වෙබ් සයිට් එකක පොත්ත විදියට වැඩ කරන්නෙ html/css මේවත් එක්ක javascript භාවිත වෙනව (frontend js) බ්රව්සර් එක උඩදි වෙබ් සයිට් එකේ එක එක වෙනස්කම් කරන්න.
මුලින්ම පටන් ගන්න කෙනෙක් html/css/javascript කියන දේවල් ටික ඉගෙන ගන්න පටන් ගන්න. මේ කෝස් එක නොමිලයේ කරගන්න පුළුවන්.
https://www.edx.org/course/introduction-html-javascript-microsoft-dev211-1x-0
ඊට පස්සෙ සයිට් එකක තියෙනව බැක් එන්ඩ් එක. මේක ලියන්නෙ වෙනත් programming language එකකින්. ගොඩක්ම ප්රචලිත භාෂාව තමයි PHP. මම පෞද්ගලිකව පාවිච්චි කරන්නෙ Ruby & Go කියන භාෂා. මොකද මම පටන් ගත්තෙ desktop based programmer කෙනෙක් විදියට. පස්සෙ තමයි web පැත්තට ආවෙ. ඒක නිසා go වගේ functional එකක් භාවිත කරන එක මට ලේසියි.
මුලින්ම පටන් ගන්න කෙනෙක්ට Ruby/Go වගේ එකක් අමාරුයි කරන්න. මුලින්ම PHP වගේ භාෂාවක් ඉගෙන ගන්න. මෙතනින් හොද කෝස් එකක් ගන්න පුළුවන්
https://www.codecademy.com/learn/php
කෝඩ් ලියන්න මම පාවිච්චි කරන්නෙ Atom editor එක. මේකෙන් අපිට suggestion දෙන නිසා මුලින් පටන් ගන්න කෙනෙක්ට ඉගෙන ගන්නත්, developer කෙනෙක්ට වේගෙන් වැඩ කරගන්නත් පුළුවන්.
ඕනම වෙබ් සයිට් එකක ඉස්සරහ හදල තියෙන්නෙ html/css/javascript කියන තුනෙන් තමයි. මීට එහාට බ්රව්සර් වල දෙයක් සපෝට් කරන්නෙ නැහැ. නමුත් backend එකෙන් තමයි වෙබ් සයිට් එකක ඇප් එක දුවන්නෙ. ඒකට කලින් කියුව වගේ භාෂාවක් භාවිත කරන්න වෙනව. HTML/CSS වලින් backend එකක් ලියන්න බැහැ.