ඇයි මේ ......??

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ටිකක් විතර දිගයි ....කමක් නැනේ ......:P

    ගිය සතියේ සෙනසුරාදා ඔෆිස් ඇරිලා ගෙදර යන්න මමයි මගේ යාළුවයි බස් එකට නගින්න ගියා ....සතියක් තිස්සේ ඉදලා ඉදලා ඉතින් හරි ආසාවෙන් තමයි යන්න පිටත් වුණේ ....වැඩත් එච්චර තිබුනේ නැති හින්දා බස් වර්ජනය නිසාත් ටිකක් කලින් ආවා ....ටිකක් දුර යන්න ඕනි රෑට බස් අල්ලන්න අමාරු හින්දා කලින් එන එක අපිට වාසියි .......වැඩේ ලේසි වෙන්නත් ඕනි නිසා ඔෆිස් එකේ වෑන් එකෙන් බස් එකට ගෙනත් දාගන්නවා ....:D:D

    කොහොම හරි බස් ස්ටෑන්ඩ් එක පේන හරියේදී අපේ ඩ්‍රයිවර් මල්ලි නතර කරලා තිබුන කාර් එකක් ඉස්සර කරා ...ඉස්සර කරා තමයි .....එක පාරටම දඩ බඩන් ගාලා සද්දයක් ආවා .....බැලින්නම් අපේ වෑන් එකේ පිටි පස්ස අර කාර් එකේ වැදිලා :yes:........අපි ඉක්මනට බැහැල බැලුවා ....කාර් එකේ ඉස්සරහා බෆර් එක සීරිලා තිබුණා:shocked: .........වැන් එකේ පිටි පස්ස රෝදේ මඩ කවරයට තමයි හීරිලා තිබුනේ ....දැන් ඉතින් කාර් එකේ හිටපු දෙන්නත් බැහැල ආවා .....කොන්ඩේ රැවුල වවපු කරාඹු දාපු ඩයල් දෙකක් බැහැල ආවා ...."අම්මටසිරි ආය ගන්න දෙයක් නෑ .....සර්විස් කරගෙන ආවා විතරයි "....කියලා පොඩ්ඩක් කැගැහුවා ....අපේ ඩ්‍රයිවර් මල්ලි.....මහත්තයාලට පරක්කු වෙනවනේ යන්න ..මම බලාගන්නම් කිව්වා ...අපි දෙන්න ඉතින් කමක් නෑ ..බලමුකෝ කියල හිටියා.මොනා වුනත් ඩ්‍රයිවර් මල්ලි තනියෙන් තියන්න බෑනේ .....ඒ නිසා අපි දෙන්න හිටියා ඉතින් .....

    දැන් ඉතින් කට්ටිය වට වෙලා බලනවා .....අපි පිට පළාත් වල අය නිසා අපි කව්රුත් අදුරන්නේ නෑ .....එන එන හැමෝම අර දෙන්නට කතා කරනවා .....

    පළවෙනියට ආපු කෙනා

    "මොකෝ බන් "

    - "බලපන්කො බන් මගුල වෑන් එකක් වැද්දුවානේ "

    "අම්මට සිරි ....බෆර් එක දාන්න වෙයි...ලොකු ගානක් යයි "

    දෙවනියට ආපු කෙනා

    "යකෝ හොදටම වැදිලා නේද "

    - "ඔව් බන් ....එපා වෙනවා .."

    "ලයිට් එකත් දාන්න වෙයි බන් ..මේ සිරිලානේ ...ලයිට් එකට විතරක් 60,000 වෙනවා ..."

    තුන් වෙනියා ...

    "මේ බලපන්කො ..බොනට් එක ඇද වෙලා .....සෙට් එකම දාන්න වෙයි ....100,000 විතර යයි බන් ....."

    හතර වෙනියා

    "එන්ජින් එකට අව්ලක් නැනේ "

    පස් වෙනියා

    "කතා කරලා බේර ගන්න ...පොලිසියේ ගියොත් වාතයිනේ... හැබැයි 50,000 වත් දෙන්න වෙයි "

    ආපු ගොඩක් අය මේ වගේ කතා තමයි ඉතින් කිව්වේ .....

    පැය බාගයක් විතර ගියාට පස්සේ කට්ටිය ගියාම අපි කතා කලා .....අපි කිව්වේ ඉතින් ඉන්ෂුරන්ස් එකෙන් ගමු කියලා ....."අපෝ ඉන්ෂුරන්ස් එකේ claim එකක් ගත්තා විතරයි ...ආය ගන්න බෑනේ දැන්" කිව්වා ....ඊට පස්සේ අපි වෑන් එකේ ඉන්ෂුරන්ස් එකෙන් ගමු කියලා බැලුව ...වෑන් එකේ හීරුන තැනක්වත් පේන්න නැති නිසා එකත් හරි ගියේ නෑ ......දැන් ඉතින් අරුන් අපිට බනිනවා හෝ ගාලා:angry::angry: ....කොහොම හරි තවත් පැයකට විතර පස්සේ ඉන්ෂුරන්ස් කතා කරලා ගෙන්න ගත්තා .....ඉන්ෂුරන්ස් එකෙන් claim එක ok වුණා ....Rs 17,000.00.....මට දැන් කාර් එක හදන්න ඕනි ..දැන් සල්ලි ඕනි කිව්වා .මට මීට වඩා දෙයක් වුනොත් කොහොමද ආපහු ඉන්ෂුරන්ස් ගන්නත් බෑනේ ඒ නිසා අතින් සල්ලි ඕනි කිව්වා ....පස්සේ අපේ ඩ්‍රයිවර් මල්ලි අදුරන කෙනෙක් කතා කරලා යන්තම් විසදා ගත්තා ....

