sex neme ban, mulinmaa uba ohomai kyla denagtte koi kaleda uba, ammala mulinma denagatte khmda
මට මතක විදිහට මම පුරුදු වුණේ පොඩි කාලේ ගෙවල් ලග යාලුවෝ දෙන්නෙක් එක්ක. එතකොට වයස 10ක් වගේ ඇති මම හිතන්නේ. ඒ දවස් වල ඉතිං අල්ලන සෙල්ලම් තමයි තිබ්බේ. මම අහලා තියෙන විදිහට පොඩි කාලේ මේ වගේ සම්බන්දකම් කාටත් තියෙනවලු. ඒත් ඒවා දිගටම යන්නේ නෑ කියලා කියනවා.
ඒ යාලුවොත් එක්ක දිගටම A/L කරනකන් වගේ තිබ්බා සම්බන්දේ. ඒ දවස්වල ඇත්තටම ආසාව විතරයි තිබ්බේ. කෙල්ලෝ ගැන interest තිබ්බා. මම ආදරය කරපු කෙල්ලෝ හිටියා. කෙල්ලෝ එක්ක Affairs තිබ්බා. හැබැයි ඒ අයත් එක්ක කවදාවත් සෙක්ස් කරේ නෑ.
ඊට පස්සේ ජොබ් එකට ගියා. ජොබ් කරපු තැන කෙල්ලෙක් එක්ක යාලුවුනා. ඒත් මගේ යටිහිතේ ආසාව ගියේ නෑ. එච්චරම කෙල්ල එක්ක ඉන්න ආසාවක් තිබ්බේ නෑ.
කොහොමහරි සමාජ සම්මතය නිසා මට බදින්න වුනා. ඔය අතරේ මට සමරිසි ආදරයක් ඇතිවුණා ඒත් බැදපු කෙනෙක් එක්ක. අපේ පවුල් දෙක ගොඩාක් ලගින් හිටියේ.
ඇත්තම කිව්වොත් මම වයිෆ්ට වඩා එයාට ආදරය කරා. සෙක්ස් වුනත් කරන්න ඕන නිසා කරා මිසක් ආසාවක් තිබ්බේ නෑ.
කාලයක් යද්දී වයිෆ් ට මගේ මැසේජ් අහුවුනා. අපි අතර සම්භන්දයක් තියෙනවා කියලා දැනගත්තා. මගෙන් ඇහුවා. මම කිව්වා මට දෙන්නාම ඕන කියලා. පස්සේ වයිෆ්ගේ ගෙදර අය එයාව ගෙදර ගෙන්වාගෙන මාව කන්ට්රෝල් කරන්න හැදුවා. පොලිසියේ ලිව්වා මම ගේ කියලා. ඒ දෙමාපියන්ට ඕන වුනා අපිව ඩිවෝර්ස් කරන්න. අන්තිමට වයිෆ්ට සිද්ධ වුනා දෙමාපියන්ට අවනත වෙන්න. ඉතිං අපි වෙන්වුනා. මගේ දෙමාපියෝ තමයි මාත් එක්ක පොලිසි ගානේ ගියේ. මට එයාලා බැන්නේ නෑ. ආදරේ අඩුවක් කරේ නෑ.
තව දෙයක් ඒ මගේ පාට්නර්ගේ වයිෆ් වුනත් අපිව තේරුම් ගත්තා. අන්තිමට මම එයාට තේරුම් කරලා දීලා සම්බන්දේ නතර කරා. මම තනි වුණා. මට ඕන වුනේ නෑ ඒ පවුල කඩන්න. මම හිතුවේ එයාලා සතුටින් ඉන්න ඕන කියලා විතරයි. මම දුක දරාගෙන අයින් වුනා. ඒත් තාමත් ඒ ෆැමිලි එක මාත් එක්ක කතා කරනවා. අපේ අම්මලා එක්ක කතා කරනවා. ඒ අය අපිව තේරුම් ගත්තා.
ඔන්න අහපු දේට මගේ කතාව කෙටි කරලා කිව්වා.

Last edited:





