චෙක් එක
මා ට්‍රැෆික් එකේ ඉන්න අවස්ථාවේ විශ්වවිද්‍යාල ශිෂයෝ කිහිප දෙනෙකු මහා ශිෂ්‍ය සංගමයට ආධාර පිණිසයි පවසා කැටයක් රැගෙන මා අසලට පැමිණියේය. මා ඔවුනට රුපියල් 20 කින් ආධාර කලෙමි.
මා මෙතනින් කියන්න උත්සහ කරන අවසාන දේ මෙන්න මේක.
මේ ශිෂයෝ මහා පාරේ කාලේ කකා එක එක දේශපාලන උසි ගැන්වීම්වලට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතුවත් හරියාකාරව සිදු නොකර ගනිමින් පාරවල් ගානේ වේලෙන හැටි. අපි මේ අහස පොලව පෙරළන් හරි ජිවිතේ ගොඩ යන්න දඟලනවා. මේ ළමයි පිස්සු කෙලිනවා. මේ වගේ දේවල් නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. වෙන රටවල ශිෂයෝ එලි වෙනකන් හෝටල් වල ඩිෂ් වොෂ් කරනවා. සුද්ද පවිත්‍ර කරනවා. ෂෙඩ් වල පෙට්‍රල් ගහනවා. නොවිදිනා දුක් විඳලා තමයි සල්ලි උපයාගෙන විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්නේ. මෙහෙම දුක් විඳගෙන ඉගෙන ගෙන උපාධිය අවසන් කරන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහලම තැන් වලට යනවා. විවිධ සමාගම් වල ලොකු තනතුරු , සයන්ටිස්ට් ල , ඉංජිනේරුවෝ . එකට අපේ රට. රජයෙන් උපාදිය නොමිලයේ ගෙන එලියට ගිහින් කෑගනවා උද්ගෝෂණය කරනවා අපිට රැකියා දියවූ කියල. අඩුම තරමේ ඔය මහපාරේ කාලේ කන වෙලාවේ තමන්ගේ වුර්තිමය හැකියාවන් දියුණු කරගන්නවානම් උපාධියෙන් පසුව මොකක් හරි රස්සවක් තාවකාලිකව හොයා ගන්න පුලවන්.
ධම්මික පෙරේරාට විශ්වවිද්‍යාල යන අවධියේ මොරටුවේ හෝටලයක් තිබිලා තියනවා. එතකොට ධම්මික පෙරේරාගේ වයස අවුදු 24 පමණ වෙනවලු . සේවකයෝ පමණක් 40 වඩා ඉඳලා තියනවා. මේ හෝටලේ උදේ හවා මිනිස්සු පිරිලා. විකුණුවේ දවල් බත් , ෂෝර්ට් ඉට්ස් , ප්ලේන්ටි වගේ ඒවා. ධම්මික පෙරේරාත් මේ වගේ යුනියන් කර කර කාලේ විනාශ කලේ නම් අද නිකමෙක් වෙලා.
මොකද්ද බං මේ කතාවෙ තේරුම? මේක ලංකාව බං. සංවර්දිත රටක් නෙමේ. අනික තියෙන්නෙ පට්ට රස්නෙ දේශගුණයක්. එන්ගලන්තෙ වගෙ සීතල නෑ. අනික අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපිව පාලනය කරන්නෙ කැම්පස්වත් නොගිය රිලව් ටිකක්. උන්ට තේරෙන එකම බාශාව තමා ස්ට්‍රයික් හා පිකට්. ඔය කවුරුවත් පිකට් කරන්නෙ ආසාවට නෙමේ බං. වෙන කරන්න දෙයක් නැති නිසා..
Last edited:

