Menna Maru ekak - Worth only for 18+

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Jayalal-Rohana-640x300.jpg


    මේ තරුණ පරම්පරාව ඉතාම බුද්ධිමත් පරම්පරාවක් බව පේන්න තියෙනවා. ඔබ එයට එකඟද?

    මොන පිස්සුද? අපිට එහෙම පෙනුණට එහෙම නෑ. ඒ අය වැඩිහිටි ගුණ්ඩුවලට අහුවෙලා ඉන්නේ. දැන් ඔය පාර්ලිමේන්තුකාරයෝ ඉන්නවා නේද? උන් සේරම එකවල්ලේ පොල්. උන්ගේ බඩවඩා ගන්න, උන් මිනිස්සුන්ට අසූචි වුණත් කන්න දෙනවා. මෙන්න මේ අය තමයි තරුණ පරම්පරාවට ගුණ්ඩු දෙන්නේ. ඒ ගුණ්ඩුව ගිල්ලවන්න උන් මොකද කරන්නේ? තරුණ පරම්පරාවට වැඩිපුර ආතල් දෙනවා. දීලා උන්ගේ කරල කපා ගන්නවා.

    එතකොට මේ පේන තරම්, මොරාල් එකක් තරුණ පරම්පරාවට නැද්ද?

    මොරාල් එකක් නෑ විතරක් නෙවෙයි, ඒ අය හරිම ආත්මාර්ථකාමීයි. උන් ඉගෙන ගන්න එනකොට සර් කියාගෙන ඇවිත් උන්ට හරි ගියාම මචං කියාගෙන එන සයිස් එකක් තියෙන්නේ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ උෟ හිතනවා උෟ තරම් කෙනෙක් තවත් නෑ කියලා.

    මේ වෙද්දී ලංකාවේ සෑහෙන තරුණ සංවිධාන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. නමුත් තරුණ්‍යයට නිසි දැක්මක් නෑ. එහෙම වෙන්නේ ඇයි?

    මගේ ආයු කාලය තුළ මම ඔය වගේ සංවිධාන ගණනක හිටියා. ඕවා සේරම සෝඩා ගෑස් තමයි. දැන් මේ ආණ්ඩුව පත් කරන්න, ගිය ජනවාරි අටවැනිදා මහා විප්ලවයක් කරපු තරුණ සංවිධාන දැන් කෝ. සේරම අනාථයිනේ. ඒ නිසා ඔය වගේ සංවිධානවලට යද්දී අරමුණු, ප්‍රතිපත්ති ගැන හොයලා බලලා යන්න. නිකං “මචං වරෙන්” කිව්වට ඒවට යන්න එපා. තරුණයන්් ලෙස සංවිධානය වීම කියන්නේ වෙනම වැඩක්.

    තාරුණ්‍යය සහ ඔවුන්ගේ දේශපාලන දැක්ම පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

    අපෝ කිසි තේරුමක් නෑ. දැන් කුරුණෑගලදි අපේ තරුණ කලාකරුවෝ පිරිසක් පිකටින් එකක් කළා. පිකටින් එක කළේ පැවැති ආණ්ඩුව ගෙදර යවලා මේ තියෙන ආණ්ඩුව ගේන්න. ඒ වෙලාවේ එක කාලකණ්ණියෙක් අපේ කලාකරුවන්ට ගල් ගැහුවා. අද ඒ කාලකණ්ණියා මේ ආණ්ඩුවේ සංවිධායක කෙනෙක්. ඉතිං දැන් තේරුමක් තියෙනවද?

    දැන් තරුණ පරම්පරාව විතරක් නෙවෙයි, කලාවත් අයාලේ ගිහිල්ලා. අන්න ඒකට විසඳුමක් නැද්ද?

    නෑ. ආයේ බිහිවෙන්නෙත් නෑ. මෙච්චර කල් වේදිකාව විතරයි බේරිලා තිබුණේ. හෙට අනිද්දට ඒකත් ඉවරයි. හේතුව රාජ්‍ය නාට්‍ය උළෙල. ඒකේ සම්මානයක් ගන්න නම් කැලණි විශ්වවිද්‍යාලයේ වෙන්න ඕනෑ. ටෙලි සම්මාන උළෙල ටික බලන්න, රයිගම් සම්මානය ලැබෙන්න නම් හොරණ පැත්තේ කෙනෙක් වෙන්න ඕනෑ. සුමති සම්මානයක් ලැබෙන්නේ, ස්වර්ණවාහිනියේ නාට්‍යයක් පෙන්නපු එකෙකුට විතරයි. ඉතිං කොහොමද කලාවක් ඉතුරු වෙන්නේ? මම කියන්නේ ඔය සංස්කෘතික අමාත්‍යාංශය කියන ගුබ්බෑයම තිබිල වැඩක් නෑ. ඒක වහලා දාන්න.

    දිගට හරහට බිහිවෙන විවිධාකාර රැලි මේකට හේතුවක් නෙවෙයිද?

