www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.
මේ උඹලට කියන්න යන්නේ මගේ බොසාට www.xiaomi.lk මේ සයිට් එකෙන් xiaomi mi max එකක් ගන්න ගිහින් වෙච්ච වින්නැහියක් ගැන. මේක කියන්නේ එලකිරියේ ඉන්න හැමෝම දැනුවත් කරන්න මිසක් කාටවත් මඩ ගහන අදහසකින් නෙවෙයි.
මුලින්ම කියන්න ඕන මේක xiaomi සමාගමේ සයිට් එකක් නෙවෙයි. ඩීලර් කෙනෙක්ගේ සයිට් එකක් මේ නමින් යන්නේ. සයිට් එක ලස්සනට තියෙනවා නියම සයෝමි සයිට් එකේම තීම් එහෙම අරගෙන. තාම සයෝමී සමාගමේ ස්ටෝර් එකක් ලංකාවේ නැහැ. (අපේ බොසා චීනෙටද කොහේදෝ කතා කරලා මේක තහවුරු කර ගත්ත නිසා කියන්නේ)
අපේ බොසාට ඔරිජිනල් සයෝමි එකක් ගන්න ඕන කියලා මේ සයිට් එකේ මිලයි අනිත් නෙට් එකේ ෆොන් සයිට් වලයි මිල ගනන් බැලුවා. එදා දෙසැම්බර් 10 වගේ දවසක. තව ඕන තරම් අඩුවට තිබුනා. ඒත් මිනිහාට ඔරිජිනල්ම ඕන කියලා මේ සයිට් එකෙන් ඕඩර් කරන්න තීරනය කරා. වෙච්ච දේවල් පහලින් කරුනු වශයෙන් ලියලා දානවා නැත්නම් මේක දවස් ගානක් ලියන්න වෙන කතාවක්.
පැහැදිලිවම මුන් හොරු නෙවෙයි. කැනඩාවේ ආයෝජන කතා කිව්වට යාන්තම් අටවා ගනිපු කම්පැනියක්. කම්පැනියක් කියන්න බැහැ මේකට. පොඩි කම්පැනියක් උනත් කමක් නැහැ බොරු කියන්නේ නැත්නම් කස්ටමර්ලාට හොදට සලකනවානම්. තනි බොරු කාංරයෝ.. මුන් තනි බොරු කාරයෝ. කියන වෙලාවට කිසිම දෙයක් කියපු වෙලාවට කරන්නේ නැහැ. අනිවාර්කියෙන්යම අමතක කරනවා. කියන්නෙම බොරු. ආන්ඩුවේ කන්තෝරු මීට හොදයි බං. සත පහකට ගනන් ගන්නේ නැහැ. අපි උන්ගෙන් නිකන් ගන්න ආව වගෙයි කතාව. මුන්ගෙන් ෆොන් එකක් අරන් කැඩුනොත් දෙවියන්ගෙම පිහිටයි. හිතපල්ලාකෝ ගන්න මෙච්චර නහින්න ඕන නම් වොරන්ටි ක්ලේම් කරන්න ගියොත් කොහොම හිටීද කියලා.
බොසාට නම් සල්ලි තියෙනවා. කැඩුනොත් අලුත් එකක් ගනියි. ඒත් අපිට උනොත් අනාතයි. ඒකයි අපි වගේ උන් දැනුවත් කරන්න මේක දැම්මේ.

