඔහු පමණි. ඉතිරි සියල්ලෝ පරාජය භාරගෙන ඉල්ලා අස්වුහ.

    "ඔය දින්නත් ජනපතිවරණ නාමයෝජනා ඔහු නොලබනු ඇති" ඇතැම්හු සිතුහ. තම පක්ෂයේම ඇතැම්හු ඔහුට විරුද්ධව රහසේද ප්‍රසිද්ධියේ ද ක්‍රියා කළහ. ඔහු සටන ඇත නොහැරියේය. බැරිම තැන ඔහුට නාමයෝජනා ලැබිණි.නාමයෝජනා ලැබුණද ඔහු දිනාවි යයි කිසිවෙක් නොසිතුහ.

    ජනපතිවරණයේ මුල්කලත්, මැදකලත්, අවසන් මුවවිටේදීත් සියල්ලෝම ඔහුට විරුද්ධව ප්‍රචාරය ගෙනගියහ. මත විමසුම් 90%ක්ම කීවේ ඔහු පරදින බවය. එකක් දෙකක් ඇරෙන්නට බොහෝ මාධ්‍ය ඔහුට විරුද්ධ වුහ. ජනපතිවරණ වාදයේදී පවා ඔහුට නොයෙක් කෙනෙහිලිකම් කෙරිණි. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබහින්නෙකු නොවීය. ජනපතිවරණයේ 60%ක් පමණ ප්‍රතිඵල නිකුත්වන කල හෙතෙම වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඉතිහාසත්මක ජයක් ලැබුයේය .ඒ පුද්ගලයා අන් කවරෙකුවත් නොව 45වන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
    අපි ඔහුටත් ඔහුගේ ධෛර්යයටත් හදවතින් සුබපතමු.

    ලෝකයට ඔබ යහපත් පුර්වාදර්ශයක් වනු ඇතැයිද බලාපොරොත්තු වෙමු.


    donald-trump-gop-debate-getty.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,089
    16,873
    113
    ඈමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු මිල අධික වත්කම් -





     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිනපු කාලෙ අපේ ජනාදිපති තුමා ගැනත් ඔය වගේ ඒව සෑහෙන්න ලියවුනා නේද.!:baffled:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    දිනපු කාලෙ අපේ ජනාදිපති තුමා ගැනත් ඔය වගේ ඒව සෑහෙන්න ලියවුනා නේද.!:baffled:

    ආතල් එක කන්ඩ එපා ඉතින් :lol::lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,089
    16,873
    113
    දිනපු කාලෙ අපේ ජනාදිපති තුමා ගැනත් ඔය වගේ ඒව සෑහෙන්න ලියවුනා නේද.!:baffled:

    :lol::lol::lol:උබ මේ මනුස්සයව ලංකාවේ නිකන්ම නිකන් සිරිසේනට කම්පයාර් කරා නේද..:lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දේශපාලනයට බඩ පිනුම් ගසා පැමිණෙන එවුන් ගැන චරිත සහතික ලියන්න හදිසි වෙන්න එපා.... මොකද ඔය වගේ පුටුවලට ගියහම බහුතරයක් එවුන්ගේ ධන සෘණ මාරු වෙනවා.... මොළය, අධෝ මුඛය මාරු වෙනවා, වම දකුණ මාරු වෙනවා, ඇඳෙන් නැගිටින පැත්ත මාරු වෙනවා, මල් තියපු එවුන්ට රිදෙන්න ගහනවා, මඩ ගහපු එවුන් ඔඩොක්කුවට අරන් කිරි පොවනවා.... ඒ හින්ද එන එකා ගැන පෙර වදන් නොලියා ගිය එකා ගැන පසුවදනක් ලියන එක කෝකටත් ඇගට ගුණයි....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,089
    16,873
    113
    කවුද අර අන්ධ කෙනෙක් කිව්වලු නේද ඇමරිකාවේ ජනාධිපති ඔබාමාගෙන් පස්සේ ගෑණු කෙනෙක් කියලා..:lol:නම නම් මොකක්ද මන්දා..:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol:උබ මේ මනුස්සයව ලංකාවේ නිකන්ම නිකන් සිරිසේනට කම්පයාර් කරා නේද..:lol::lol::lol:

    මේ වගේද බන් අපේ ජනාදිපති තුමා...,

    සරලයි,:yes:
    සිරියාවන්තයි,
    :yes:
    හොරගෑනු තියාගෙන හිටියෙ නෑ, :no:
    දිවුරුම්දීමට අත්සන් කරේ රුපියල් 10යෙ ඇට්ලස් චූටි පෑනකින්,:baffled: ඔන බලපන් ට්‍රම්ප් කාරය අත්සන් කරන්නෙ ඩොලර් 1000ක විතර පෑනකින්,:growl: එතනින්ම බොලාට දෙන්නගෙ වෙනස තේරුම් ගන්න පුලුවන්.:yes::baffled: