හැමතිස්සෙම බඩගිනිද?
හැමතිස්සෙම බඩගිනිද?
අපිට සමහර වෙලාවට කොච්චර කාලා හිටියත් ආයෙත් ඉක්මනටම බඩගිනි දැනෙන වෙලාවල් බොහොමයි. ඒ උනාට එහෙම පැලෙන්න කාලා ඉන්න වෙලාවට බඩගිනි දැනුනා කියලා ආයෙත් සැරයක් කොටාබාන එකනම් ශරීරයට අන්තිම නරකයි.
අපි කන බොන දේවල් ගැන දැනුවත්ව කනවනම් මේ ප්‍රශ්නෙ බොහොම සෞක්යාරක්ෂිතව විසඳගන්න පුළුවන්.
අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එහෙමත් නැත්නම් ජී අයි [glycaemic index (GI)] කියන්නෙ කියලා.
GI කියලා කියන්නෙ කෑම ජාතියක තියන පිෂ්ටධාතු (carbohydrates) රේටින් කරන ක්‍රමේකට. ඒකෙන් කියන්නෙ කෑම ජාතියක් කාපුවම එකේ තියන බලපෑම නිසා රුධිරයේ තියන ග්ලුකෝස් මට්ටමට කොච්චර ඉකමනට බලපෑමක් ඇති කරන්න පුලුවන්ද කියන එකයි.
මේ ගැන වැඩි දුර පරීක්ෂණ කරන අය (Scientists) කෑම වර්ග කොටස් දෙකකට බෙදලා තියනවා High GI කෑම සහ Low and medium GI කෑම කියලා.
High GI කෑම කියලා කියන්නෙ අපි කන බොන දේවල් වල තියන පිෂ්ටධාතු ඉතාම ඉක්මනට විභේදනය කරලා රුධිරයට ඉක්මනින්ම ග්ලුකෝස් විදිහට එකතුවෙන්න පුළුවන් දේවල් වලට.
උදාහරණ තමයි:
පැණිරස කෑම
පැණි බීම වර්ග
සුදු පාන් (ලංකාවේ ගොඩක් තියෙන්නෙ මේවා)
සුදු බත්
අර්තාපල්
Low and medium GI කෑම කියලා කියන්නෙ කෑම වර්ග වල තියන පිෂ්ටධාතු බොහොම හිමින් හිමින් විභේදනය කරලා වැඩි කාලයක් අරගන ක්‍රමානුකූලව රුධිරයේ තියන ග්ලුකෝස් මට්ටම ඉහල දාන කෑම වර්ග වලට.
උදාහරණ තමයි:
සමහර පලතුරු
එළවලු
කුරුට්ට සහිත දේවල්
පරිප්පු මුං ඇට වගේ ධාන්‍ය වර්ග
කොච්චර කෑවත් බඩගිනි වෙන අයට කරන්න තියෙන්නෙ පුළුවන් තරම් high GI කෑම වර්ග අඩු කරලා Low and medium GI කෑම වර්ග තමන්ගෙ ආහාර වට්ටෝරුවට එකතු කරගන්න එකයි. Low and medium GI කෑම කෑමෙන් තව වාසි ගොඩක් තියනවා. ඒ ටික වෙන දවසක දාන්නම්.

+5