- හා පුරා කියලා විස්ථර දැන ගන්න කස්ටමර් කෙයාර් නොම්මරේට කතා කලා. ඒක වැඩ නැහැ. (කස්ටමර් කෙයාර් නොම්මරේ බිසී වෙනවා මිසක් වැඩ නොකරන වෙනත් කම්පැනි නම් මම දන්නේ නැහැ)
- ඊමේල් එකට මේල් එකක් දැම්මා විස්තර අහලා .... මෙන්න බොලේ මේල් එක රිටර්න් වෙනවා පර්මනන්ට්ලි නොට් සෙන්ඩ් කියලා. (වැඩ කරන මේල් එකක් නැති සමාගමක් මේකාලේ තියෙනවාද )
- වෙන මේල් එඩ්රස් වලින් යවලා බැලුවා. ඒත් ඒ සෙතේමයි.
- පස්සේ සයිට් එකේ තියෙන ඩීලර් කෙනෙක්ගේ නොම්මරේ හොයාගෙන කතා කලා
- උෟ නම් කතා කලා. උෟ තව මොබයිල්නො නොම්මරයක් දුන්නා. ඒකටත් කතා කරාම රපියල් 10 000ක් ගෙවලා කලින් ඕඩර් කරන්න කිව්වා. ඒක සයිට් එකෙන් ගෙවන්න පුළුවන් කිව්වා.
- සයිට් එකෙන් ගෙවන්න හැදුවාම ගෙවන්න බැහැ.දවස් දෙකක් විතර ගෙවන්න බැලුවා. ඒත් බැහැ. ආයෙත් අර නොම්මරේට කතා කලාම සයිට් එක වැඩ නැහැ . එකවුට් නෙම්මරයක් එවන්නම් කියලා ඊමේල් එක එස්එම් එස් කරන්න කිව්වා. (උන් කරන්නේ ඔන්ලයින් සේල්ස් එත් සයිට් එක වැඩ කරන්නේ නැහැ. )
- දවසක් බලන් හිටියා මේල් එක එනකම් ආවේ නැති නිසා ආයෙත් කතා කලා. මෙන්න ඒකී ආන්සර් කරන්නේ නැහැ දැන්.
- ආයෙත් අර ඩීලර්ට කතා කරලා සේල්ස් මැනේජර්ගේම නොම්මරයක් ඉල්ලගෙන කතා කලා. එයත් වෙච්ච ප්‍රමාද දෝශය ගැන සමාව බජනය කරලා ආයෙත් මේල් එඩ්රස් එවන්න කිව්වා. (ඉංග්‍රිසි නම් සුපිරි)
- දවසක් බලන් ඉදලා ආයෙත් කතා කලා. ඒ පාර කියාපි එවලා තියෙන්නේ ලැබුනේ නැද්ද කියලා. අපිත් බැලුවා වැරදීමක් වෙලා අපිට මිස් වෙලාද කියලා. නෑ උන් එවලා නැහැ.
- ආයෙත් සමාව භජනය කරලා කිව්වා හවසට අනිවාර්යෙන්ම එවන්නම් කියලා. ඒත් ආවේ නැහැ.
- නොම්මරේ ඉල්ලගන්න හය පාරක් කතා කලා. ඊට වැඩිය එස් එම් එස් රිමයින්ඩර් යැව්වා.
- මම බොසාට කිව්වා සර් මුන් කස්ටමර්ලා ගන්න් ගන්න උන් නෙවෙයි. රෙපෙයාර් කරන්න වොරන්ටි ක්ලේම් කරන්න එහෙම උනොත් අනාතයි කියලා.
- ඒත් බොසා ඇරියේ නැහැ. ඊළග දවසේ රුපියල් 10000ක් ගෙව්වා බලෙන්ම් ෆොන් ලයින් එකේ තියාගෙනම බැංකු ඩීටේල් ඉල්ලාගෙන.
- පස්සේ කියාපි ෆොන් එකේ ස්ටොක් නැහැ සුමාන තුනක් අතුලත බඩු ගෙදරටම ගෙනත් දෙනවා කිව්වා.
- සුමාන දෙකකින් කතා කරලා බැලුවා . චෙක් කරලා බලලා කොල් කරලා කියන්නම් කිව්වා. එත් කෝල් එකක් ලැබුනේ නැහැ.
- තුන්වෙනි සතියෙන් කතා කලා. ඒත් අර උත්තරයම තමයි.
- ආයෙත් කතා කරාම කියාපි බඩු තියෙනවා ඒත් අපි ඉල්ලපු පාට නම් නැහැ කියලා. තව ආයේ ගෙන්නනකන් තව සති තුනක් ඉන්න බැරි නිසා තියෙන පාටක් එවන්න කිව්වා.
- පස්සේ මේල් එඩ්රස් එක ආයෙත් ඉල්ලනවා ඩිලිවරි එඩ්රස් එක කන්ෆර්ම් කරලා එවන්න කියලා.
- අපිට උන් මේල් එව්වට උන්ගේ මේල් එකට මොන මේල් එඩ්රස් එකෙන් යැව්වත් යවන්න බැහැ.
- පස්සේ අපිට වැඩේ ෂුවර් නැති නිසා හැංගිච්ච මිල ගනන් එහෙම තියෙනවාද බලන්න තව කීයක් ගෙවන්න තියෙනවාද කියලා මේල් එකක් එවන්න කිව්වා.
- දැන් මේල් එක එවන්නේ නැහැ. පස්ස ගහනවා. මේල් එක එවනකම් බඩු එවන්න එපා කියලා අපි කිව්වට පස්සේ මේල් එකක් එව්වා.
- නිකම්ම ගෙදරට එවනවා කියපු බඩුවට තව ගානක් තියෙනවා. ඒකයි මුන් පස්ස ගැහුවේ. දැන් කියපි ගෙවන්න තියෙන ඉතිරි ගානට 3%ක් ඕන කියලා. ඒකට අමතරව කුරියර් ගාස්තුත් ඕනලු. (ෆොන් එකේ මිල 39250/= මුලින් ගෙව්වා 10.000 ඉතිරියි 29250)
- ඊට පස්සේ අපි කිව්වා හරි කමක් නැහැ සේරම දේවල් ඇතුලත්ව සම්පූර්ණ ගාන දාලා මේල් එකක් එවන්න කියලා.

කට උත්තර නැති වෙන්න හොදටෝම දොස් කිව්වට පස්සේ රිෆන්ඩ් දෙන්නම් කියලා. කියනවා 

ඒක කියන්න මෙච්චර කල් බලන් ඉන්න ඕනද.- අපි කිව්වා සැටිස්නම් නැහැ තමයි ඒත් තව කාලයක් ඉන්න බැහැ ඕක එවන්න කියලා.
- තාම බඩුත් නැහැ මේල් එකක් නැහැ.