Buddhist aya enna.. report this

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Telegram කියන App එක සම්බන්ධයෙන් මේ දිනවල අපේ රටේ වැඩිවශයෙන් කතා වෙනව. මොකද ඒ බුදු හිමියන්ට නිගරු වනසේ බුදු හිමියන්ගේ රුව විකෘති කළ ” Modern Buddha ” Stickers pack එකක් දක්නට ලැබීමත් සමගයි.

    මේ Telegram කියන්නෙ භාවිත කරන ඕන කෙනෙක්ට තමන් කැමති විදියට Develop කරන්න පුලුවන් App එකක්. ඒ වගේම තමයි ” Modern Buddha ” කියන Stickers pack එක telegram app එකෙ default එන stickers set එකකුත් නොවෙයි. කවුරුහරි මේකට එකතු කරපු Stickers pack එකක්.

    මෙතනදි Play Store ගිහින් Telegram App එක රිපෝට් කරල පලක් නැහැ. මේ Stickers pack එක ඉන් ඉවත්කරන්න report කළ යුතු නිවැරදි ක්‍ර‍මය තමයි [email protected] කියන ඊමේල් ලිපිනයට https://telegram.me/addstickers/ModernBuddha ලින්ක් එකත් එක්කම, මේ Stickers pack එකෙන් බුදුහිමියන්ට අගෞරවයක් වෙනව, කරුණාකර මෙය ඉවත් කරන්න කියල ලිපියක් යැවීම.

    (අපහාසාත්මක ස්ටීකර් කිහිපයක් ඔබට දැක ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ ඔබට අපහසුවකින් තොරව කරුණ වටහා ගැනීම පහසුවනු පිණිසය)


    Image-58-696x398.jpg


    source
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113

    කතාවට 100%ක් එකඟයි. එළාර රජතුමා බුදු දහම ශ්‍රී ලංකාවෙන් අතුගාලා දාන්න වැඩ කරනකොට, දුටු ගැමුණු රජතුමා යුද්ධ නොකර, එළාර ඔය කරන වැඩ වලින් ශ්‍රී සද්ධර්ම රත්නයට කිසිම හානියක් වෙන්නේ නෑ කියලා හිතලා නිකන් හිටියා නම් උබත් මාත් අද සතර පද ගාථාවක් වත් අහලාවත් නැතිවෙන්න තිබ්බා. බෞද්ධ උනත් කිසිම පන්සිල් පදයක් රකින්නේ නැති කෙනෙක් පවා තමන් බෞද්ධයෙක් කියන වචන මාත්‍රයෙන්ම ඉවසන සුළු හික්මිච්ච්ච පුද්ගලයෙක් බිහි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඉවසීම නිවට නියාළු කමක් වෙන්න බෑ.

    ඔය කතාව ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්, ඒත් 100% එහෙම කරන්න සුදුසු මට්ටමට හිතක් ගොඩ දෙනෙක්ට නෑ. අනික ඔය අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ සාමාන්‍ය හාමුදුරු නමකුත් නෙවෙයි. උන්වහන්සේට ඕවා එච්චර ලොකු දේවල් නෙවෙයි. උන් වහන්සේ ඉන්නේ සියළු සංස්කාර කෙරෙහි උපෙක්ෂාවෙන්. අපිට එහෙම පුළුවන්ද? ගෑනියෙක් හෙළුවෙන් හිටියොත් උබටයි මටයි හිතේ උපේක්ෂාවක් තියේවිද? ඇත්තටම අපිට එහෙම ඉන්න උවමනාවක් තියෙනවද? ඇත්තටම උවමනාවක් නෑ. උවමනාවක් තිබ්බත් එහෙම ඉන්න ලේසිත් නෑ. හැබැයි කවුරු හරි බුදු දහමට අපහස කරනකොට, අපි පට්ට උපේක්ෂාසහගතයි නේද? එහෙම නැතත් අපි එහෙම ඉන්න ආසයි. කාට හරි අපි එහෙමයි ඉන්නේ කියලා හඟවන්න කැමතියි. උන්වහන්සේයි අපියි ඉන්නේ තල දෙකක. ආගමට අපහස වෙන දෙයක් රිපෝර්ට් කිරීමයි, ඔය ස්ටිකර් හදපු එකාගෙ ඇඟිලි කපන්න ඕන, බෙල්ල කපන්න ඕන, කස පහර දෙන්න ඕන, ගල් ගහලා මරන්න ඕන කියන ඒවයේ ලොකු වෙනසක් තියෙනවා. නාගයා උනත් අවශ්‍ය වෙලාවට, දෂ්ඨ කිරීම කෙසේවෙතත් අඩුමගානේ පෙනේ වත් පිප්පුවෙ නැති උනොත්, දර මිටියේ ගැට ගහන එක නවත්තන්න බෑ මහත්තයෝ. බෞද්ධයට වෙලා තියෙන්නෙම ඕකයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕව ඔච්චර ගනන් ගන්න එපා බන්... රිපොර්ට් කරා කියල ඕව නවත්තන්න බෑ.. මම දැකල තියන විදියට සාමාන්‍යයෙන් බටහිර මිනිස්සු බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නෙ නෑ. හැබැයි ඒ මිනිස්සු බුදුහාමුදුරුවන්ව අර්ත දක්වන්නෙ අපි අර්ත දක්වන විදියට නෙමෙයි. අන්න ඒ වගේ අවස්තා අපිට පේන්න පුලුවන් අපහාස කිරීම් කියල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕව ඔච්චර ගනන් ගන්න එපා බන්... රිපොර්ට් කරා කියල ඕව නවත්තන්න බෑ.. මම දැකල තියන විදියට සාමාන්‍යයෙන් බටහිර මිනිස්සු බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නෙ නෑ. හැබැයි ඒ මිනිස්සු බුදුහාමුදුරුවන්ව අර්ත දක්වන්නෙ අපි අර්ත දක්වන විදියට නෙමෙයි. අන්න ඒ වගේ අවස්තා අපිට පේන්න පුලුවන් අපහාස කිරීම් කියල.

