දිවයිනේ ප‍්‍රදේශ රැසකට හෙට සිට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලට එලෙස වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසුවේ.
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවල (මි.මී.100 ට වැඩි) තද වැසි ඇතිවිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.
අද (21) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පොළොන්නරුව සහ මාතලේ දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයකින් තද වැසි වාර්තා වූ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම කාල සීමාවේ දී මිලිමීටර් 62.05ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ අරලංගන්විල ප‍්‍රදේශයෙන්.