    රැල්ලෙන් ඉතිං පස්ස හෝදන්න තමයි වෙන්නේ. වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ ගැන මට කියන්න වෙන දේකුත් නෑ. එන එන රැල්ලෙන් පස්ස හෝදගන්න.

    මේ කාලේ දකින්න ලැබෙන විශේෂම දෙයක් විදියට ලිංගික උත්තේජනයන් පෙන්වා දෙන්න පුළුවන්. ඉස්සරත් එහෙම තිබුණා. නමුත් දැන් ඒක විතරක් මුළු ජීවිතේම වෙලා. එහෙම නේද?

    ඒක තව ඉස්සරහට තවත් වැඩි වෙයි. මෙහෙම යද්දි පිරිමියෙක් හොයාගන්න වෙන එකක් නෑ. සේරම නපුංසකයෝ තමයි ඉන්නේ. කොලුකාරයෝ වැඩි වෙනකොට කලාවේත් කොලු කතා. කොලු චිත්‍රපට වැඩිවෙයි.

    ඒ වගේම විකෘති කාම ආශාවන්, පුදුමාකාර විදියට වැඩිවෙලා. මේකට හේතුවත් ඉහළ පුටුවල නොහැදියාවම ද?

    දැන් අන්තර්ජාලය බැලුවාම, ත්‍රිබල් එක්ස් ඕන තරම්. ගෘෘප් සෙක්ස් ඕන තරම්. ඒවා බලලා අන්තිමට තමන්ගේ බිරියගෙන්, පෙම්වතියගෙන් ඒවා හදාරන්න යනවා. ඒක බැරි නම් වෙන පාරක් හොයාගන්න බලනවා. මේක තරුණ පරපුරේ වරදක් නෙවෙයි. ඒ අය මේ කිසි දෙයකට වැරැදි නැහැ. මහඋන්ගේ අවජතක මානසිකත්වය තමයි මේකට හේතුව. මහ උන් එකතු වෙලා යං සමයං කරලා.

    නමුත් මේ කිසිදේකට නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක කොටසකට “අලයෝ” කියලා චෝදනා කරනවා නේද?

    ඔව්, කොහොමත් කොහෙත් පාඩුවේ ඉන්න එකා අලයානේ. හැබැයි මේ යන ගේම් එකේ හැටියට පැත්තක් නොගෙන අලයෙක් වෙන එක නම්බුකාරයි. නමුත් ඉතිං අලයෙක් වෙන එකත් ලේසි නෑ. මේ සිස්ටම් එක ඇතුළේ අලයෙක් ඉන්නවා නම් උෟ ඉන්නවා ඇත්තේ හෙණ අමාරුවෙන්. අද වැසිකිළියට යන්නත් දේශපාලනය නැතිව බෑ. අලයෝ තව වැඩිවෙයි ඉස්සරහට. අලයෝ නොවන උන් ඉන්නවා නම්, උන් ඉතිං කොහේ හරි එක පැත්තකට වනන උන් තමයි. ඒ නිසා එහෙම වනවාට වඩා අලයෙක් වෙන එක හොඳයි.

    අපේ රට ආසියාවේ ලොකුම දේවල්වලින් ස්වයංපෝෂිත රටක්. ඒ ගැන මොකද හිතන්නේ?

    ඕවා කළේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුටවත් හරියට ඕ-ලෙවල්වත් නෑ. මෙම අභියෝගයක් කරනවා, A/L පාස් අයට පමණක් ගේනවා කියපු පනත ගේන්න. O/L ත් නැති බූරුවෝ ගියාම ඔය වගේ ආසියාවේ ලොකුම ලබ්බ කරනවා. ආසියාවේ ලොකුම එකක් කියලා හරිගියේ ජයවර්ධනපුර ශික්ෂණ රෝහල විතරයි. අන්න ඒකට නම් මදි නොකියන්න ලෙඩ්ඩු එනවා හොඳට.

    මේ සංස්කෘතිය විනාශවීම නතර කරන්න තරුණ පරපුරට කළ හැකි යමක් නැද්ද?

    මේ රටේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති උන්. සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. හැමදේම ෆැෂන් වුණාම විනාශයි. ඒකත් එතකොට විකෘතියක් වෙනවා. ඒ නිසා කන කෑම ටිකත් හිතලා හොයලා බලලා කන්න. මොකද මේක මහා කාලකණ්ණි රටක් වෙලා ඉවරයි.