    මට කියන්න ඕනි වුණේ මේකයි ....එතැනදී හරියට බැලුවනම් අපේ වරදක් නෑ .....අපි ඉස්සර කලේ කඩ ඉර තියන තැනක ...එයාලා කාර් එක පාරට දැම්මේ සිග්නල් නැතුව ...අපි ඉස්සර කරද්දී කාර් එක පාරට දැම්මේ .....අපි අදුරන කිසි කෙනෙක් හිටියේ නෑ .....අපි පිට පළාත් වල .... අපි අසරණ නිසා කිසි දෙයක් කියන්න දුන්නේ නෑ ...එතනට ආපු හැමෝම කතා කලේ එයාගේ පැත්තට ...අලාභය ලොකුවට කියපු එක විතරයි වුනේ .....ඒ දෙන්නට නැති අමාරුවක් තමයි පිටින් ආපු අයට තිබුනේ ...පිටින් ආපු අයට ඇයි මෙච්චර කැක්කුමක් ??? අපි පුදුම විදියට අසරණ වුනේ .... මේ විදියට කව්රු හරි අසරණ කරලා ලබන තෘප්තිය මොකක්ද ???

    ඇයි මේ ......??......


    තව දෙයක්

    අපි වාහන එලවද්දී තවත් වාහනයක් ඉස්සර කරන්න යනකොට තමයි අනිත් වාහනේ කෙනාට ඉක්මනට යන්න ඕනි වෙන්නේ ....නැත්තම් අපි ඉස්සර කරද්දී අපිට ඉදිරියෙන් එන වාහනේට ඉක්මනට අපි ගාවට එන්න ඕනි අපිට ඉස්සර කර ගන්න බැරි වෙන්න ......මේ විදිය දේවල් කරලා මිනිස්සු ලබන සතුට මොකක්ද දන්නේ නෑ .....එහෙම කරාම සතුටක් දැනෙනවානම් අපිටත් කියන්නකෝ ඉතින් .....

    ගොඩක් දුරට නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල පැතිවල කදු පල්ලම් වංගු ගොඩක් වැඩි .........ලොකු බර වාහන ඉස්සර කරන්න හරි අමාරුයි නේද....ඒ වෙලාවට තව කෙනෙක්ට ඉස්සර කරන්න ඉඩ ටිකක් දුන්නට අපිට පාඩු නැනේ ....අනිත් රියදුරන්ට කරදර නැති විදියට අපිත් යනවනම් ගොඩක් හොදයිනේ ඉතින් .......

    අපි හැමෝම genuine විදියට වාහන පදිමු ......හා ද ????:yes::yes:
     
    • Like
    Reactions: Welusumana

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    ලංකාව කියන්නේ ගොන් හුත්තේ වේස ගැණු මිනිස්සු ඉන්න රටක්
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අද මිනිස්සු කුහකයි බන්. ආත්මාර්ථකාමියි. ඒ මිනිස්සුමනෙ වාහන එලවන්නෙත් ඉතින්.

    ඔය වගේ වෙලාවල් එනවා. බය නැතුව ෆේස් කරන්න ඕනේ. ජනාකීර්ණ තැනක නම් උබේ නෙමෙයි නම් වරද, බය නැතුව ගේම ඉල්ලපන්. මිනිස්සු ඔහොම තමයි.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ekekta kela unama wate aya manasika sathutak labanawa,eka machan lankawe stress wedi kamai,law ekak nethi kamai,salli nethi ekai oya okoma ekathu wela ena deyak.oka self preservation method ekak brain eke.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Mekai scene eka machan loke un hadanna apita be.
    Un oya size eken idala kohoma hari honda hotel ekakata set una gaman ambanekata kai.
    Ekko hedei naththam nathi wei..
    Samahara minissu gena nam katha karala wedak na machan.
    Api anith unta adarshayak wemu echcharai,hedena ekek hedei...
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    අද මිනිස්සු කුහකයි බන්. ආත්මාර්ථකාමියි. ඒ මිනිස්සුමනෙ වාහන එලවන්නෙත් ඉතින්.

    ඔය වගේ වෙලාවල් එනවා. බය නැතුව ෆේස් කරන්න ඕනේ. ජනාකීර්ණ තැනක නම් උබේ නෙමෙයි නම් වරද, බය නැතුව ගේම ඉල්ලපන්. මිනිස්සු ඔහොම තමයි.

    ඔව් බන් මිනිස්සු පුදුම විදියට කුහක වෙලා තියන්නේ .....
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ඔහොම තමා වටේ ඉන්න වුන්ට තමා අමාරුව


    මනුස්සයෙක් කරදරේක වැටුනම වටේ ඉන්න එවුන් මාරම ආතල් එකක් ගන්නේ .....
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ekekta kela unama wate aya manasika sathutak labanawa,eka machan lankawe stress wedi kamai,law ekak nethi kamai,salli nethi ekai oya okoma ekathu wela ena deyak.oka self preservation method ekak brain eke.

    ඇයි බන් අපේ සිංහල එවුන්ට මෙහෙමෙ වෙලා තියන්නේ ....
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    Mekai scene eka machan loke un hadanna apita be.
    Un oya size eken idala kohoma hari honda hotel ekakata set una gaman ambanekata kai.
    Ekko hedei naththam nathi wei..
    Samahara minissu gena nam katha karala wedak na machan.
    Api anith unta adarshayak wemu echcharai,hedena ekek hedei...



    සිරා කතාව බන් ....