WTCයට වඩා හතර ගුණයකින් උසට හැදෙන WCC
තට්ටු 40 ක් තියන කොටුවෙ ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු දෙකට වඩා හතර ගුණයක් උස ගොඩනැගිල්ලක් ලංකාවේ හැදෙනවා.
2017 අවුරුද්දේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න ලහි ලහියේ සූදානම් වෙන WCC එහෙමත් නැත්නම් World Capital Centre ගැන තමයි මේ කියන්න යන්නේ.
ලංකාවෙ උසම ගොඩනැගිල්ල වෙන ලෝක වෙළද මධ්‍යස්ථානයෙ උස මීටර් 152 ක්. ඒ වගේම දැනට ඉදිකෙරෙන නෙළුම් කුළුනෙ උස මීටර් 350 ක්. හැබැයි WCC සද්දන්තයාගෙ උස මීටර් 625 ක්. ඒ අනුව මෙය ලංකාවේ උසම ගොඩනැගිල්ල බවට පත්වීමට නියමිතයි.
ඒ වගේම ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් 9 වන ස්ථානයට පත් වීමටත් සුදානම්.
WCC ලොව විශාලතම භූමි වර්ග ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ලද වනවා. WCC ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය 800,000 ක් වන අතර කුළුණක් වශයෙන් ගත් කල ලොව විශාලතම වර්ගඅඩි ප්‍රමාණය සහිත ගොඩනැගිල්ල ද වන්නේ WCC ගොඩනැගිල්ලයි.
මහල් 117 කින් සමන්විත වෙන මෙහි තරු හතේ හෝටලයක් සහ හෝටල් කාමර 2000ක් තියෙනවා. ඒ විතරක් නෙමේ බැංකු,අධ්‍යාපනික ආයතන,නිමි ඇදුම්,සම්මන්ත්‍රණ ශාලා,විනෝදාස්වාදය වගේ තේමාවන්ට අනුව කළාප 50 කට වෙන් කරලා තියන WCC කුළුන ඇතුලෙ සාප්පු 3000 ක් තියන ලංකාවෙ ලොකුම වෙළද මධ්‍යස්ථානයත් ඉදිවෙනවා.
මුළු ලෝකයටම පේන්න ලංකාවෙන් අහසට නගින මේ ගොඩනැගිල්ල ලංකාවෙ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්න තමයි නියමිත.

source: gossipking