    හංසි ආටිගල
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City
    නලින් ද සිල්වා මහත්තයානම් තරුණ පරපුරට කියන්නෙ ak මුල් නැති තරුණ පරපුර කියලා. කොටින්ම එක එක එවුන් කිව්වාට අද තරුණයො අච්චර දියුනුයි මෙච්චර දියුණුයි සංස්කෘතික පරතරය මෙච්චරයි අච්චරයි කියලා තරුණයෙක් විදියට මගෙ පරම්පරාව ගැනම මට එන්නෙ මහ කළ කිරීමක් .ඇත්තටම අපි අක් මුල් නැති තාරුණ්‍යක් තමා. අපිට කියලා හරි හමන් තීරණයක් ගන්න තරම් කොන්දක් නැහැ. සෙරම සොෂල් මීඩියාස් වලින්ම යැපෙන තත්වෙය පත්වෙලා. මෙ එළකිරියෙම බලපන් මම උනත් එක එක එව්වා කරන්නෙ කොහොමද වෙන්නෙ කොහොමද කියලා ත්‍රෙඩ් දාලා ඇති. එහෙම කියක් නම් වැටෙනවාද මෙකෙ ? අපි මෙකට පුරුදු වෙලා දැන්. සෙරම ෆෙස්බුක් එකෙනුයි අනෙක් සොෂල් මීඩියාස් වලිනුයි අහලා බලලා කරන්න තරම්. එකත් අනුන්ව සන්තොස කරන්න සහ අනුන්ට ඉරිසියා හිතෙන්න තමන් ගැන. එත් එකෙ කිසි තෘප්තියක් නැහැ.
    මෙ තියෙන ඊනියා තාක්ෂණික දියුණුවවත් සංස්කෘතික පරතරයවත් අපෙ රටවත් අපිවවත් යහපත කරා ගෙනියනවා කියලා කොහෙ හරි ඉන්න එකෙක් කියනවානම් ඌ උපන් ගෙයි හරකෙක්.
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    Jayalal-Rohana-640x300.jpg




    නෑ. ආයේ බිහිවෙන්නෙත් නෑ. මෙච්චර කල් වේදිකාව විතරයි බේරිලා තිබුණේ. හෙට අනිද්දට ඒකත් ඉවරයි. හේතුව රාජ්‍ය නාට්‍ය උළෙල. ඒකේ සම්මානයක් ගන්න නම් කැලණි විශ්වවිද්‍යාලයේ වෙන්න ඕනෑ. ටෙලි සම්මාන උළෙල ටික බලන්න, රයිගම් සම්මානය ලැබෙන්න නම් හොරණ පැත්තේ කෙනෙක් වෙන්න ඕනෑ. සුමති සම්මානයක් ලැබෙන්නේ, ස්වර්ණවාහිනියේ නාට්‍යයක් පෙන්නපු එකෙකුට විතරයි.

    :yes:
    මේ රටේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති උන්. සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. හැමදේම ෆැෂන් වුණාම විනාශයි. ඒකත් එතකොට විකෘතියක් වෙනවා. ඒ නිසා කන කෑම ටිකත් හිතලා හොයලා බලලා කන්න. මොකද මේක මහා කාලකණ්ණි රටක් වෙලා ඉවරයි.


    හංසි ආටිගල

    :yes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සිංහලේ කියලා උජාරුවට ගහගෙන මරුටී පදිනවා. :lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    mama gawrawa karana charithayak thama mey.. ... pora kiyala thiyana serama dewal aththa.. .. labbey ratak meka.. parliment eke path wena eka ballek wath minissu gana hithanne nah..mahindath ekai, maithri raniluth ekai.... serama un apiwama thamban kala ..sepey innawa..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,734
    28,648
    113
    එන එන රැල්ලෙන් පස්ස හෝදගන්න.

    badath ridenewa.. :D:D:D:D:D
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mama nan meya kiyana dewal walata wiruddai.

    50-60-70-80 ganan wala hitapu tharunayo karapu moda weda wala prathipala thamai 1990 passe apu tharunayanta karagahanna wela thienne.

    1950-1980+ hitapu tharunayo thamai me rate kerali 2 k gahala rate lokuma winase keruwe. Thawa oya tharunayoma thamai 1950 ganan wala idan Jathiwadi kolahala ethi karala WAR eka genawe.

    Anika rate politicians lata bennata Sri Lankawa issara thibune 3rd world country ekak kiyala. Den kiyanne 2nd world country ekak kiyala. Rate minissunge duppath kamath 1960-1970 ganan walata wada godak adui.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Mama nan meya kiyana dewal walata wiruddai.

    50-60-70-80 ganan wala hitapu tharunayo karapu moda weda wala prathipala thamai 1990 passe apu tharunayanta karagahanna wela thienne.

    1950-1980+ hitapu tharunayo thamai me rate kerali 2 k gahala rate lokuma winase keruwe. Thawa oya tharunayoma thamai 1950 ganan wala idan Jathiwadi kolahala ethi karala WAR eka genawe.

    Anika rate politicians lata bennata Sri Lankawa issara thibune 3rd world country ekak kiyala. Den kiyanne 2nd world country ekak kiyala. Rate minissunge duppath kamath 1960-1970 ganan walata wada godak adui.


    good points machan

    dan inna taruna parapurata oya kisima deyaka value ekak na kiyala nam kiyana puluwan ..jatiwadaya agamwadaya sahenna adui
    western countries hadena widihata tamai hadenne
    tawa tika dawasak yanakota mekat nati wenawa