මට නම් ඔකේ එච්චර් ලොකු අවුලක් පේන්නේ නැ බන්. මහායන දර්මයේ එන බුදුහාමුදුරුවන්ට කනට් කරාබුදාලා ලාෆින් බුද්දා කියලා බඩ අතගාලා සල්ලි දෙන සීන් තියෙන්නේ.. මම මේ ලන්කාවේ කුරුනැගල දැක්කා ෆෙන්ශුයි ද මොකක්ද මන්දා ඉලව්වක්. ඒකේ හැල්ලු කරන්නේ කෙලින්ම මහයාන බුදු හාමුදුරුවො. ඔතන සන්ස්කෘතීන් දෙකක අවුලක් වගෙයි මට පේන්නේ. මම වැරදි ඇති සමහරවිට. රිපොට් කරලා මම හිතන්නේ නැ ඔක රිමූව් කරයි කියලා..
මාත් ඒත් ඔක කල්පනා කලා.. උබ කියන කන් එහෙම සීන් එකක් දැනන් උන්නේ නැ. කුරුනැගල බස් ස්ටැන්ඩ් එක උඩ කඩ පේලියේ ශොප් එකක් කරන් යන්නේ. හෙන විකාරයක්. මිනිස්සු සල්ලි හම්බ වෙනවා කියලා ඒකට් සල්ලි දානවා. සමහර බස්කාරයො ඒක බස් එකේත් තියාගෙන හදුන්කූරු පත්තු කරලා සල්ලි දානවා. ඒ වගේ දේවල් ලන්කාව ඇතුලේ කරන උන්ව අල්ලලා ඇට තලන්න ඔනා. මිනිස්සු නොමග යවනවට.ඒ බුදු හාමුදුරුවො නෙවෙයි බන්. ඒ රටවල් වල ධනයට අධිපතියි කියලා සලකන, බූදායි කියන දේව රූපය. පෙනුමින් එක වගේ නිසා නොදන්න සුද්දා "ලාෆින් බුද්ධා" කියලා කියනවා. සල්ලි ලැබෙනවා නම් අම්මා තාත්තවයි උනත් විකුණන සිංහළු ඔය පිලිමේ තමන්ගේ ව්‍යාපාර කරන තැන්වල තියන්න ගත්තා.
ඔව් සාම්කාමීව විරුද්දත්වයක් දැක්වුවට කමක් නෑ.., අඩුම ගානෙ උන් කරන දෙයින් අපිට රිදෙනව කියලවත් උන් දැනගනීනෙ.
මම කියන්නෙ ඕව එච්චර ලොකුවට හිතන්න එපා කියල, මොකද අපේ බුදු හාමුදුරුවො නෙමෙයි උන්ගෙ බුදුහාමුදුරුවො...
![]()
මන්දා මන්දා. උබලට කැමැත්තක්. මෙන්න ඔය ලබ්බ බලද්දි මට හම්බ උන දේ. අනේ මන්දා එක්කො මේ ඇප් එක කරන එක ඒතියස්ට් නැත්තම් මොන්ගල්. මම හිතන්නේ නැ රිපොට් කරලා වැඩක් වෙයි කියලා..
පිස්සු උත්තලා නේ බන්. ඔන්න මමත් රිපොට් කලා.ඕවා උන්ගේ වැඩ නෙවෙයි බන්. ඕන කෙනෙක්ට ස්ටිකර් හදලා දාන්න පුළුවන්.
abuse@ ඊමේල් එක තියෙන්නේ අනවශ්‍ය දේවල් රිපෝර්ට් කරන්න
මේකටත් ඊමේල් එකක් දැම්මා

බෝධිසත්වයො මනුස්ස ලෝකෙට යන්න සුදුසුම කාලය කියල මීට අවුරුදු 2600ක් විතර ඉස්සර කාලයක් තීරණය කරපු එක හරි කියල මට දැන් තමයි තේරෙන්නෙ.![]()

මේක කොහේ තියෙන පිළිමයක්ද කියලා මම දන්නේ නෑ, මේවා අයින් කරවන්න ක්‍රිස්තියානි අයට උවමනාවක් තියෙනවද නැද්ද කියන එක මට ගැටළුවක් තියෙනවා.
"jesus fucking christ" කියන හේතුව දැන දැනමත්, චර්ච් යන අය පවා පොඩ්ඩ එහා මෙචා වෙච්ච ගමන් ක්‍රිස්තියානි අයම කිසිම ගානක් නැතුව එහෙම කියන්නේ ඇයි කියන එක ගැන මට එදා ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක්.
ඒක තමයි බන් එක එක සන්ස්කෘති වල වෙනස.. අන්න ඒකට සාපේස්ශව තමයි ඔය බදුහාමුදුරුවන්ට හදන දේවලුත් බලන්න වෙන්නෙ...
කතාවට 100%ක් එකඟයි. එළාර රජතුමා බුදු දහම ශ්‍රී ලංකාවෙන් අතුගාලා දාන්න වැඩ කරනකොට, දුටු ගැමුණු රජතුමා යුද්ධ නොකර, එළාර ඔය කරන වැඩ වලින් ශ්‍රී සද්ධර්ම රත්නයට කිසිම හානියක් වෙන්නේ නෑ කියලා හිතලා නිකන් හිටියා නම් උබත් මාත් අද සතර පද ගාථාවක් වත් අහලාවත් නැතිවෙන්න තිබ්බා. බෞද්ධ උනත් කිසිම පන්සිල් පදයක් රකින්නේ නැති කෙනෙක් පවා තමන් බෞද්ධයෙක් කියන වචන මාත්‍රයෙන්ම ඉවසන සුළු හික්මිච්ච්ච පුද්ගලයෙක් බිහි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඉවසීම නිවට නියාළු කමක් වෙන්න බෑ.
ඔය කතාව ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්, ඒත් 100% එහෙම කරන්න සුදුසු මට්ටමට හිතක් ගොඩ දෙනෙක්ට නෑ. අනික ඔය අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ සාමාන්‍ය හාමුදුරු නමකුත් නෙවෙයි. උන්වහන්සේට ඕවා එච්චර ලොකු දේවල් නෙවෙයි. උන් වහන්සේ ඉන්නේ සියළු සංස්කාර කෙරෙහි උපෙක්ෂාවෙන්. අපිට එහෙම පුළුවන්ද? ගෑනියෙක් හෙළුවෙන් හිටියොත් උබටයි මටයි හිතේ උපේක්ෂාවක් තියේවිද? ඇත්තටම අපිට එහෙම ඉන්න උවමනාවක් තියෙනවද? ඇත්තටම උවමනාවක් නෑ. උවමනාවක් තිබ්බත් එහෙම ඉන්න ලේසිත් නෑ. හැබැයි කවුරු හරි බුදු දහමට අපහස කරනකොට, අපි පට්ට උපේක්ෂාසහගතයි නේද? එහෙම නැතත් අපි එහෙම ඉන්න ආසයි. කාට හරි අපි එහෙමයි ඉන්නේ කියලා හඟවන්න කැමතියි. උන්වහන්සේයි අපියි ඉන්නේ තල දෙකක. ආගමට අපහස වෙන දෙයක් රිපෝර්ට් කිරීමයි, ඔය ස්ටිකර් හදපු එකාගෙ ඇඟිලි කපන්න ඕන, බෙල්ල කපන්න ඕන, කස පහර දෙන්න ඕන, ගල් ගහලා මරන්න ඕන කියන ඒවයේ ලොකු වෙනසක් තියෙනවා. නාගයා උනත් අවශ්‍ය වෙලාවට, දෂ්ඨ කිරීම කෙසේවෙතත් අඩුමගානේ පෙනේ වත් පිප්පුවෙ නැති උනොත්, දර මිටියේ ගැට ගහන එක නවත්තන්න බෑ මහත්තයෝ. බෞද්ධයට වෙලා තියෙන්නෙම ඕකයි.

nice reply
Well Said!!..Oya pene puppana kathawa Brahamavanso Hamuduroma kiyela tiyenewa..."Hiss but do not Bite"