    නෑ බන් එහෙම අවුලක් නෑ. ආගමික ශ්‍රාස්තුවරයෙක්ව කාටූන් එකක ඇන්දයි කියලා උද්ගෝෂන කරලා ඇඳපු කෙනාගේ බෙල්ල ඉල්ලපු ලෝකෙක, බුදු හාමුදුරුවන්ගේ රූපය විකෘති කරපු ස්ටිකර් රිමූව් කරන්න කියලා ගෞරවනීය විදිහට ඊමෙල් එකක් දාන එක ඔය හැටි දෙයක්ද බන්. ඔය වගේ දෙයක් වත් නොකරන කම්මැලි ජාතියක් වෙන්න දෙන්න බෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් ඔකේ එච්චර් ලොකු අවුලක් පේන්නේ නැ බන්. මහායන දර්මයේ එන බුදුහාමුදුරුවන්ට කනට් කරාබුදාලා ලාෆින් බුද්දා කියලා බඩ අතගාලා සල්ලි දෙන සීන් තියෙන්නේ.. මම මේ ලන්කාවේ කුරුනැගල දැක්කා ෆෙන්ශුයි ද මොකක්ද මන්දා ඉලව්වක්. ඒකේ හැල්ලු කරන්නේ කෙලින්ම මහයාන බුදු හාමුදුරුවො. ඔතන සන්ස්කෘතීන් දෙකක අවුලක් වගෙයි මට පේන්නේ. මම වැරදි ඇති සමහරවිට. රිපොට් කරලා මම හිතන්නේ නැ ඔක රිමූව් කරයි කියලා..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෑ බන් එහෙම අවුලක් නෑ. ආගමික ශ්‍රාස්තුවරයෙක්ව කාටූන් එකක ඇන්දයි කියලා උද්ගෝෂන කරලා ඇඳපු කෙනාගේ බෙල්ල ඉල්ලපු ලෝකෙක, බුදු හාමුදුරුවන්ගේ රූපය විකෘති කරපු ස්ටිකර් රිමූව් කරන්න කියලා ගෞරවනීය විදිහට ඊමෙල් එකක් දාන එක ඔය හැටි දෙයක්ද බන්. ඔය වගේ දෙයක් වත් නොකරන කම්මැලි ජාතියක් වෙන්න දෙන්න බෑ.

    ඔව් සාම්කාමීව විරුද්දත්වයක් දැක්වුවට කමක් නෑ.., අඩුම ගානෙ උන් කරන දෙයින් අපිට රිදෙනව කියලවත් උන් දැනගනීනෙ.
    මම කියන්නෙ ඕව එච්චර ලොකුවට හිතන්න එපා කියල, මොකද අපේ බුදු හාමුදුරුවො නෙමෙයි උන්ගෙ බුදුහාමුදුරුවො...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් සාම්කාමීව විරුද්දත්වයක් දැක්වුවට කමක් නෑ.., අඩුම ගානෙ උන් කරන දෙයින් අපිට රිදෙනව කියලවත් උන් දැනගනීනෙ.
    මම කියන්නෙ ඕව එච්චර ලොකුවට හිතන්න එපා කියල, මොකද අපේ බුදු හාමුදුරුවො නෙමෙයි උන්ගෙ බුදුහාමුදුරුවො...
    Zhisus-635x445.jpg


    මන්දා මන්දා. උබලට කැමැත්තක්. මෙන්න ඔය ලබ්බ බලද්දි මට හම්බ උන දේ. අනේ මන්දා එක්කො මේ ඇප් එක කරන එක ඒතියස්ට් නැත්තම් මොන්ගල්. මම හිතන්නේ නැ රිපොට් කරලා වැඩක් වෙයි කියලා..