අද වන විට රටේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්ව ඇති බවත්, එය වසා ගැනීමට වත්මන් ආණ්ඩුව විවිධ පුවත් මවමින් කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් ,රේණුක දුශ්‍යන්ත පෙරේරා පවසනවා.අද (05) බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
සිරිසේන සමාගමේ නාඩු හාල් 1 Kg ක් මේ වන විට වෙළදපොළ තුළ අළෙවි වන්නේ රු .95.00 කට බවත්,04 දෙනෙකුගෙන් යුතු පවුලකට එක් ආහාර වේලක් සකස් කර ගැනීම සදහා රු .680ක මුදලක් වැය වන බවද ඔහු සදහන් කළා.මාධ්‍ය සාකච්ඡාව සදහා හාල්,පොල් ,පොල් තෙල් ,පරිප්පු ,හාල් මැස්සන් ,මාලු ආදිය රැගෙනවිත් එහි මිල ගණන්ද මාධ්‍යට ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රේණුක දුශ්‍යන්ත පෙරේරා,මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් තියනවා.ඒක යට ගහන්න අද විවිධාකාර පුවත් මවමින් ඉන්නවා මේ රජය .
අද වෙළදපොලෙන් මම භාණ්ඩ වගයක් මිලදී ගත්තා.මේ තියෙන්නේ සිරිසේන සමාගමේ හාල්.මේ හාල් නාඩු කිලෝවක් රුපියල් 95.00 යි.පසුගිය කන්නයේ මේ ආණ්ඩුව ගොවියාගෙන් වී මිලදී ගත්තේ රු .20.00 ට.ඒ මිලදී ගත් සහල් අද වෙළදපොළේ අළෙවි කරන්නේ රු .95 ට.
සජිත් ප්‍රේමදාසට අමතක වෙලා ඇති ,එතුමාගේ පියා වේදිකාවට ආවේ 1977,පොල් ගෙඩිය සත 70 මිල අධිකයි කියලා.අද පම්පෝරි ගහන සජිත් ප්‍රේමදාසට අමතක වෙලා තාත්තා එදා සත 70, වැඩි කියපු පොල් ගෙඩිය ,අද එතුමා ඇමති ධූරය දරන රජය යටතේ බෑය රුපියල් 35.00 යි කියලා .එදා බෑය සත 35.00 කියලා කෑ ගැහුවා.රතු කැකුළු සහල් කිලෝව රු .97.යි . පරිප්පු කිලෝව රු .169 .00 යි .පොල් තෙල් කාලක් රු .70.00 යි .මේ වෙළදපොළේ අද ගාන. හාල් මැස්සන් රු .245 .00,මාළු කෙලවල්ලන් කියලා විකුණනවා අලගොඩුවා කියන මාළුවා.ග්‍රෑම් 250 ක් රු .160.00 යි .හැබැයි අපේ ධිවර ඇමති මාළු මිල ගැන කතා කරන්නේ නෑ.එයා කතා කරන්නේ වෙන වෙන දේවල් ගැන.
දැන් 04 දෙනෙක් ඉන්න පවුලකට එක වේලක් කන්න හාල් කිලෝවක් ගත්තොත් රු .90.00 යි .පොල් ගෙඩිය 70.00 යි .පොල් තෙල් කාල රු .70 යි ,මාළු ග්‍රෑම් 250 ට රු .160 යි .පරිප්පු ග්‍රෑම් 250 ට රු . 40 යි .හාල් මැස්සන් 245 . එතකොට මේ ටිකේ එකතුව එක වේලකට රු .682 යි .මේ ආහාර ටික සකස් කර ගන්න විදුලිය ඕන .ජලය ඕන .ඒවා ගණන් බලලා නෑ.දැන් 04 දෙනෙක් ඉන්න පවුලක දවසට වේල් දෙකක් කෑවොත් ,මාසයකට යනවා රු .40920 ක් .බැරිවෙලාවත් වේල් තුනම කෑවොත් 61380 ක් යනවා. එළවළු කන්නේ නැතුව.
ඒ අතරතුර බස් ගාස්තු .ගමන් වියදම් .රෙදි ටික හෝදගන්න සබන් ,දත් ටික මැදගන්න ඕන .ඒවා නැතුව කෑමට විතරක් මිනිස්සුන්ට මේ ගාණ යනවා .දරුවන්ට උගන්නන්න ඕන. පන්ති යවන්න ඕන.
කරුණාකරලා මේවා හෙට පත්තරේ දාන්න .මේ බඩු මිල .විශේෂයෙන්ම සිරිසේන සමාගමේ සහල් කිලෝවක් රු . 95 යි කියලා දන්න .එතකොට ජනාධිපතිතුමා මේක පත්තරෙන්වත් දැකලා මිනිස්සුන්ට සහනයක් දෙයි.සිරිසේන සමාගමේ සහල් අඩු කරන්න ආණ්ඩුවේ මැදිහත් වීමක් ඕන නෑ . රු .20 ට ගත්ත වී ,අද සහල් හැටියට රු .95 ට විකුණනවා . දැන් මේ ආණ්ඩුව ජනතාවට අපමණ අගයක් දෙන්න ඇවිල්ලා මේ දීපු අපමණ අගය හොදටම ඇති .මේ රජය මහා පුදුමාකාර විදියට නාස්තිකාර වියදම් කරලා තියෙනවා.අද සහල් වෙළදපොළ කඩා වැටිලා තියෙනවා .වී සත්තව ආහාර වලට වික්කා .බියර් සමාගම් වලට වික්කා .මේ සහල් හිගය එහි ප්‍රතිඵලයක්. මෙතන සිදුවුණේ සහල් මංකොල්ලයක් කියලා අපි පැහැදිලිව කියනවා.ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න ,
රට තුළ මේ වන විට අපරාධ රැල්ලක් මතු වෙලා.ආසන්නතම සිදුවීම තමා හොරණ පුද්ගලයෙකු මහා දවාලයේ ඝාතනය කිරීම.වැරදි කරන එවුන්ට නිතීය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මහ බැංකුව කියන මරමස්ථානය හොරා කාපු එවුන්ට නිතීය ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ හංදියේ තියන කඩය මංකොල්ල කෑවට කමක් නෑ කියලා, රටේ මිනිස්සුන්ට හිතෙනවා ඇති.
හිරුණිකා ඩිෆෙන්ඩර් කුමාරි තරුණයෙකු පැහැර ගෙන ගියාට පස්සේ නීතිය ක්‍රියාත්මක නොවුණාම තරුණයෝ හිතනවා ඇති, වැරදි කලත් අපිට නිතීය ක්‍රියාත්මක වෙන එකක් නෑ කියලා. අපි කුවේණියගේ ඉදලා මේ දක්වා කාන්තාවන් ගැන අහලා තියනවා.ඒත් මෙතෙක් කාලයකට අපි අසා නෑ තරුණයෙකු උස්සන් ගියපු ගැහැණියක ගැන කතාවක්. චම්පික රණවක සිදු කරපු බරපතල අනතුර සම්බන්ධයෙන් අදාළ තරුණයාට සාධාරණය ඉටු වුණේ නෑ.අද නිතීය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා මිනිස්සු හිතනවා අපි වැරදි කළාට කමක් නෑ මොකද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා.



